‘සිප්පි මාලය’ මූලික ඓතිහාසික පවතක් වටා ප්‍රතිනිර්මාණාත්මකව ගොඩනැඟූ, රසවත් නවකතාවක්

විචාර සටහන – මහාචාර්ය සාලිය කුලරත්න. සිංහල අංශය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය.

ලංකාදීප පුවත්පතෙහි නියෝජ්‍ය කතෘ හා ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු වූ ශාන්ත කුමාර විතාන මහතාගේ ‘සිප්පි මාලය’ නවකතාව එක් අංශයකින් ඓතිහාසික නවකතාවක් ලෙස ගිණිය හැකි සේම, තව අතකින් එය නව ඉතිහාස වාදය (New historicism)නම් සාහිත්‍යයපුවත්තාව යටතේ ලියවුණකැයි සිතීමට, කතුවරයා මෙහි සපයන පසු සටහන ද හේතු වෙයි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පලාන සමය මේ නවකතාවේ මූලික පසුතලය නිර්මාණය කරන හෙයින් මෙහි, පොදුවේ දැක ගත හැකි සිදුවීම් යම්තාක් දුරකට ඓතිහාසික යයි කිව හැකිය. එසේම මේ වෘතාන්තයේ නාමකරණයට පාදක වන ‘සිප්පි මාලය මෙන්ම ඓතිහාසික යැයි කිව හැකි ඇතැම් සිදුවීම්, කතුවරයාට පනවා ගත් නිර්මාණාත්මක අන්වයක හා හැඩතලවල විකාශනය වී ඇත්තේ නව ඉතිහාසවාදයෙහි ලක්ෂණ අනුව යමිනි. මහාචාර්ය විමල් දිසානායක තම “Cross current (2012) ග්‍රන්ථයේ ‘’Literature and varieties of history”
“A history is a re-ordering of a series of events that supposedly took place in the past, it is structured according to a narrative logic.” ඒ අනුව ඉතිහාසය, නිර්මාණාත්මක ආඛ්‍යානයක (නවකතාවක) එකලස් වන්නේ අඛ්‍යානමය තරක් ක්‍රමය අනුවය. ප්‍රවීණ රචකයෙකු වන ශාන්ත කුමාර විතාන, අප පොදුවේ අසා ඇති ඇතැම් ඓතිහාසික සිදුවීම්වල, සිද්ධි අනුපිළිවෙලක්, ඇතැම් තැනක කාල අනුපිළිවෙලක් වෙනස් කරයි. නිදසුනක් ලෙස, ඇරැව්වාවල නිළමේගේ මරණය සිදු වූ ආකාරයයි. නව කතාවේ කියවෙන්නේ. ඇරැව්වාල නිළමේ. පිළිමතලව්වේ නිලමේ විසින් මහ රැයේදී ක්‍රියාත්මක කරන ලද කුමන්ත්‍රණයකින් ඝාතනය වූ අයුරුයි.


“මහනුවර යුගයේ අප්‍රකට විත්ති’ නමින් විශාල ග්‍රන්ථ දෙකක් රචනා කරන චාමිකර පිළපිටිය නම් කතුවරයා තම කාර්යයේදී, මහනුවර යුගය පිළිබඳව විවිධ ලේඛන හා මූලාශ්‍ර ඇසුරු කරයි. ඔහුට අනුව, ඇරැව්වාල නිලමේගේ මරණය සිදු වූයේ පිළිමතලව්වේ මහ අදිකාරම විසින් ව්‍යාජ රාජමුද්‍රාවක භාවිතයෙන් සිදුකරන ලද කුමන්ත්‍රණයකිනි. ඒ අනුව ඇරැව්වාවල නිලමේ මරා දමන ලද්දේ ප්‍රසිද්ධයේ වධක භූමියකය. එහෙත් කතුවරයාම සඳහන් කර ඇති අන්දමට, නිර්මාණාත්මක ප්‍රබන්ධයක සිද්ධි සමවාය කතුවරයාට අභිමත ලෙසින් හසුරුවාගත හැකිය.
මහනුවර නගරයට අලංකරණයක් වූ ‘කිරිමුහුද’ නම් වැව නිර්මාණය වූයේ අත්තනෝමතික ලෙස, සිය ගණන් අහිංසක ජනයාට කුරිරු වධ හිංසා දීමෙන් හා අමානුෂික ලෙස මරා දැමීමෙන් බව මේ ප්‍රබන්ධය කියවන විට හැඟෙයි. තම ප්‍රිය බිසවගේ කාල්පනික ආශාවක් ඉටු කිරීමට කැප වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු, පරමාදර්ශී, පෙම්වතකෙු හෝ ස්වාමියෙකු ලෙස මතුපිටින් පෙනෙන නමුත්. ඔහුගේ සිතේ අභ්‍යන්තරය ඉතා කුරිරු බව අපට හැඟෙයි.


“Psychiatrics aspects of Jathaka Stories”කෘතියේ කර්තෘ මනෝ වෛද්‍ය ඩී.වී.ජේ සරච්චන්ද්‍ර ගේ නිරීක්ෂණයකින් ද මා ඉතහ දැක්වූ අදහස සනාථ වෙයි. මිනිසෙකුගේ මතුපිට මනසෙහි බිහි ගැබ් වූ සොඳුරු අදහස් තවදුරටත් පරීක්ෂා කළහොත් ඒවා ඉතා මිලේච්ඡ ඇතුලු හදවතකින්, පැන නඟිනු දැක ගත හැකිය.
ශාන්ත කුමාර විතාන මහතාගේ සිප්පි මාලය මූලික ඓතිහාසික පවතක් වටා ප්‍රතිනිර්මාණාත්මකව ගොඩනැඟූ, කුතුහලය ජනනය කරන රසවත් නව කතාවක් යනු මගේ හැඟීමයි.
ශාන්ත කුමාර විතාන මහතාගේ ‘සිප්පි මාලය’ රසවත් නවකතාවක් යනුවෙන් මා හඳුන්වන්නේ එය හුදු, සුඛාන්ත ලක්ෂණ සහිත රොමාන්තිකවාදී Romantic ප්‍රේම පුරාවෘත්තයක් නිසා නොවේ. ඓම වෘතාන්තයේ ප්‍රධාන හරය ගොඩනැඟී ඇත්තේ , හීනෝන්මාදය Schizophrenia නම් උග්‍ර මනෝ රෝගය වැළඳුණු රජ කෙනෙකුගේ, ක්ෂණභංගුර, භීතිකාවලින් හා දරුණු සැකයෙන් යුතු, විනාශකාරී චර්යා වටා ඊට සාපේක්ෂව ක්‍රියාකාරීව වන අවශේෂ චරිතත්, හැම ජවනිකාවකම පාහේ. කුතුහලය මුසු වූ අලුත් සංසිද්ධි මවමින් සිටිති.
ශාන්ත කුමාර විතාන සෞන්දර්යකාමී, රචකයෙකු නමුත් ඔහු මෙම නවකතාව, සමාජ සන්දර්භ ගත කර රාජකීය චරිතයක මනෝ විශ්ලේෂණයක ස්වරූපයෙන් මෙහෙයවන බව මගේ හැඟීමය.

3 thoughts on “‘සිප්පි මාලය’ මූලික ඓතිහාසික පවතක් වටා ප්‍රතිනිර්මාණාත්මකව ගොඩනැඟූ, රසවත් නවකතාවක්”

  1. Helloo There. I discovered yoir blolg uzing msn. That is a really welll wtitten article.
    I’ll mak suree to bookmak it andd rethrn to learn extra off your useful info.
    Thanks for the post. I’ll certainly return.

  2. I have bbeen exploring for a little bit for any high-quality articdles orr weblg post
    onn this sort oof area . Explorin in Yahoo I ulimately stumblled upoon this weeb site.
    Reading this inhfo So i amm lad to conve that I have
    a very good uncanny feeling I found oout exactly whhat I needed.

    I uch a lot nno dobt will make certaqin too doo noot disregaqrd tjis webb site
    and preovides it a look regularly.

  3. Cann I simply jst saay what a comfort to discover someone
    that really knows whyat thwy are discussing online.
    You actually realkze hhow too bring a problem to light and make it important.

    More and more eople have to read this andd understand this side off
    your story. I waas surprised thawt you’re not more popular becaue you certainly posess the gift.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart