සතුන්ටත් මිනිසාට සේම දුක ඉරිසියාව වැනි හැඟීම් දැනෙන බව පෙන්වා දෙන හස්ති වර්ණ

ස්තූතියි මේ අදහස්වලට දීප්ති ඉත්තෑපාන මහත්මිය

දරුවන්ට තම තමන්ට වුවමනා මග තෝරා ගැනීමට ඉඩ දීම නුවණක්කාර ක්‍රියාවකි . එවිට දරුවන් හිත සතුටින් ඔවුන්ගේ වෘත්තියේ නියැලෙනවා සේම ඔවුන්ගේ සතුට ඉදිරියේ මාපියන්ද තුටිනි .

ඇත්තටම සතුන්ටත් මිනිසාට සේම දුක ඉරිසියාව වැනි හැඟීම් දැනෙන බව පෙන්වා දෙන

💚 නීති විරෝධී වැඩ කරනා මිනිසුන් අතරත් හද උණු වන මිනිසුන්ද ඉන්නා වග පෙන්වා දෙන

💚 මොළය පාවිච්චි කර තැනට සුදුසු ලෙස වචන හසුරුවනවා නම් ඕනෑම ලොකු ලොක්කෙක් මෙල්ල කර ගත හැකි බව පෙන්වා දෙන

💚 තිරිසන් සතුනට මිනිසාට වඩා කළගුණ සැලකීමේ ගුණය තිබෙනා වග අපට පෙන්වා දෙන

💚 “කැලේ නිකං අපිට ඕන විදිහට වෙනස් කරන්න ගියොත් පරිසරයේ සමතුලිතකම බිඳිලා යයි . මිනිස්සු කියලා අපිට සොබා දහම වෙනස් කරන්න බැහැ . සොබා දහමට ඕනි විදිහටයි අපි ජීවත් වෙන්න ඕනෙ” (පිටු අංක 233

💚 මොලේ පාවිච්චි කර තැනට සුදුසු ලෙස වචන හසුරනවා නම් ඕනෑම ලොකු ලොක්කෙක් මෙල්ල කර ගත හැකි බව පෙන්වා දෙන

🧡 මහජනයාට සේවය කිරීමටයි කියා ඉදිරිපත් වුවත් ඇතුළතින් ගෙන යන්නේ වෙනමම දෙයකි . කකුළුවා ඇදේට යන විට උගේ පැටවුනුත් යන්නේ ඇදේටමය . තියෙනා දෙය රැකගන්නවා විනා මෙවන් අයට උවමනා කරන්නේම අයථා මාර්ගවලින් මුදල් හරි හම්බ කිරීමයි . නමුත් අප සැවොම අමතක කරනා දෙයක් තමයි වැරැද්දක් (විශේෂයෙන්ම දැන දැන කරන වැරැද්දක්) කලොත් දඬුවමත් ඒ පසුපසම හඹා එන බව . ඒ බැව් මෙහිදී හොඳ හැටි පෙන්නුම් කරයි

🧡 තම ආදරණීයන් ජීවත් කිරීමට ඕනෑම දෙයක් කිරීමට ඉදිරිපත් වූ පටන් ගැන්මේදී ජීවිකාව වෙනුවෙන් කුමක් කලද ස්වඋත්සාහයෙන් තමන්ගේ මග එළි කරගත් අනීවාරතේ මිනිස් ජීවිතයකට කරදරයක් හිරිහැරයක් වෙනවාට අකමැති තමන්ගේ ජීවිතේ ගැනවත් නොසිතා තම ප්‍රේමියගේ දිවි සුරකින ඇගේ ආසාවන් ඉටු කිරීමට ඕනෑම දෙයක් කිරීමට දෙවරක් නොසිතන ඔහු

🧡 මුළු ජීවිතේම සද්දන්තයන්ට ප්‍රේම කරමින් කල් ගෙවූ අසාධාරණය දුටුවිට තනිවම හෝ නැගී සිටිනා අසරණ වූ දිවි සුරැකීමට ඕනෑම බලවේගයකට එරෙහිව නැගී සිටීමට දෙවරක් නොසිතන නොසිතූ මොහොතක නොසිතූ අයකුට හදවතම දන් දුන් ඇයඉතින් බලන්න කියවා තිරිසන් සතුන්ද මිනිසත් සතුන්ද වඩා හොඳ කියා .

කියවමු pawana creations ප්‍රකාශනයක් වන Pawani Umayangana ගේ ‘ හස්ති වර්ණ ‘ https://pawanacreations.com/product/hasthi-warna-%e0%b7%84%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%92-%e0%b7%80%e0%b6%bb%e0%b7%8a%e0%b6%ab/ 🌹🌹🌹🌹කියවන සැමට පාඩම්‍ රැසක් කියාදෙන අපූරුම කතාවක් . ජයෙන් ජයම වේවා !! ඔබේ ඉදිරි ලේඛන දිවිය සාර්ථකම වේවා !!

1 thought on “සතුන්ටත් මිනිසාට සේම දුක ඉරිසියාව වැනි හැඟීම් දැනෙන බව පෙන්වා දෙන හස්ති වර්ණ”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart