මටත් කවියක් ලියන්න – 7

මාසයක් ගෙවී යන විට ළදරු පාසැලත් එහි සිසු සිසුවියනුත් මට හොඳින් හුරු වී තිබිණි. ජාත්‍යන්තර ළදරු පාසැලක් නිසා සාරි ඇදීම අනවශ්‍ය නොවූයෙන් බොහෝ දිනවලට මා ඇන්දේ සැහැල්ලු කාර්යාලීය කලිසමක් හා අත් දිග බ්ලවුසයකි.
එහි සේවය කළ මගේ වයසට සම වයසේ සිටි ගුරුවරියන් තිදෙනා මා හා බොහෝ සේ මිතුරු වුවත් වැඩිහිටි වියේ සිටි ගුරුවරියන් දෙදෙනා නම් අමනාපකම් පෑහ. ඔවුන් අමනාපකම් පාන්නේ ඇයිදැයි වටහා ගත නොහැකිව මා අසර වුවත් මිතුරියන් මා අස්වැසුවේ එය ඔවුන්ගේ ස්වභාවය බව වටහා දෙමිනි.
“මොකද මන්දා තාත්ති.. දකින තැන මට රවනවා.. එදා මට ඇහෙන්න කියනවා, මහත්තයා ඇවිත් ඇරලලා ඇවිත් එක්කගෙන යන අය තමයි හොර මඟුල් තියාගන්න අය කියලා..”
අප දිනයේ දේවල් කතා කරන්නට වෙන් කරගෙන තිබූ හෝරාවේ මම නෙලුක හා පැවසුවෙමි.
“ඔය ගෑනුන්ට පිස්සු මැණිකේ.. ඔයා ඇහුණේ නෑ, දැක්කේ නෑ වගේ ගණන් නොගෙන ඉන්න..”
ඔහු පැවසුවේ ළය මධ්‍යයේ තිබූ මහිස සෙමෙන් පිරිමදිමිනි.
“අර මම ඔයාට කිව්වේ දෙව්මින් කියලා පොඩි කොල්ලෙක් ගැන.. අද එයාගේ තාත්තා ආවනේ ස්කූල් එකට.. බබා ගෙදර ගිහින් මං ගැනම කියවනවලු කියලා මාව බලන්න ආවලු..”
“ආ ඇත්ත ද..? ඉතින් බැලුවලු ද..?”
ඔහු මගේ පසුපසට පහරක් ගසමින් අසද්දී මම උස් හඬින් සිනාසුණෙමි.
“හ්ම්ම්.. බැලුවා මදිලු..”
“ඊට වැඩිය ළමයගේ අම්මව බලා ගන්න කියපං..”
ඔහු මගේ කණ් පෙත්තක් සපද්දී මා උස් හඬින් කෑ ගැසුවේ එය වේදනාත්මක වූ නිසාය.
‘පුතා.. දුව.. මොකද වුණේ..?”
අම්මාගේ හඬ පිටතින් ඇසෙද්දී අපි දෙදෙනා මුහුණෙන් මුහුණ බලා ගත්තෙමු. නෙලුක හිස ද කසද්දී මා සිනාව නවතා ගත්තේ ආයාසයෙනි.
“මේ නෙලුක මට ගහනවා අම්මේ…”
මා නෙලුකට දිව දික් කරමින් පැවසුවේ ඔහු ගැසූ පහරින් බේරෙන්නට ඉවතට පනිමිනි.
“මොකක්ද..?”
“බොරු අම්මා, මේ ඇඳ විට්ටමේ අත වැදිලා..”
“හ්ම්ම්.. කෑම කාලා ඉන්න ඇවිත්..”
“අපි කන්නම් අම්මේ.. ඔයා කන්න..”


නෙලුක, එක්වරම දෙපා දිගු කර මගේ බඳ වටා දමා, මා ඔහු අසළට ඇද ගත්තේය. මා යළි කෑ ගසන්නට පෙර මගේ මුව, අතින් ආවරණය කර ගත් ඔහු මගේ සිරුර මත දිගා වූයේ සම්පූර්ණ සිරුරේ බරම මා මත මුදා හරිමිනි.
“තාත්ති.. ඔයා බරයි..”
“හ්ම්ම්ම්..”
මගේ වදන් නෑසුණාක් මෙන් ඔහු මගේ මුහුණ මත සියුම් සිපුමන් තවරන්නට විය. මගේ දෙතොල් ඔහු සතු කර නොගෙන සෙමෙන් සෙමෙන් ගෙල දිගේ පහළට ගමන් කරන්නට වූයේ ඔහුගේ සිරුරේ බර මට අමතක කරවමිනි. ඇඳ සිටි, සැහැල්ලු කෙටි ගවුම මතින් දෙපා තෙක්ම දෙතොල් ගෙන ගිය ඔහු මගේ පාදයේ ඇඟිලි මුව තුළට රුවා ගත්තේය. ඒවා සෙමෙන් උරන්නට වෙද්දී මම ඇඳ මතම එහා මෙහා ඇඹරුණෙමි.
“නෙලූ..”
මගේ කෙඳිරිලි ගණනකට නොගත් ඔහු මොහොතකට පසු යලි දෙපා සිඹිමින් ගවුම ද ඉණ තෙක් හකුලුවන්නට විය. ඔහුගේ සිපුමන් දරා ගත නොහැකි වූ මා කොට්ටය සපා ගත්තෙමි. ඔහුගේ හිසකෙස් අතර දෑත් ගෙන යමින් ඔහුට, මගේ සිරුරේ රස තැන් ගවේෂණය කරන්නට තවත් රුකුල් දුන්නෙමි. ඔහුගේ දෑත් මගේ ළමැද පොඩි කරද්දී දෙතොල් තිබුණේ රස මදිරා උරා බොමිනි.
“පුතා.. පුතා… මේ කෑම නිවෙනවා ළමයි..”
මා සතුටේ උපරිමයේ ගිලී යන්නට ඔන්න මෙන්න තිබියදී නෙලුකගේ මව කෑ ගැසුවේ මා මෙන්ම නෙලුක ද තිගස්සවමිනි. ඔහු එක්වරම ඇඳ මත අසුන් ගත්තේ මා දැඩි අසහනයට ලක් කරමිනි.
“ගෙදරට ආවා වෙලාවේ ඉඳලා කාමරේ ඇතුළට වැදිලා ඉන්නේ නැතුව කාලා බීලා ඉන්න..”
මට අම්මා කෙරෙහි දැනුණේ නොරිස්සුමකි. නෙලුක කෙරෙහි ද කෝපයක් දැනුණේ මෙවන් හෝරාවක මගේ හැඟුමන් අවුස්සවා මා අතරමං කිරීම නිසාය.
“අපි එන්නම් අම්මා..”
නොරිස්සුමෙන් මෙන් පැවසූ නෙලුක ද සිය නළලත තදින් පිරිමැද ගනිමින් මොහොතක් ගත කළේ ඔහුගේ සිරුරට ද එම බාධාව ඔරොත්තු දී නොතිබූ නිසාය.
“ලෙට්ස් කන්ටිනියු..”
ඔහු යළි මගේ දෙපා සෙමෙන් ඈත් කරන්නට වුවත් මම හිස සලා නැඟී සිටියෙමි.
“ආයෙත් අම්මා කතා කළොත් එහෙම… යන්න ගිහින් කාලා ඉන්න..”
ඔහු සුසුමක් හෙලා ඇඳෙන් නැඟී සිට මා දෙසට අත දිගු කළේය.
“ඔයා කන්න.. මට බඩගිනියි නෑ..”
“අයියෝ මැණිකේ.. යමුකෝ කාලා ඉන්න.. සෙල්ලම් කරන්න එපා.. ගැස්ට්‍රයිටීස් හැදෙයි ඊ ළඟට..”
ඔහු තරමක කෝපවත් හඬකින් පවසද්දී මම දිගු හුස්මක් ගත්තෙමි.
“මම එන්නම්.. ඔයා යන්නකෝ..”
එවර ඔහු පිටතට ඇවිද යද්දී මා ඇඳ මත වැතිරුණේ තවමත් නිවී නැති සිරුර නිවා ගන්නට වෙර දරමිනි. නෙලුකගේ අම්මා කෙරෙහි මෙතුවක් නොමැති ආකාරයේ අමනාපයක් දැනුණේ ඇය අපේ ජිවිතවලට බාධා කරන බවක් දැනුණ නිසාය.
“අපි කෑවේ නැති නිසා වෙන්නැති.. නෙලුක ආවටම පස්සේ එළියට ගියෙත් නෑනේ.. පිස්සු නටනවෙන් අප්පා එයත්… කාම් ඩවුන් ශෙනායා.. කාම් ඩවුන්..”
මා සංසුන් වෙන්නට උත්සාහ කළේ එසේ මුමුණමිනි. අම්මා කෙරෙහි අමනාපය ද ඉවත දමා, නෙලුක කෙරෙහි ඇති වූ කෝපය ද ඉවත ලා ගත සංසුන් කර ගන්නට මට තවත් වේලාවක් ගත විණි. මා කාමරයෙන් පිටතට ගියේ නෙලුක කතා කරන හඬටය.

යළි හමුවෙමු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart