සිත් අහසට නුඹ ඇවිදින් – 29

කාර්යාලයේ කටයුතු සහ ශෙනුල්ගේ ආදරය මැද කාලය ගෙවී යමින් තිබිණි. එදින ද සුපුරුදු පරිදි මා කාර්යාලයට පැමිණියේ ඔහුගේ මෝටර් රථයෙනි.“මිස් සිතුලි….” කාර්යාලයීය කටයුතු අතර සිටියදී ඇමතුමක් ලැබුණේ මගේ කාර්යාලයීය දුරකතන අංකයටය.“ඔව් කතා කරනවා….”අනෙක් පසින් ඇසුණු වදන් මා දරාගනිමින් සිටියේ අසීරුවෙනි. එහා පසින් දුරකතනය තබනු ඇසෙද්දීත් මා සිටියේ වෙව්ලන ඇඟිලිවලින් දුරකතනය සවනට ළං කරගෙනය. විනාඩියක පමණ …

සිත් අහසට නුඹ ඇවිදින් – 29 Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – 28

“ගාල්ල, උණවටුන පැත්තෙ ගිහින් එමුද….?”“හා….”“අම්මෝ මෙයාටත් බීච් කිව්වොත් සිහියක් නෑ…. නුවර කෙල්ලො ඉතින් මුහුද දැකල නෑනෙ….”“නුවර මුහුද නැති වුණාට අනිත් පැතිවලට වඩා ලස්සනයි හරිද…. අනික ඔයත් දැන් කොළඹ හිටියට ඉපදුණේ නුවරනෙ….”“අම්මෝ හරි හරි…. ඔයත් එක්ක කතා කරල මට දිනන්න බෑනෙ ඉතින්….”“ඒත් උණවටුනෙ ගිහින් මූදෙ නාන්නවත් අපි ඇඳුම් ගෙනාවෙ නෑනෙ….”“ඒව හරි…. ඔයාට නිවාඩු දාන්න පුළුවන් නම් …

සිත් අහසට නුඹ ඇවිදින් – 28 Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – 27

ඇඳුම්, සුවඳ විලවුන්, අත් බෑග්, සෙරෙප්පු ආදිය ඒ ලැබුණු ත්‍යාග අතර විය. මා අවසන බැලුවේ ශෙනුල්ගේ අතෙහි වූ කුඩා පෙට්ටිය දෙසය. ඔහු කළේ මා දෙස බලා සිනා සී එහි දවටනය ඉවත් කර විවෘත කිරීමය. අනතුරුව ඔහු ගත්තේ එහි වූ රන් මුදුවකි.“ඇයි මේ….” මා විමසුවේ ඔහු මගේ වමත ගෙන එහි වෙදැඟිල්ලේ වූ මංගල මුදුව ගලවද්දීය.“මම මේක …

සිත් අහසට නුඹ ඇවිදින් – 27 Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – 26

තවත් දෙසතියක කාලයක් ගෙවී ගියේ මා ශෙනුල්ට තව තවත් සමීප කරවමිනි. ඒ වන විට ඔහුගේ තුරුලේ නිදන්නට ඔහු ඇසුරේ ගැවසෙන්නට මා හුරුවී තිබිණි. වන්දනා හා ඔහු සම්බන්ධයෙන් දැන සිටි අය කාර්යාලයේ දී කුමන දේ කීවත් ඒවායින් සිත නොරිද්දාගෙන සිටින්නට ද මම හුරු වී සිටියෙමි. වන්දනා හා ඔහු අතර වූ සම්බන්ධය නවතින්නට හේතුව කුමක් වුවත් ඒ …

සිත් අහසට නුඹ ඇවිදින් – 26 Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – 25

“මේ මොකද දෝනි මේ…. මොකකට හරි බය වුණාද ඔයා…. දාඩියත් දාලා….”“නැහැ අම්මා මේ ශෙනුල්….”  “ඇයි එයා මොකද…. රණ්ඩු වුණාද දෙන්නා….”“නෑ නෑ මේ…. දෙන්නකො අම්මා මම ඔය ටික කපන්නම්….” මා කීවේ මව උයන්නට සූදානම් කරමින් සිටි බෝංචි ටික ගනිමිනි.“මට පුළුවන් දෝනි…. ඔයා උඩට වෙලා ඉන්න….”“එහෙම ඉන්න කම්මැලියි අප්පා….”“කම්මැලි මොකද පුතාත් ඉන්නවනෙ….”“එයා මොකක්ද වැඩක් අම්මා….”“ඉන්නකො දෝණි…. මං …

සිත් අහසට නුඹ ඇවිදින් – 25 Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – 24

“ඇයි දෝණි මේ එළියට වෙලා…. පුතා ආයෙමත් කොහෙද ගියේ…” ගේට්ටුව අසලම මද වේලාවක් රැඳී සිටි මා තිගැස්සුණේ ශෙනුල්ගේ පියා පැමිණ විමසද්දීය.“ක්ලයන්ට් කෙනෙක් හම්බවෙන්න තියෙනවා කිව්වා තාත්තා….” මුහුණට ආයාසයෙන් සිනහවක් නංවා ගනිමින් කී මම නිවස දෙසට ඇවිද ආවෙමි. ඇඟ සෝදාගෙන සැහැල්ලු ඇඳුමකට මාරු වුවද සිතට සැහැල්ලුවක් වූයේ නැත.“දෝනි ඇයි මේ කාමරේටම වෙලා…. මම තේ එකත් හදාගෙන …

සිත් අහසට නුඹ ඇවිදින් – 24 Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – 23

“ආනේ සිතූ…. ඔයා අපිටත් හොරෙන් මැරි කළා නේද….?”කාර්යාලයට ගිය සැනින් බොහෝ දෙනෙක් මා වටකරගෙන සුබ පතද්දී මා කළේ මවා ගත් සිනහවකින් ඒ සුබ පැතුම් පිළිගැනීමය.“ආ මේ ඇවිත් තියෙන්නේ…. අපිත් දන්න කෙනෙක්වනෙ මෙයා මැරි කරල තියෙන්නේ….?”වන්දනා හා ශෙනුල්ගේ සම්බන්ධය දැන සිටි කිහිප දෙනෙක්ම එතැනට එක්වූයේ එසේ කියමිනි.“කියල වැඩක් නෑ ධම්මි…. පවු අර අහිංසකී යාළුවා කියල විශ්වාස …

සිත් අහසට නුඹ ඇවිදින් – 23 Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – 22

“හොරෙන් හොරෙන් අර ෆොටෝ එක දිහා බැලුවෙ මොකද….?” මන්දිතා ඉදිරියේ දී නැගිය නොහැකි වූ පැනය මා ඔහුට යොමු කළේ ආපසු නිවස බලා එමින් සිටියදීය.“මොන….?”“ඇයි අර මමයි, මන්දිතයි, වන්දනයි හිටපු එක….”“ආ ඒකෙ එයත් හිටියද….? මම නම් දැක්කෙ ඔයාව විතරයි…. අනිත් දෙන්න කවුද කියල බැලුවෙ නෑ….” ඔහු කීවේ සමච්චලය මුසු සිනාවක් ද පාමිනි.“අනේ නිකං බොරු කියන්න එපා…. …

සිත් අහසට නුඹ ඇවිදින් – 22 Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – 21 ‍

නැගනිය පවසන්නාක් මෙන් ඔහු කොතරම් ආදරණීයදැයි සිතෙද්දී සිතුණේ එලෙසින්ම අනෙක් පස හැරී ඒ ලය මත මුහුණ හොවාගන්නටය. “තැන්ක් යූ….” සිතැඟි සඟවා ගනිමින් එසේ කී මා නාන කාමරය වෙත පියනැගුවේ ඔහු මුවෙහි මදහසක් ද සමඟින් මදෙස බලා සිටියදීය. ඔහු ද ඇඟ සෝදාගෙන පැමිණීමෙන් පසු ගොස් රාත්‍රී ආහාරය ද ගත් අප ඉක්මනින් පැමිණ නින්දට වැටුණේ ඒ වන …

සිත් අහසට නුඹ ඇවිදින් – 21 ‍ Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – 20

“අදත් ඉඳල යන්නකො දෝණි….” අම්මා ඇවටිලි කරන්නේ අප ආපසු යන්නට සූදානම් වූ වේලේ සිටය.“හෙට ඉඳන් සිතූ ඔෆිස් යන්නත් ඕනෙලුනෙ අම්මේ…. අපි පස්සෙ වෙලාවක ආයෙත් එන්නම්කො දවස් දෙක තුනක් ඉඳල යන්නම….”“ආව එකේ නැන්දලගෙ ගෙදරත් ගියා නම් තමයි හොඳ….” ඒ හඬ අප්පච්චිගේය.“දැන් වෙලාවක් නෑ අප්පච්චී…. පස්සෙ වෙලාවක එන්නම් එහෙ යන්නත් එක්කම….” ශෙනුල් එසේ කියන්නට ඇත්තේ මා නැන්දා …

සිත් අහසට නුඹ ඇවිදින් – 20 Read More »

Shopping Cart