මටත් කවියක් ලියන්න – 2

යම් සුමුදු යමක් සිරුරු පුරා තැවරෙනු දැනෙද්දී මම එය ඉවතට තල්ලු කරමින් මුණින් අතට හැරුණෙමි. තද නින්දක සිටි මා අවදි වූයේ යමක් සිරුරේ තැවරෙනු දැනුණු නිසාය. මුණින් අතට හැරුණත් නිරුවත් පිට පුරාත් එය ගමන් කළේ සිරුරම කිති කවමිනි.
“අයියෝ අම්මා… ”
මා නොරිස්සුමෙන් කෑ ගැසුවේ අලුයම අවදි නොවුනු විට මා අවදි කරවන්නට ඇය මට වද දෙන නිසාය.
“වද නොදී යන්නකෝ අනේ.. මම ඇහැරෙන්නම් තව ටිකකින්..”
නිදිබර හඬින්ම මිමිණූ මම තිගැස්සී ගියේ ගෙල මුලට දැනුණු දසන් පහරක් නිසාය. නින්ද අමතක කරමින් මම වේගයෙන් සයනය මත අසුන් ගත්තෙමි. මා සිටින්නේ නිවස නොවන වගත් පෙර දින මා විවාහ වී මධුසමය ගත කිරීමට පැමිණි බවත් සිහිපත් වූයේ සිනාසෙමින් සිටින නෙලුකත්, හෝටල් කාමරයත් ඇසට අසු වූ විටය.
“අම්මා නෙමෙයි තාත්තා… පුදුම නින්දක්නේ මේක..”


නෙලුක නොරිස්සුම් සහගත වතක් මවාගෙන මිමිණුවේ මගේ සවන් පතක් දෑගිලිවලින් අල්ලා රිදවමිනි. ඔහු දෙස යටැසින් බැලූ මම දෙනෙත් පිස දා ගතිමි.
“අටයි වෙලාව.. යනවා දුවලා ගිහින් වොෂ් දාගෙන එනවා..”
මුව ඇද කළ මම සයනයෙන් බැස්සේ තවමත් නිදිබර වත දෝතින්ම පිසදා ගනිමිනි.
“ශෙනා බේබි.. වොෂ් දාලා මේක අඳින්න..”
දෙනෙත් කුඩා කරමින් ඔහු අතට දුන් බෑගය අදිමින් මම යමක් විමසන්නට ගියත් දෙතොල් හරහා නැවතුණු ඔහුගේ අතැඟිල්ල මට බාදා කළේය.
“ෂ් ෂ්.. නෝ ක්වෙෂන්ස්.. ඩූ වට් අයි සේ..” ප්‍රශ්න බෑ.. කිව්ව දේ කරන්න..”
රහස් ස්වරයෙන් ඔහු මුමුණද්දී මම හිස ගස්සාගෙන නාන කාමරයට පැමිණියෙමි.
ඇඟ පත fදාවා ගත් මම ඔහු ලබා දුන් ඇඳුම පරීක්ෂා කරන්නට වූයේ කුතුහලයෙනි.
එහි වූයේ කහ හා නිල් පැහැති වූල් වලින් ගොතන ලද කෙටි ගවුමකි. මම ගවුම ගතලා ගතිමි. ගෙල වටා ගැට ගසන ලද පටියකින් හා පිට හරහා ගිය සිහින් පටියකින් පමණක් උඩුකය වැස්ම ගතේ රැඳුණු අතර පිට තිබුණේ සම්පූර්ණයෙන්ම නිරාවරිතවය. ගවුම් සාය ඉතා කෙටි වූයෙන් ඉන් කලවාවලින් අඩකටත් වඩා නිරාවරණය විය.
මගේ රුව දෙසම බලාගෙන සිනාවක් පෑ මම තෙතැති හිසකෙස් ගසා දැමුවෙමි.
නාන කාමරයෙන් පිටතට එද්දී කෙටි කලිසමකින් හා ස්කිනි වර්ගයේ ටීෂර්ටයකින් සැරසී සිටි නෙලුකගේ දෙනෙත් විසල් විය.
“වාව්.. සෝ සෙක්සි..”
ඔහු මා රත් පැහැ ගන්වමින් මිමිණුවේ ය.
“එන්න.. මම ටී හැදුවා..”
මගේ බඳ වටා අත යවා නිරුවත් බඳ සෙමෙන් පිරිමදිමින් ඔහු මා සදළුතලයට කැඳවාගෙන ගියේය. එහි අසුනකට බර දුන්නේ මාව ද කලවා මත අසුන් ගන්වා ගනිමිනි. නුවරඑලියට නොගැලපෙන අන්දමේ ඇඳුමකින් සැරසී සිටි මගේ ගත සීතලට කිලිපොලා ගියේය.
“සීතලයි නේ…? ඇතුළට යමු ද..?”
“කමක් නෑ තාත්ති … අපි මෙහෙම ඉමු..”
එම සීතල ගතට සනීපයක් ගෙන ආවෙන් මම මිමිණුවේ ඈත පෙනෙන කඳු වැටිත් ග්‍රෙගරි වැවත් දෙස බලාගෙනය. මගේ ආමන්ත්‍රණය ඇසුණු ඔහු සැණින් මාව එදෙසට හරවා ගත්තේය.
“මොකක්ද කිව්වේ..?”
“ඇහුණේ නෑ..?”
මම දඟකාරී හඬින් අසද්දී ඔහු දෙනෙත් කුඩා කර රවා බැලුවේය.
“කමක් නෑ තාත්ති ..”
‘තාත්තා’ යන්න වඩාත් බර කරමින් මිමිණූ මම තේ කෝප්පය අතට ගත්තෙමි. උදෑසනම ඔහු ‘මම අම්මා නෙමෙයි තාත්තා’ යන්න සිහිපත් කරමින් එලෙස ආමන්ත්‍රණය කළත් නෙලුකගේ දෙනෙත්වල තිබුණේ අමුතුම හැඟීමකි.
“එහෙමම කතා කරන්න අයියේ අයියේ නොගා.. මම කැමැතියි..”


ඔහු මගේ බඳ වටා අත යවාගෙන මෙතෙක් පුටු ඇන්ද මත දමා තිබූ බෙඩ් ෂීටය අපේ දෙපා වැසෙන සේ දමා ගත්තේය. මම එසැණින් ඔහු දෙසට හැරුණේ පුදුමයෙනි.
‘තාත්තා..’
අම්මාගේ දික්කසායෙන් පසු මාත් මල්ලීත් අයිති වූයේ අම්මා නිසා අපිට තාත්තා නුහුරු විය. ‘තාත්තා’ යනුවෙන් ඇමතූ අවස්ථා ද තිබුණේ ඉතා අල්පයකි. මගේ ආදරණීය සැමියා එම ආමන්ත්‍රණයට බොහෝ සේ කැමැති වීම සමඟින් මට දැනුණේ විසල් සතුටකි.
“ඇත්තටම ද..?”
“හ්ම්ම. .ඔව් මැණිකේ.. ඇත්තටමයි..”
තේ කෝප්පය නොසැලෙන්නට අල්ලා ගත් ඔහු මගේ දෙතොල් මොහොතක් සිප ගත්තේය.
“තේ එක බීලා ඉන්න නිමෙනවා..”
ඔහුගේ තේ කෝප්පය ද අතට ගෙන එය තොල ගාන්නට වූයේ මදෙස බලාගෙනමය. එම බැල්ම දරා ගත නොහැකි වූ මා තේ එක අවසන් කොට යලි ග්‍රෙගරි වැව වෙතට බැල්මක් හෙලුවෙමි. සීතලම සීතල සුළං නිසා මා ළමැදි හරහා දෑත් බැඳ ගතිමි. මොහොතකට පසු නෙලුක තේ කෝප්පය පසෙකින් තබා බෙඩ් ෂීටය මා සම්පූර්ණයෙන් වැසෙන සේ පොරවාගෙන මා තදින් තුරුල් කර ගත්තේය.
“ඊයේ තරහා වුණා නේද මාත් එක්ක රොමෑන්ටික් නයිට් එකක් නෑ කියලා..”
මගේ ගෙල සිප ගනිමින් අසද්දී මුව ඇද කර නිහඬව සිටියේ එය සිහිපත් වීම මගේ කෝපය අවුස්සන්නක් නිසාය.
“බඩගිනියි ද..?”
මගේ නිහැඬියාව හමුවේ ඔහු අසන්නට වූයේ මගේ පිට මත සිපුම් තබමිනි. මම කිතියෙන් ඇඹරී ගියෙමි.
“ම්හ්ම්…”
මා කෙඳිරුවේ, ඔහුගේ පහසට ආශක්ත වෙමිනි.
“ෂුවර් නේද..?”
ඔහු මිමිණිල්ල අතරේ ඇඳුමේ පිට හරහා ගැට ගසා තිබූ ගැටය ඔහුගේ දෙතොලින්ම ලිහා දැමුවේය.
“දන්නවද ශෙනා බේබි…”
ඔහු මිමිණුවේ මා, දෑතින්ම ඔහුගේ ළයට තෙරපා ගනිමිනි.
“ඊයේ ඔයයි මායි දෙන්නම ගොඩක් ටයර්ඩ් වෙලා හිටියේ.. මටත් වඩා ඔයා.. රෑම නින්දකුත් නැතුව පාන්දර එකේ ඉඳන් ලෑස්ති වෙලා බර ඇඳුම් ඇඳගෙන ඉඳලා.. ඉතින් මහන්සියෙන් ඉද්දී රොමෑන්ටික් නයිට් එකක් ගෙවන්න බෑනේ.. අන්න ඒ නිසයි මම නයිට් එක මෝනින්ග් කළේ.. මොකද වෙඩින් දවසේ නයිට් එකම හනිමූන් නයිට් එක වෙන්න ඕනේ නෑනේ.. කලින්ම හනිමූන් ගිය එකේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් විදියට පටන් ගන්න දවස වෙනස් ලස්සනම දවසක් වෙන්න ඕනේ නේද…?”
ඔහු සිය රැවුල් කොට මගේ උරහිසේ අතුල්ලමින් වරින් වර උරහිස සිප ගනිමින් මෘදු ස්වරයෙන් කියාගෙන ගියේය. පෙරදින රාත්‍රියේ ඔහුගේ වදන් නිවැරදිව වටහා නොගැනීම ගැන මට මා කෙරෙහිම ඇති වූයේ කෝපයකි. එම කෝපය පිට වූයේ කඳුලු ලෙසිනි.
“අනේ තාත්ති.. මට සමාවෙන්න.. මම ඔයා ගැන වැරදියට හිතුවා..”
ඔහුගේ පසට හැරුණු මා ගෙල බදාගෙන මුළු මුහුණම සිප ගත්තේ හඬා වැටෙමිනි.
“ඉට්ස් ඕකේ මැණික.. අපි රොමෑන්ටික් මෝනින් එකක් ට්‍රයි කරමු..”
මගේ කඳුලැලි පිසදා හිස, නළලත හා කොපුල් සිපගත් ඔහු මා දෝතට ඔසවා ගත්තේය. කාමරයට පිවිස සෙමන් මා ඇඳ මත හිඳ වූ ඔහු මේසය මත තිබූ වයින් බෝතලයක් හා මල් පොකුරක් ද ගෙන පැමිණියේ ය. එම මල් පොකුරවත් වයින් බෝතලයවත් මා මෙතෙක් වේලා නොදුටුවේ ඇයිදැයි මම කල්පනා කළෙමි.
“හැපී වෙඩඩ් ලයිෆ් ටූ අස්..”
ඔහු මල් පොකුර fදාතින්ම මට දිගු කළේ මගේ මුවඟ සිනාවක් මතු කරමිනි.
“තැන්ක් යූ හස්බන්ඩ්..”
සුදු පැහැ රෝස මල් පොකුර දෝතින්ම ළයට තෙරපා ගනිමින් මම මුව පුරා සිනාසුණෙමි.
“වයිෆ් හනිමූන් එක පටන් ගමු ද..?”
ඇසක් ද ඉඟිමරමින් පැවසූ ඔහු එක් වයින් වීදුරුවකට වයින් පුරවා ගත්තේ මා එදෙස නිහඬව බලා සිටියදීය. නැවුම් මල් පොකුරෙන් නිකුත් වූ සුවඳ මා විඳ ගත්තේ වරින් වර මල් සිප ගනිමිනි. මගේ අතින් මල් පොකුර මුදවාලූ ඔහු ඉන් එක් මලක් පමණක් අතට ගත්තේය. මගේ කුතුහලය මුසු බැල්ම මඟ හරිමින් ඔහු එම මල මගේ මුහුණ මත මෘදුව ස්පර්ශ කළේය. නින්දේ සිටියදී මා අවදි වූයේ ද මලක ස්පර්ශයට බව මට වැටහිණි.
මගේ දෙනෙත් පියව ගියේ මෘදු මල් පෙති මගේ මුහුණ පුරාවට සෙමෙන් ගමන් කරද්දීය. මල් පෙතිවල පහස නොදැනෙද්දී මම සෙමෙන් දෙනෙත් විවර කළෙමි. නෙලුක එක්වරම මගේ අබියස අසුන් ගනිමින් ඔහුගේ දෙතොල් අතර මගේ දෙතොල් සිර කර ගත්තේය. ඔහු මුවින් වයින් මගේ මුවට හුවමාරු වූයේ කවදාවත් විඳ නොමැති වයින් රසයක් දිවඟට ලබා දෙමිනි. රසවත් වයින් උගුරු කිහිපයක්ම ඔහුගේ මුවින් මගේ මුවට එක් වූයේ සිරුරම හිරි වට්ටවමිනි. නිරුවත් පිට පුරා ඔහුගේ රළු දෑගිලිවලින් රටා ඇදිණි. එක්වරම මා යහන මත මුණින් අතට හැරවූ ඔහු රෝස මල මගේ නිරුවත් පිට පුරා ගෙන යන්නට විය.


“තාත්ති.. ඉනෆ්..”
එම පහස විඳ දරා ගත නුහුණු මා ඇඹරෙමින් මිමිණුවෙමි.
“තවම පටන් ගත්තා විතරයි මැණිකේ..”
ඔහු මගේ පිට පුරාවට වයින් වත් කර ඒවා සිය දෙතොලින් උරා ගන්නට විය. ඔහුගේ එක් අතක් මගේ කලවා අතර දඟ කරන්නට විය.
“නෙලුක…”
මම උගුර යටින් මිමිණුවෙමි.
ගෙල වටා රැඳුණු පටියෙන් මෙතෙක් සිරුරේ තිබූ උඩුකය වැස්ම ඔහු ඉවතට ඇද දැමුවේය.
මා උඩු අතට හරවා ගත් ඔහු තවත් වයින් උගුරු කිහිපයක්ම මට පෙව්වේ ඇඟිලිතුඩුවලින් තිසරුන් තෙරපා දමමිනි. මම දෙපා එකිනෙක තෙරපා ගනිමින් ඔහුගේ බාහු දැඩිව අල්ලා ගතිමි.
“මොකෝ මැණිකේ..”
ඔහු නොසන්ඩාල සිනාවක් ද සමඟින් විමසුවේ වරින් වර විවර වෙන මගේ නෙත් අතර නෙත් සිර කර ගනිමිනි.
“ආදරෙයි…”
මගේ මිමිණුමත් සමඟ හිස් වූ වයින් වීදුරුව බිමින් තබමින් ඔහු මගේ කෙටි සාය ද ගලවා ඉවතට විසි කර දැමුවේය. මොහොතක් මගේ සිරුර දෙස බලා සිටි ඔහු මුළු සිරුරම සිප ගත්තේ මගේ හැඟුම් දෝරේ යවමිනි.
සිය ඇඟලුම්වලින් නිදහස් වූ නෙලුකගේ නිරුවත් ගත දෙස මම නිදහසේ බලා සිටියෙමි. සෙමෙන් යහන මතට නැඟුණු ඔහු, මා ඔහුගේ සිරුරට යට කර ගත්තේ දෙතොල් යළි යළිත් සිප ගනිමිනි.
සැමියා හා බිරිඳ ලෙසින් අපි එකිනෙකා බැඳී යද්දී වරෙක ඔහුගේ සිරුර මත මා ද, මාගේ සිරුර මත ඔහු ද ආධිපත්‍ය පැතිරවූයේ එකිනෙකාට නොදෙවෙනිව ය.
“ආදරෙයි මැණික…”
බොහෝ වේලාවකට පසු , මගේ ළය මත මුහුණ හොවා ගනිමින් ඔහු මිමිණුවේ වේගවත් වූ හද ගැස්ම විඳ ගනිමිනි.

යළි හමුවෙමු.

1 thought on “මටත් කවියක් ලියන්න – 2”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart