Features

Amritha by Nishani Illangakoon

“අම්රිතා, මම ඔයාට ආදරේ නොකලා නම් මං බලහත්කාරයෙන් ඔයාව මගේ ළඟ තියා ගන්නවා. ඒ උනාට ආදරේදී මට එහෙම කරන්න බෑ.. මගේ ආසාවට ඔයාව බලෙන් තියා ගන්නවා නම් ඒක ආදරේ නෙමෙයි. මගේ ළඟ ඔයාට දෙන්න සතුටක් නැත්නම් ඔයාව මම නිදහස් කරනවා. ඒත් අන්තිම මොහොත වෙනක්ම ඔයාගේ හිත වෙනස් කරන්න මම උත්සාහ කරනවා.. මම ඒ තරමටම ඔයාට …

Amritha by Nishani Illangakoon Read More »

සතුන්ටත් මිනිසාට සේම දුක ඉරිසියාව වැනි හැඟීම් දැනෙන බව පෙන්වා දෙන හස්ති වර්ණ

ස්තූතියි මේ අදහස්වලට දීප්ති ඉත්තෑපාන මහත්මිය දරුවන්ට තම තමන්ට වුවමනා මග තෝරා ගැනීමට ඉඩ දීම නුවණක්කාර ක්‍රියාවකි . එවිට දරුවන් හිත සතුටින් ඔවුන්ගේ වෘත්තියේ නියැලෙනවා සේම ඔවුන්ගේ සතුට ඉදිරියේ මාපියන්ද තුටිනි . ඇත්තටම සතුන්ටත් මිනිසාට සේම දුක ඉරිසියාව වැනි හැඟීම් දැනෙන බව පෙන්වා දෙන නීති විරෝධී වැඩ කරනා මිනිසුන් අතරත් හද උණු වන මිනිසුන්ද ඉන්නා …

සතුන්ටත් මිනිසාට සේම දුක ඉරිසියාව වැනි හැඟීම් දැනෙන බව පෙන්වා දෙන හස්ති වර්ණ Read More »

මටත් කවියක් ලියන්න – 13

වෛද්‍යවරයාගේ කාමරයෙන් පිටතට පැමිණි නෙලුක, ඖෂධහල අසළ පුටුවකට බර දෙන විට මම ඖෂධ මිලට ගැනීමට ගියෙමි.නෙලුක දියවැඩියාවෙන් හා අධි රුධිර පීඩනයෙන් පීඩා විඳිමින සිටියෙන් වෛද්‍යවරයා ඔහුට ඖෂධ නියම කළේ ආහාර ද පාලනය කරන්නට උපදෙස් ලබා දෙමිනි. තෙදිනක්ම, නෙලුක මා හා ඒකාත්මික වීමට උත්සාහ කළත් ඔහුගේ සිරුරේ ඇති වූ දුර්වලතාවය එලෙසින්ම පැවතිණි. ඔහු බොහෝ සේ නොසන්සුන් …

මටත් කවියක් ලියන්න – 13 Read More »

මටත් කවියක් ලියන්න – 12

සිතූ පැතූ ජීවිතය නොසිතූ අතකට හැරෙද්දී මම කෙමෙන් ඊට අනුගත වීමට උත්සාහ කළෙමි. සිත් පීඩාව නිසාම නෙලුකගේ නව ව්‍යාපාරය සම්බන්ධයෙන් අම්මා හා මල්ලී දැනුවත් කළ විට ඔවුන්ගෙන් ද ලැබුණේ මගේ සිත රිදවන වදන්මය.“මගේ දුවව මම දුන්නේ කඩලකාරයෙකු නෙමෙයි.. මැනේජර් කෙනෙකුට.. මොකක්ද දැන් මේ කරන විකාරේ.. නෙලුකගේ අම්මාගෙත් ලොකුව නම් තියෙනවා..”අම්මා නොනවත්වා බැණ වැදුණේ මල්ලී ද …

මටත් කවියක් ලියන්න – 12 Read More »

ඉන්දියාවෙන් සම්මාන ලද ලංකාවේ යකඩ ගැහැනිය අනුල ද සිල්වා

නිවන් සුව ලැබේවා මහත්මියනි සිය පුංචි, සියුමැලි සිරුරට ඔරොත්තු නොදෙන තරමේ දැවැන්ත අභියෝගයන්ට මුහුණ දී ජය ගන්නා ගැහැනියක යකඩ ගැහැනිය ලෙස හැඳින්වීම ඇයට සම්මානයක් මිස කිසිසේත්ම අවමානයක්නම් නොවන්නේය. ඇය අපට ඔප්පු කර පෙන්වන්නේ ගැහැනියකගේ ආත්ම ශක්තිය භට හමුදාවකටවත් විනාශ කරන්නට නොහැකි බවය. මේ මෑතකදී ඇයට ඉන්දියාවේ ස්ත්‍රිශක්ති පදනම විසින් සම්මානයක් පිරිනමනු ලැබිණි. කාන්තාවන් වෙනුවෙන් කරන …

ඉන්දියාවෙන් සම්මාන ලද ලංකාවේ යකඩ ගැහැනිය අනුල ද සිල්වා Read More »

තනිකම අකුරු කර ලේඛිකාවක වූ සුදු හාමිනේ – සෝමා ටී පෙරේරා

නිවන් සුව ලැබේවා මහත්මිය ගුරු පවුලක දරුවෙකු වී ඉපදෙන්නට ලැබීම එක අතකින් වාසනාවකි. අනෙක් අතින් අවාසනාවකි. දැන උගත් මව්පිය දෙපළකගේ දරුවන් වීම වාසනාවය. අවාසනාව වන්නේ ඔවුන් පළාතෙන් පළාතට මාරු වෙද්දී ඔවුන් කැටුව නොගොස් තනිව නවාතැන් පොළවල රැඳී සිටින්නට සිදු වීමය. සෝමා විනීතා තෝල්කමුදලිගේටත් ඒ ඉරණමට මුහුණ දෙන්නට සිදු වූයේය. සහෝදර සහෝදරියන් එකොළොස් දෙනෙකුගෙන් යුතු පුවලේ …

තනිකම අකුරු කර ලේඛිකාවක වූ සුදු හාමිනේ – සෝමා ටී පෙරේරා Read More »

‘සිප්පි මාලය’ මූලික ඓතිහාසික පවතක් වටා ප්‍රතිනිර්මාණාත්මකව ගොඩනැඟූ, රසවත් නවකතාවක්

විචාර සටහන – මහාචාර්ය සාලිය කුලරත්න. සිංහල අංශය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය. ලංකාදීප පුවත්පතෙහි නියෝජ්‍ය කතෘ හා ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු වූ ශාන්ත කුමාර විතාන මහතාගේ ‘සිප්පි මාලය’ නවකතාව එක් අංශයකින් ඓතිහාසික නවකතාවක් ලෙස ගිණිය හැකි සේම, තව අතකින් එය නව ඉතිහාස වාදය (New historicism)නම් සාහිත්‍යයපුවත්තාව යටතේ ලියවුණකැයි සිතීමට, කතුවරයා මෙහි සපයන පසු සටහන ද හේතු වෙයි. …

‘සිප්පි මාලය’ මූලික ඓතිහාසික පවතක් වටා ප්‍රතිනිර්මාණාත්මකව ගොඩනැඟූ, රසවත් නවකතාවක් Read More »

යදමින් බැඳි පොත් ඇති පුස්තකාල

අතීතයේදී පොව පොත් බහුල වුයේ නැත. මධ්‍යතන යුගයේදී පොත් යනු අතිශය දුර්ලභ වස්තුවක් විය. ග්‍රන්ථයක පිටපත් සීමා වීම මෙයට ප්‍රධාන හේතුවක් වු අතර බොහෝ විට ග්‍රන්ථයක පිටපත් සංඛ්‍යාව පැවතියේ එකකට සීමා විය. මේ යුගය වන විට ලොව මුද්‍රණ ශිල්පය හඳුනාගෙන සිටියේ නැත. එබැවින් පොත් ලියැවුනේ අතින් පමණි. පොත් පිටපත් වුවා නම් එය සිදුවුයේද අතින් පමණි. …

යදමින් බැඳි පොත් ඇති පුස්තකාල Read More »

සඳට පෙම් බැඳ තරු අහුලා ගත් රත්නා පුෂ්පකුමාරි

තැඹිලිගස්මුල්ල ධීරානන්ද දහම් පාසැලේ හත් වෙනි වසරේ සිටි කුලෑටි කෙල්ල මහානාම හාමුදුරුවන්ගේ අවධානයට පාත්‍ර වූයේ ඇය කිසිම දිනෙක සමිතියට ඉදිරිපත් වී නොතිබුණ බැවිනි. ඉතාම හොඳින් පොතපතේ වැඩ කරන, අපූරු රචනා ශෛලියක් ඇති මේ කෙල්ල දවසක් හාමුදුරුවන් විසින් කැඳවනු ලැබුවාය. ඇය හාමුදුරුවන් හමුවට ගියේ බියේ ගැහෙමිනි. “අද හවස දහම් පාසැල් සමිතියේදී ඔය ළමයා කතාවක් කරන්න ඕන..” …

සඳට පෙම් බැඳ තරු අහුලා ගත් රත්නා පුෂ්පකුමාරි Read More »

Shopping Cart