සඳට පෙම් බැඳ තරු අහුලා ගත් රත්නා පුෂ්පකුමාරි

තැඹිලිගස්මුල්ල ධීරානන්ද දහම් පාසැලේ හත් වෙනි වසරේ සිටි කුලෑටි කෙල්ල මහානාම හාමුදුරුවන්ගේ අවධානයට පාත්‍ර වූයේ ඇය කිසිම දිනෙක සමිතියට ඉදිරිපත් වී නොතිබුණ බැවිනි. ඉතාම හොඳින් පොතපතේ වැඩ කරන, අපූරු රචනා ශෛලියක් ඇති මේ කෙල්ල දවසක් හාමුදුරුවන් විසින් කැඳවනු ලැබුවාය. ඇය හාමුදුරුවන් හමුවට ගියේ බියේ ගැහෙමිනි. “අද හවස දහම් පාසැල් සමිතියේදී ඔය ළමයා කතාවක් කරන්න ඕන..” …

සඳට පෙම් බැඳ තරු අහුලා ගත් රත්නා පුෂ්පකුමාරි Read More »

මටත් කවියක් ලියන්න – 3

රතු පැහැති සාරියෙන් සැරසී සිටි මම නෙලුකගේ නිවසට යෑමට තිබෙන අතුරු පාර අද්දරදී මෝටර් රථයෙන් බිමට බැස්සෙමි. ඔහුගේ මිතුරන් එකතු වී ලබා දෙන වදය විඳ දරා නොගෙන නිවසට යන්නට ඉඩක් නොලැබෙන බව නෙලුක කල් තියාම මා දැනුවත් කර තිබිණි. මෙරූන් පැහැති කුර්තා ඇඳුමකින් සැරසී සිටි නෙලුක මගේ දකුණතේ ඔහුගේ සුරතේ පටලා ගනිමින් මෘදු සිනාවක් පෑවේය.“අඩෝ …

මටත් කවියක් ලියන්න – 3 Read More »

මටත් කවියක් ලියන්න – 2

යම් සුමුදු යමක් සිරුරු පුරා තැවරෙනු දැනෙද්දී මම එය ඉවතට තල්ලු කරමින් මුණින් අතට හැරුණෙමි. තද නින්දක සිටි මා අවදි වූයේ යමක් සිරුරේ තැවරෙනු දැනුණු නිසාය. මුණින් අතට හැරුණත් නිරුවත් පිට පුරාත් එය ගමන් කළේ සිරුරම කිති කවමිනි.“අයියෝ අම්මා… ”මා නොරිස්සුමෙන් කෑ ගැසුවේ අලුයම අවදි නොවුනු විට මා අවදි කරවන්නට ඇය මට වද දෙන නිසාය.“වද …

මටත් කවියක් ලියන්න – 2 Read More »

මටත් කවියක් ලියන්න – 01

සුන්දර නුවරඑළියේ සුඛෝපභෝගී හෝටල් කාමරය තුළ මම කණ්ණාඩිය හරහා පෙනෙන මගේම රුව දෙස බලා සිටියෙමි. රෝස පැහැති දිගු ගවුමකින් සැරසී සිටි මාගෙන් වෙහෙසකර බවක් පළ වුවත් පෙනුමට ඉන් හානියක් වී නොතිබිණි. අලුයම දෙකට උඩරට මනමාලියක සේ සැරසුණු මා පිටව එන්නට පෙර මෙම රෝස පැහැ ඇඟලුමෙන් සැරසුණෙමි. ඔසරියටත් වඩා මෙය මට ගැලපෙතැයි සිතුණේ කෘතිමව කැරලි ගැන්වූ …

මටත් කවියක් ලියන්න – 01 Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – 31

මන්දිතාගේ දුරකතනය නාද වූයේ ඒ අතරේය. ඇය එය හා සම්බන්ධ වූයේ මදෙස ද බලමිනි.“හෙලෝ….”“ආ ඔව් අයියේ…. ඉන්නවා….”“නෑ නෑ එයා නම් තාම ආවෙ නෑ…. කොහෙ ගිහින්ද මන්දා….”“හා හරි හරි බයවෙන්න එපා….” “හා කන්න කියන්නම් මං බඩගින්නෙ තියන්නෙ නෑ….”“හරි අයියේ…. ගුඩ් නයිට්…. බුදු සරණයි….”ඇසුණේ ඇය පැවසූ එවදන් පමණි. කවුරුන් හෝ විමසුවේ මා සම්බන්ධයෙන් බව වැටහුණේ ඇය වරින් …

සිත් අහසට නුඹ ඇවිදින් – 31 Read More »

සිත් අහසට නුඹ ඇවිදින් 30

මා මෝටර් රථය වෙත ගොස් එහි අසුන් ගෙන දොර වසාගත් සැණින් ශෙනුල් එය ඉදිරියට ගත්තේ වේගයෙනි.“හෙමින් යමු….” මා කීවේ සිතට බියක් දැනෙද්දීය.“නෑ නෑ…. පුළුවන් ඉක්මනට ගිහින් දාන්නම්…. මාත් එක්ක ඉන්න අකමැතියිනෙ ඒ තරම්….”“කොහෙද මේ යන්නේ….” මා ඔහුගෙන් ඇසුවේ ඔහු ගමන් කරමින් සිටියේ යා යුතු මාර්ගයේ නොවන බැවිනි.“කට වහගෙන ඉන්නවා….”“බෑ කියන්න කොහෙද මේ යන්නේ….”“යන්න ඕනෙ තැනට…. …

සිත් අහසට නුඹ ඇවිදින් 30 Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – 29

කාර්යාලයේ කටයුතු සහ ශෙනුල්ගේ ආදරය මැද කාලය ගෙවී යමින් තිබිණි. එදින ද සුපුරුදු පරිදි මා කාර්යාලයට පැමිණියේ ඔහුගේ මෝටර් රථයෙනි.“මිස් සිතුලි….” කාර්යාලයීය කටයුතු අතර සිටියදී ඇමතුමක් ලැබුණේ මගේ කාර්යාලයීය දුරකතන අංකයටය.“ඔව් කතා කරනවා….”අනෙක් පසින් ඇසුණු වදන් මා දරාගනිමින් සිටියේ අසීරුවෙනි. එහා පසින් දුරකතනය තබනු ඇසෙද්දීත් මා සිටියේ වෙව්ලන ඇඟිලිවලින් දුරකතනය සවනට ළං කරගෙනය. විනාඩියක පමණ …

සිත් අහසට නුඹ ඇවිදින් – 29 Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – 28

“ගාල්ල, උණවටුන පැත්තෙ ගිහින් එමුද….?”“හා….”“අම්මෝ මෙයාටත් බීච් කිව්වොත් සිහියක් නෑ…. නුවර කෙල්ලො ඉතින් මුහුද දැකල නෑනෙ….”“නුවර මුහුද නැති වුණාට අනිත් පැතිවලට වඩා ලස්සනයි හරිද…. අනික ඔයත් දැන් කොළඹ හිටියට ඉපදුණේ නුවරනෙ….”“අම්මෝ හරි හරි…. ඔයත් එක්ක කතා කරල මට දිනන්න බෑනෙ ඉතින්….”“ඒත් උණවටුනෙ ගිහින් මූදෙ නාන්නවත් අපි ඇඳුම් ගෙනාවෙ නෑනෙ….”“ඒව හරි…. ඔයාට නිවාඩු දාන්න පුළුවන් නම් …

සිත් අහසට නුඹ ඇවිදින් – 28 Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – 27

ඇඳුම්, සුවඳ විලවුන්, අත් බෑග්, සෙරෙප්පු ආදිය ඒ ලැබුණු ත්‍යාග අතර විය. මා අවසන බැලුවේ ශෙනුල්ගේ අතෙහි වූ කුඩා පෙට්ටිය දෙසය. ඔහු කළේ මා දෙස බලා සිනා සී එහි දවටනය ඉවත් කර විවෘත කිරීමය. අනතුරුව ඔහු ගත්තේ එහි වූ රන් මුදුවකි.“ඇයි මේ….” මා විමසුවේ ඔහු මගේ වමත ගෙන එහි වෙදැඟිල්ලේ වූ මංගල මුදුව ගලවද්දීය.“මම මේක …

සිත් අහසට නුඹ ඇවිදින් – 27 Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – 26

තවත් දෙසතියක කාලයක් ගෙවී ගියේ මා ශෙනුල්ට තව තවත් සමීප කරවමිනි. ඒ වන විට ඔහුගේ තුරුලේ නිදන්නට ඔහු ඇසුරේ ගැවසෙන්නට මා හුරුවී තිබිණි. වන්දනා හා ඔහු සම්බන්ධයෙන් දැන සිටි අය කාර්යාලයේ දී කුමන දේ කීවත් ඒවායින් සිත නොරිද්දාගෙන සිටින්නට ද මම හුරු වී සිටියෙමි. වන්දනා හා ඔහු අතර වූ සම්බන්ධය නවතින්නට හේතුව කුමක් වුවත් ඒ …

සිත් අහසට නුඹ ඇවිදින් – 26 Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – 25

“මේ මොකද දෝනි මේ…. මොකකට හරි බය වුණාද ඔයා…. දාඩියත් දාලා….”“නැහැ අම්මා මේ ශෙනුල්….”  “ඇයි එයා මොකද…. රණ්ඩු වුණාද දෙන්නා….”“නෑ නෑ මේ…. දෙන්නකො අම්මා මම ඔය ටික කපන්නම්….” මා කීවේ මව උයන්නට සූදානම් කරමින් සිටි බෝංචි ටික ගනිමිනි.“මට පුළුවන් දෝනි…. ඔයා උඩට වෙලා ඉන්න….”“එහෙම ඉන්න කම්මැලියි අප්පා….”“කම්මැලි මොකද පුතාත් ඉන්නවනෙ….”“එයා මොකක්ද වැඩක් අම්මා….”“ඉන්නකො දෝණි…. මං …

සිත් අහසට නුඹ ඇවිදින් – 25 Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – 24

“ඇයි දෝණි මේ එළියට වෙලා…. පුතා ආයෙමත් කොහෙද ගියේ…” ගේට්ටුව අසලම මද වේලාවක් රැඳී සිටි මා තිගැස්සුණේ ශෙනුල්ගේ පියා පැමිණ විමසද්දීය.“ක්ලයන්ට් කෙනෙක් හම්බවෙන්න තියෙනවා කිව්වා තාත්තා….” මුහුණට ආයාසයෙන් සිනහවක් නංවා ගනිමින් කී මම නිවස දෙසට ඇවිද ආවෙමි. ඇඟ සෝදාගෙන සැහැල්ලු ඇඳුමකට මාරු වුවද සිතට සැහැල්ලුවක් වූයේ නැත.“දෝනි ඇයි මේ කාමරේටම වෙලා…. මම තේ එකත් හදාගෙන …

සිත් අහසට නුඹ ඇවිදින් – 24 Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – 23

“ආනේ සිතූ…. ඔයා අපිටත් හොරෙන් මැරි කළා නේද….?”කාර්යාලයට ගිය සැනින් බොහෝ දෙනෙක් මා වටකරගෙන සුබ පතද්දී මා කළේ මවා ගත් සිනහවකින් ඒ සුබ පැතුම් පිළිගැනීමය.“ආ මේ ඇවිත් තියෙන්නේ…. අපිත් දන්න කෙනෙක්වනෙ මෙයා මැරි කරල තියෙන්නේ….?”වන්දනා හා ශෙනුල්ගේ සම්බන්ධය දැන සිටි කිහිප දෙනෙක්ම එතැනට එක්වූයේ එසේ කියමිනි.“කියල වැඩක් නෑ ධම්මි…. පවු අර අහිංසකී යාළුවා කියල විශ්වාස …

සිත් අහසට නුඹ ඇවිදින් – 23 Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – 22

“හොරෙන් හොරෙන් අර ෆොටෝ එක දිහා බැලුවෙ මොකද….?” මන්දිතා ඉදිරියේ දී නැගිය නොහැකි වූ පැනය මා ඔහුට යොමු කළේ ආපසු නිවස බලා එමින් සිටියදීය.“මොන….?”“ඇයි අර මමයි, මන්දිතයි, වන්දනයි හිටපු එක….”“ආ ඒකෙ එයත් හිටියද….? මම නම් දැක්කෙ ඔයාව විතරයි…. අනිත් දෙන්න කවුද කියල බැලුවෙ නෑ….” ඔහු කීවේ සමච්චලය මුසු සිනාවක් ද පාමිනි.“අනේ නිකං බොරු කියන්න එපා…. …

සිත් අහසට නුඹ ඇවිදින් – 22 Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – 21 ‍

නැගනිය පවසන්නාක් මෙන් ඔහු කොතරම් ආදරණීයදැයි සිතෙද්දී සිතුණේ එලෙසින්ම අනෙක් පස හැරී ඒ ලය මත මුහුණ හොවාගන්නටය. “තැන්ක් යූ….” සිතැඟි සඟවා ගනිමින් එසේ කී මා නාන කාමරය වෙත පියනැගුවේ ඔහු මුවෙහි මදහසක් ද සමඟින් මදෙස බලා සිටියදීය. ඔහු ද ඇඟ සෝදාගෙන පැමිණීමෙන් පසු ගොස් රාත්‍රී ආහාරය ද ගත් අප ඉක්මනින් පැමිණ නින්දට වැටුණේ ඒ වන …

සිත් අහසට නුඹ ඇවිදින් – 21 ‍ Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – 20

“අදත් ඉඳල යන්නකො දෝණි….” අම්මා ඇවටිලි කරන්නේ අප ආපසු යන්නට සූදානම් වූ වේලේ සිටය.“හෙට ඉඳන් සිතූ ඔෆිස් යන්නත් ඕනෙලුනෙ අම්මේ…. අපි පස්සෙ වෙලාවක ආයෙත් එන්නම්කො දවස් දෙක තුනක් ඉඳල යන්නම….”“ආව එකේ නැන්දලගෙ ගෙදරත් ගියා නම් තමයි හොඳ….” ඒ හඬ අප්පච්චිගේය.“දැන් වෙලාවක් නෑ අප්පච්චී…. පස්සෙ වෙලාවක එන්නම් එහෙ යන්නත් එක්කම….” ශෙනුල් එසේ කියන්නට ඇත්තේ මා නැන්දා …

සිත් අහසට නුඹ ඇවිදින් – 20 Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – 19

ශෙනුල් කාමරයට පැමිණියේ කීයටදැයි නොදන්නා නමුත් උදෑසන අවදිවෙද්දී ඔහු සිටියේ මා අසලය. ඒ අතක් තිබුණේ මගේ බඳ වටා ගොසිනි. මේ මා මෙලෝ සිහියක් නැතිව නිදාගැනීමේ ප්‍රතිඵලයකි. යළිත් ඔහුට මා ස්පර්ශ කිරීමට හෝ අවස්ථාවක් නොදිය යුතුයැයි සිතමින්ම මා ඇඳෙන් බැස්සේ ඒ අත පසෙකට කරමිනි. “ගුඩ් මෝර්නින් අම්මා…. අද මං උයන්නද….?” මා ඇසුවේ කුස්සියට වී සහල් සෝදමින් …

සිත් අහසට නුඹ ඇවිදින් – 19 Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – 18

මා කාමරයෙන් පිටව පියගැටපෙල බැස පහත මාලයට පැමිණියේ තව දුරටත් ශෙනුල් හා කාමරයේ රැඳී සිටීම අපහසු වූ බැවිනි.“ආනේ ඔයා ආවද දෝණි…. මම මේ පුතාට තේ එකක් හදන්න කියල හැදුවේ….”“මම හදන්නම් අම්මේ….” අප අතර මොන ප්‍රශ්න තිබුණ ද ඒවා දෙමාපියන්ට දැනෙන්නට දිය යුතු නැතැයි සිතෙද්දී මා කීවෙමි.“එහෙනම් හදන්නකෝ…. පුතාත් ආස ඇතිනෙ ඔයා අතින් හදන තේ බොන්න….” …

සිත් අහසට නුඹ ඇවිදින් – 18 Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – 17 කොටස

මැදිවියේ කාන්තාවක විසින් නිවසට රැගෙන ආ ඉඳි ආප්ප, අල හොඳි, මාළු ඇඹුල් තියල් සහ පොල් සම්බෝල වෙන වෙනම බඳුන්වලට දමා කෑම මේසය මත තබන්නට ශෙනුල්ගේ මවට සහය දුන් මා ඔවුන් සමඟම රාත්‍රී ආහාරය සඳහා අසුන් ගත්තෙමි.“අද පුතාට නම් දෝනි බෙදල දෙයිනෙ…. ඒ නිසා මම තාත්තට විතරක් බෙදන්නම්….” ශෙනුල්ට ආහාර බෙදා දිය යුතු බව මට සිහිවූයේත් …

සිත් අහසට නුඹ ඇවිදින් – 17 කොටස Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – 16 කොටස

ශෙනුල් අප නිවසට පැමිණියේ විවාහ ගිවිසගැනීමට දින කිහිපයක් තිබියදීය. ඒ වන විට ආලින්දයේ සිටි මා ඔවුන්ගේ පැමිණීමත් සමඟ අසුනින් නැගී සිටියේ එහි සිටීමට සිතෙහි කැමැත්තක් නොවූ බැවිනි.“මේ දරුවට ටිකක් කතා කරන්න ඕනෙලු….” මා පියවරක් ඉදිරියට තබද්දීම ඇසුණේ අප්පච්චිගේ හඬය.මා බැලුවේ ශෙනුල් දෙසය. ඔහු හිසින් මට කතා කරමින් පියවර තැබුවේ නිවසින් පිටතටය. ඔහු නැවතුණේ අඹ ගස …

සිත් අහසට නුඹ ඇවිදින් – 16 කොටස Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – 15

“දැන් ඔය කතාව නවත්තල අපි කාල ඉමු නේද අබේ…. දෝණිටත් බඩගිනි ඇති….” ඒ ශෙනුල්ගේ මවගේ හඬය.“බලන්න මානෙල්…. ඔයාල මේ ළමය ගැන තාමත් මෙච්චර හිතනවා…. මේකිට මොළේ නෑනෙ….”“එහෙම කියන්නත් එපා අබේ…. ඒ ළමයටත් හේතුවක් ඇති…. අනික මම නම් හිතන්නෙ අපි දෙයක් කරද්දි දරුවන්ගෙ කැමැත්තත් අහන්න ඕනෙ…. අනිත් එක දැන් මෙයාල ගහල බැණල හදන්න පුළුවන් වයසෙ නෙවෙයිනෙ …

සිත් අහසට නුඹ ඇවිදින් – 15 Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – 13 කොටස

“ආ ලොකූ…. උඹ දැන් හිතාගෙන ඉන්නෙ උඹට ඕනෙ විදියට නටන්නද….? ඇයි උඹේ අම්ම අප්පච්චි මැරිලද….?” මා පඩිපෙල බැස ආලින්දයට පය තබන විටම මා වෙතට වේගයෙන් පැමිණි අප්පච්චි පැවසුවේ මගේ කම්මුල වෙත වේගවත් පහරක් එල්ල කරමිනි.“අන්කල් ප්ලීස් කලබල වෙන්න එපා….” ශෙනුල් අප්පච්චි වෙත පැමිණ ඔහු අල්ලා ගමිනින් පැවසුවේ ඒ පහරින් විසි වී ගිය මා අසල වූ …

සිත් අහසට නුඹ ඇවිදින් – 13 කොටස Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – 12 කොටස

“හෙටත් නිවාඩු එකේ ගෙදර ගිහින් එමු ද….” ඔහු ඇසුවේ දිවා ආහාරය ගැනීමෙන් අනතුරුව ආපසු යමින් සිටින අතරවාරයේය.“ගෙදර….?” “ඔව් මම හෙට නුවර යනවා…. යනවනම් ලෑස්ති වෙන්න….”“හෙටම ආපහු එනවද….?”“ඔව් උදේ ගිහින් රෑ වෙලා එමු….”“ඒත්….”“ඒත් මේත් නෙවෙයි…. මම මනුලට කියන්නම් මම එක්කන් යනවා කියලා…. ලෑස්ති වෙලා ඉන්න…..” ඔහු අවසන් තීරණය දෙද්දීත් ඔහුට එරෙහි වන්නට මට සිතුණේ නැත.නවාතැනට පැමිණි …

සිත් අහසට නුඹ ඇවිදින් – 12 කොටස Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – 11

“මේ මේ සිතූ…. කේන්ති නොගෙන පොඩ්ඩක් අහනවද….? මට ඔයාගෙන් දැනගන්න දෙයක් තියෙනවා….” මා සවනතින් ඈත් කරන්නට ගිය දුරකතනය යළිත් සවනට තෙරපා ගත්තේ ඔහු කියනු ඇසෙද්දීය. “ඉතින් මෙහෙම කියන්න….” “බෑ මෙහෙම බෑ…. අපි දෙන්න දෙපැත්තක ඉඳල රණ්ඩුවෙලා හරියන්නෙත් නෑ….තියෙන ප්‍රශ්න හම්බවෙලා කතා කරල විසඳගමු….” “හා…. මම කොහාටද එන්න ඕනේ….” මා ඔහුගේ යෝජනාවට කැමති වූයේ හමුවූ දිනවලම …

සිත් අහසට නුඹ ඇවිදින් – 11 Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – 10

“සිතූ…. මොකද මේ…. මම බයවුණා මෝඩියේ….” මනුල මදෙසට හැරුණේ තිගැස්සෙමිනි. “ඇයි මොකද….?” මම තවත් තදින් මනුලගේ අතින් අල්ලා ගතිමි. මේ වන විට ශෙනුල්ගේ මුහුණේ ස්වභාවය කෙබඳුදැයි සිතද්දීත් සිතට දැනුණේ කුරිරු සතුටකි. “ඇයි මොකද අහන්නේ…. කවදාවත් නැතුව මොකද බං මේ….” “හරි හරි පොඩ්ඩක් දුර ඔහොම යං…. අර යකා පිටිපස්සේ…. දැන් බලාගෙන ඇති පුපුර පුපුරා….” “මොන යකාද….? …

සිත් අහසට නුඹ ඇවිදින් – 10 Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – 9 කොටස

“සිතූ මොකද ගෙදර තත්වෙ….” සවස දුරකතන ඇමතුමක් ලැබුණේ මනුලගෙනි.“එයාල එන්ගේජ්මන්ට් එකට ලෑස්ති වෙනව මනූ….” මා පැවසුවේ කාමරයෙන් පිටතට නෑසෙන තරම් පහත් හඬිනි.“මොකක්…. එතකොට ඔයා අර යකාව කසාද බඳිනවද….? ඇයි ඌ ගැන ගෙදරට නොකියන්නේ….” “මං ඔයාට කිව්වනෙ මනූ…. අප්පච්චිට අපි දෙන්නගෙ ෆොටෝස් වගයක් ලැබිලා…. එයාල හිතන් ඉන්නෙ අපි අතර එෆෙයාර් එකක් තියෙනව කියලා…. ඒ නිසා ශෙනුල් …

සිත් අහසට නුඹ ඇවිදින් – 9 කොටස Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – 8 වන කොටස

“අපිට එන්ගේජ්මන්ට් එකට සාරීස් බලන්න පුළුවන්ද….” වෙළඳසැල වෙත ගිය ශෙනුල් පැවසුවේ අප අසලට පැමිණි එහි සිටි සේවිකාවක අමතමිනි. “මේ මිස්ටද සර් බලන්නේ….?”“ඔව් මෙයාට තමයි….”“මොනවගේ කලර් එකක් ද බලන්නෙ මිස්….” ඇය මගෙන් අසද්දී මම ඉවත බලාගත්තේ ඇය ඉදිරියේ ශෙනුල් අපහසුතාවට පත්කිරීමේ කුරිරු අපේක්‍ෂාවක් ද ඇතිවිය.ශෙනුල් මගේ අතින් අල්ලා කොනිත්තනු දැනුණ ද මා එය නොදැනුණා සේ ඉවත …

සිත් අහසට නුඹ ඇවිදින් – 8 වන කොටස Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – 7 වන කොටස

“ආ ආවද…. රස්සාවකට කියල කොළඹ ගියේ මෙහෙ හිටියනම් කොල්ලො එක්ක නාඩගම් නටන්න බැරි නිසා වෙන්න ඇති නේද….?” මා නිවසට ගොඩවත්ම ඇසුණු හඬ ආලින්දයේ හාන්සි පුටුවට වී පුවත්පතක් බලමින් සිටි අප්පච්චිගේය. “මොකක්ද අප්පච්චි….” මා කිසිත් නොදන්නා සේ අසද්දී අප්පච්චි කළේ අතෙහි තිබූ පුවත්පත අසල වූ ටීපෝවත් මතට අතහැර පුටුවෙන් නැගිට තම කාමරය වෙත යාමය. මා තවත් …

සිත් අහසට නුඹ ඇවිදින් – 7 වන කොටස Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – 4 වන කොටස

කලකට පසු නිවසට ගියේ සති අන්තයම නිවසේ ගත කර සඳුදා උදෑසන කාර්යාලයට පැමිණීමේ අදහසින් වුවත් ඉරිදා උදෑසනින්ම මා යළි නවාතැන වෙත පැමිණියේ තවදුරටත් නිවසේ රැඳී සිටින්නට සිතක් නොවූ බැවිනි. තාත්තාගේත්, නැන්දාගේත් මතය රජයන නිවසේ ඔවුන්ට එරෙහිවීමේ හැකියාවක් අම්මාට නැති බව දැන දැනම ශෙනුල් යනු කුමන ආකාරයේ අයකුදැයි ඇයට හෝ කීම පලක් නොවන බව දැන සිටි …

සිත් අහසට නුඹ ඇවිදින් – 4 වන කොටස Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – 3 කොටස

“මේ අපි එහෙනම් කෑම ටිකක් කාලම ඉමු නේද….? පස්සෙ බැරියෑ විස්තර කතා කරන්න….” අම්මා පැමිණ ආරාධනා කළ පසු සියලු දෙනාම කතාව නවතා ගියේ කෑම කාමරය වෙතය. තම මිතුරා කලකට පසුව පැමිණීම නිසාදෝ අප්පච්චී සිටියේ දැඩි සතුටකිනි. ඔවුන්ගේ පවුල අප නිවසින් පිටව යන තුරුම දෙදෙනා ආගිය තොරතුරු කතා කිරීම නැවතුණේ නැත. ඔවුන් කොතරම් සතුටින් අල්ලාප සල්ලාපයේ …

සිත් අහසට නුඹ ඇවිදින් – 3 කොටස Read More »

මටත් කවියක් ලියන්න – 5 කොටස

අනුකි සේම දිමුතු ද දුරකථන ඇමතුම හා සම්බන්ධ වූයේ ගෙවී ගිය දිනයන්ගේ මතකයන් සිහිපත් කරමිනි. ඇමතුම විසන්ධි වූ පසු කඳුළු කම්මුල් තෙමාගෙන වැක්කෙරෙන්නට වූයේ නවතා ගත නොහැකිවය.“මැණිකේ..”එක්වරම පිටුපසින් නෙලුකගේ හඬ ඇසුණෙන් මම කලබලයෙන් දෙනෙත් පිසදා ගත්තෙමි.“මොකෝ මේ අඬන්නේ..?”කඳුළු පිසදා ගත්තත් මා හැඩූ බව ඔහුට සැඟවීම අපහසු විය. මම කිසිත් නැතැයි හිස දෙපසට සැලුවත් නෙලුක දෙඋරහිස් …

මටත් කවියක් ලියන්න – 5 කොටස Read More »

මටත් කවියක් ලියන්න – 4

වසර විසි ගණනාවක්ම ජීවිතය ගෙවූ නිවසින් ඈත්ව වෙනස්ම පරිසරයක අලුත්ම නිවසකට ආ පසු සියල්ල දැනෙන්නේ නුහුරුවටය. එම නුහුරුව නිසාමදෝ මා අවදි වූයේ වෙනදාටත් වඩා වේලාසනිනි. ඒ වන විට ඔරලෝසුව මත වේලාව සටහන්ව තිබුණේ අලුයම 5 වශයෙනි. මගේ බඳ වටා එතුණු නෙලුකගේ දෑත් වළල්ලෙන් මිදීම ද පහසු නොවුණු තැන මම යළිත් දෑස් වසා ගතිමි. වෙනදා නිවසේදී …

මටත් කවියක් ලියන්න – 4 Read More »

මටත් කවියක් ලියන්න – ඇරඹුම

පවනි උමයංගනා ක්ලේමෝ බෝම්බයක් පුපුරා සියල්ල එක මොහොතකින් විනාශ වී ගියාක් වැනි හැඟීමක් දැනෙද්දී මම අතෙහි වූ ජංගම දුරකථනය දෙස බලා සිටියෙමි. එහි තිරය මත හිනැහෙමින් සිටි රුව දුටු විට මට දැනුණේ හුස්ම ද නවතින්නට එන සෙයකි. දෑත් දෙපා වෙව්ලද්දී මම සයනය මතට කඩා වැටුණෙමි. දුරකථනය ගිලිහී මෙට්ටය මතට වැටුණත් එහි තිරයෙන් දෙනෙත් මුදා ගැනීමට …

මටත් කවියක් ලියන්න – ඇරඹුම Read More »

Shopping Cart