Month: May 2023

සඳට පෙම් බැඳ තරු අහුලා ගත් රත්නා පුෂ්පකුමාරි

තැඹිලිගස්මුල්ල ධීරානන්ද දහම් පාසැලේ හත් වෙනි වසරේ සිටි කුලෑටි කෙල්ල මහානාම හාමුදුරුවන්ගේ අවධානයට පාත්‍ර වූයේ ඇය කිසිම දිනෙක සමිතියට ඉදිරිපත් වී නොතිබුණ බැවිනි. ඉතාම හොඳින් පොතපතේ වැඩ කරන, අපූරු රචනා ශෛලියක් ඇති මේ කෙල්ල දවසක් හාමුදුරුවන් විසින් කැඳවනු ලැබුවාය. ඇය හාමුදුරුවන් හමුවට ගියේ බියේ ගැහෙමිනි. “අද හවස දහම් පාසැල් සමිතියේදී ඔය ළමයා කතාවක් කරන්න ඕන..” …

සඳට පෙම් බැඳ තරු අහුලා ගත් රත්නා පුෂ්පකුමාරි Read More »

මටත් කවියක් ලියන්න – 4

වසර විසි ගණනාවක්ම ජීවිතය ගෙවූ නිවසින් ඈත්ව වෙනස්ම පරිසරයක අලුත්ම නිවසකට ආ පසු සියල්ල දැනෙන්නේ නුහුරුවටය. එම නුහුරුව නිසාමදෝ මා අවදි වූයේ වෙනදාටත් වඩා වේලාසනිනි. ඒ වන විට ඔරලෝසුව මත වේලාව සටහන්ව තිබුණේ අලුයම 5 වශයෙනි. මගේ බඳ වටා එතුණු නෙලුකගේ දෑත් වළල්ලෙන් මිදීම ද පහසු නොවුණු තැන මම යළිත් දෑස් වසා ගතිමි. වෙනදා නිවසේදී …

මටත් කවියක් ලියන්න – 4 Read More »

මටත් කවියක් ලියන්න – 3

රතු පැහැති සාරියෙන් සැරසී සිටි මම නෙලුකගේ නිවසට යෑමට තිබෙන අතුරු පාර අද්දරදී මෝටර් රථයෙන් බිමට බැස්සෙමි. ඔහුගේ මිතුරන් එකතු වී ලබා දෙන වදය විඳ දරා නොගෙන නිවසට යන්නට ඉඩක් නොලැබෙන බව නෙලුක කල් තියාම මා දැනුවත් කර තිබිණි. මෙරූන් පැහැති කුර්තා ඇඳුමකින් සැරසී සිටි නෙලුක මගේ දකුණතේ ඔහුගේ සුරතේ පටලා ගනිමින් මෘදු සිනාවක් පෑවේය.“අඩෝ …

මටත් කවියක් ලියන්න – 3 Read More »

මටත් කවියක් ලියන්න – 2

යම් සුමුදු යමක් සිරුරු පුරා තැවරෙනු දැනෙද්දී මම එය ඉවතට තල්ලු කරමින් මුණින් අතට හැරුණෙමි. තද නින්දක සිටි මා අවදි වූයේ යමක් සිරුරේ තැවරෙනු දැනුණු නිසාය. මුණින් අතට හැරුණත් නිරුවත් පිට පුරාත් එය ගමන් කළේ සිරුරම කිති කවමිනි.“අයියෝ අම්මා… ”මා නොරිස්සුමෙන් කෑ ගැසුවේ අලුයම අවදි නොවුනු විට මා අවදි කරවන්නට ඇය මට වද දෙන නිසාය.“වද …

මටත් කවියක් ලියන්න – 2 Read More »

Shopping Cart