මටත් කවියක් ලියන්න – 10 කොටස

සතියක් ගියේ අප දෙදෙනා අතර ඇති වූ සිත් නොහොඳකම් සම්පූර්ණයෙන් ඉවතට නොයවාමය. මම බොහෝ විට නැන්දම්මාව මඟ හැර සිටියත් ඇගෙන් එල්ල වෙන ඇනුම්පදවල නම් අඩුවක් නොවිණි.
මා නෙලුක සමඟ ද කතා බහ අඩු කර දැමුවේ සිතට දැනෙන වේදනාව නිසාමය. කිසිවෙකුට නොකියාම සිදු වූ සියල්ල තනි සිතට දරාගෙන සිටියත් විටෙක මා පුපුරා ගියේය. එකම සයනයේ දෙපසට වී නිදා ගන්නා විට කොට්ටය මගේ කඳුළුවලින් තෙත් වුණු රාත්‍රීන් ගණන ද වැඩි විය. නෙලුක ද බොහෝ විට සිටියේ කල්පනාවේ වෙලීගෙනය.
“සුදුමැණික…”
නිවාඩු සෙනසුරාදා දින, තේ කෝප්පයක් ගෙනැවිත් නෙලුකට දී මා පසෙකට වෙද්දීම ඔහු කතා කළේය.
“ම්ම්ම්..”
ඔහු දෙස නොබලාම සයනයේ පසෙක අසුන් ගනිමින් මම මගේ තේ කෝප්පය මුවට ළං කර ගත්තෙමි.
“තවමත් තරහද මැණික..”
“මොනවටද ..?”
ඔහු දිගු හුස්මක් ගනිමින් මගේ පසෙකට බරව උරහිස වටා අත යවා ගත්තේය.
“සොරි මැණික..”
ඔහු මගේ කොපුල සෙමෙන් සිප ගනිද්දී මම සුසුමක් හෙලුවෙමි.
“අපි ඉක්මණට ප්‍රශ්න ටික විසඳගමු… මාත් එකක් තවත් කතා නොකර ඉඳලා පළිගන්න එපා…”
“මම මොකට පළිගන්න ද..? කතා කරන්න තරම් දෙයක් තිබ්බේ නෑ…”
මා ඔහේ පිළිතුරු බදින විට ඔහුගේ අත තවත් උරහිසට තෙරපිණි. ඔහුගේ අතේ තිබූ තේ කෝප්පයත් මගේ තේ කෝප්පයත් පසෙකින් තබමින් මගේ රාත්‍රි ඇඳුමේ පිට කබාය උරහිසෙන් පැන්නුවේය. නිරුවත් උරහිස මතත්, කන් පෙති මතත් සිපුම් තබන්නට වෙද්දී මම උරහිස් හැකිලුවෙමි. මගේ දෙතොල් ඔහුගේ දෙතොල් අතර තෙරපෙන විට මගේ දෑස් ඉබේම පියවිණි. ඔහු සෙමෙන් මා සයනය මත දිගා කළේ රාත්‍රී ඇඳුම ඉණ තෙක්ම පහත් කරමිනි. ඔහුගේ දෙතොල් ළමැද මත තැවරෙන විට වෙනදා දැනුණු ප්‍රීතිය නම් මට නොදැනිණි. ඔහු ගැසූ කම්මුල් පහර මගේ කම්මුලටත් වඩා හිතට වැදී තිබුණෙන් ඔහුගේ පහස ද අතරේ ද මට සිහිපත් වූයේ එම පහරයි. බොහෝ දිනකට පෙර අප එකතු වන විටම සිදු වූ අම්මාගේ බාධාව ද සිහි වූයෙන් නෙලුකගේ පහසේ අතරමං වෙන්නට මට නොසිතිණි.
“සුදු මැණික..”


ඔහු මුමුණමින් මගේ තිසරුන් පුබුදුවන්නට උත්සාහ කළේය. රාත්‍රී ඇඳුම සම්පූර්ණයෙන් ඉවත් වී ඔහුගේ බර සිරුර මතට දැනෙන විටම මට ඇසුණේ කාමරයේ fදාරට තට්ටු කරන හඬයි. මගේ කට කොණට පැමිණි සිනාව නම් නෙලුකගෙන් සඟවා ගන්නට මට වුවමනා නොවිණි. සිය කෙටි කලිසම ද ඉවතලා සිටි ඔහු මගේ මුහුණ දෙස බලා සිටියේ කිසිත් වටහා ගත නොහැකි සේ ය.
“අම්මා…”
මා සරදම් සහගතව පවසන විට ඔහු හිස දෙපසට වනා යළි මගේ ගෙල මුල සිප ගන්නට වූයේය.
“පුතා.. පුතා..”
එවර fදාරට තට්ටු කරමින්ම අම්මා උස් හඬින් කතා කරනු ඇසිණි.
“පුතා..”
“ඇයි අම්මා..”
නෙලුක ඉරියව්ව වෙනස් නොකරම නොරිස්සුම් සහගතව ප්‍රතිචාර දැක්වූයේය.
“පොඩ්ඩක් එන්න.. මේ මදුර අයියා ඇවිත්..”
“මම එන්නම්.. පොඩ්ඩක් ඉන්න කියන්න..”
ඔහු මගේ සිරුර දිගේ පහළට ගමන් කරන්නට වූයේය.
“ඉක්මණට එන්න.. ඒ ළමයා හදිස්සියකට ඇවිත් තියෙන්නේ…”
“මොන හු…”
අසභ්‍ය වදනක් පවසමින්ම හිස දෙපසට වැනූ ඔහු මා සිප ගන්නට වූයේ කලබලයෙනි.
“පුතා මේ, ඔයා බලන්න කිව්ව වැඩේ හරිලු..”
අම්මා යළිත් කෑ ගසන විට මා නෙලුකගෙන් ඉවත් වීමට උත්සාහ කළෙමි.
“ඉන්න සුදු මැණික..”
ඔහු මන්ද්‍ර ස්වරයකින් මිමිණුවේය.
“මට නම් ඉන්න පුළුවන්.. හැබැයි ඔයාගේ අම්මට ඉන්න බැරිපාටක් තියෙන්නේ..”
නොරිස්සුම් සහගතව පැවසූ මම රාත්‍රී ඇඳුම යළිත් ගතට දමා ගත්තෙමි. නෙලුක එදෙස බලා සිටියේ වේගවත් හුස්ම ගනිමිනි. ඔහුගේ අතැඟිලි තදින් මිට මෙලවිණි.
“පුතා..”
“එන්නම් කිව්වනේ අම්මා.. එන්නම්..”
නෙලුක එවර උස් හඬින් කෝපයෙන් කෑ ගැසුවේ කෙටි කලිසම ඇඳ ගනිමිනි.
“ෂික්..”
ඔහු මුමුණමින් පිටතට යද්දී මගේ කට කොණක වූ සිනාව මුව පුරාම පැතිරී ගියේය.

සඳුදා පෝය දිනයක් වූ බැවින් තෙදින නිවාඩුව අලලමින් මා සෙනසුරාදා සවස නිවසට පැමිණියේ නෙලුකගේ නිවසේ සිටීම අපායේ සිටිනවාක් බඳු වූ නිසාය.
මාගේ මානසිකත්වය වටහාගෙන සිටි නිසාදෝ ඔහු මා දුම්රියට හැරලවා පරිස්සමින් යන්නට පමණක් පවසමින් අවසර ලබා දුන්නේය.
නිවසට පැමිණි පසු අම්මාගේ හා මල්ලීගේ කතාබහ සත්කාර අතරේ ගෙවී ගිය දෙහෝරාවකට පසු අපි තිදෙනාගේ නැවතුම වූයේ කිංග්ස්බරි හෝටලයයි.
“අම්මෝ මම සෑහෙන කාලෙකින් ආවේ..”
සැහැල්ලු කෙටි ඩෙනිම් ගවුමකින් සැරසී මල්ලීගේ අතේ එල්ලී අවන්හලට පිවිසෙමින් මම මිමිණුවෙමි.
“තමුසෙ ඉතින් දැන් ඩොටේනේ ඉන්නේ.. ඉතින් කොහෙද මේවාට එන්නේ..?”
පිටවූ වදන් යළි ඇද ගත නොහැකි නිසාම මම නිහඬ වීමි.
රාත්‍රී ආහාර ගෙන සැහැල්ලුවෙන් ගෙවූ කාලය නිමා වූයේ නිවසට පැමිණි විගස අම්මාගේත් මල්ලීගේත් ප්‍රශ්නාවලියට පිළිතුරු බදින්නට වූ නිසාය.
“ඇත්තටම මොකද ශෙනායා තනියම ආවේ…? නෙලුකට මොකද වුණේ..?”
“එයාට වැඩනේ අම්මා ඉතින්..”
මම ඉවත බලාගෙන මිමිණුවෙමි.
“අනේ බොරු නොකියා ඉන්නවා ඕයි.. මේ නිවාඩු දවස්වල මොන වැඩ ද..? ආව වෙලාවේ ඉඳලා මාත් බලාගෙන ලොකු කල්පනාවක ඉන්නේ.. මූණත් හරි නෑ..”
මල්ලී ද පවසන්නට වූයේ මා අසරණ කරමිනි.
තවදුරටත් ඔවුන්ට සත්‍ය සඟවාලිය නොහැකි බව මම වටහා ගත්තෙමි.
“එයාව ඉන්ටර්ඩික් කරලා..”
මා මුමුණනා විට ඔවුන් දෙfදානාගේ නෙත් විසල් වූහ.
“මිනිහා මොකද කරලා තියෙන්නේ..?”
“මොනවත් කරලා නෙමෙයි මල්ලී.. චෙක් එකක ප්‍රශ්නයක් එයා පිටින් ගිහින්.. තවම පරීක්ෂණ නිසයි එයාව නවත්තලා තියෙන්නේ..”
මා පැවසුවේ, සේවය අත්හිටුවීම සම්බන්ධයෙන් කතා කරන්නට ගොස් සිදු වූ සියල්ල සඟවාලමිනි.
“ඔය කරගෙන තියෙන්නේ ඉතින්.. දැන් මොකද මහ අම්මණ්ඩි කියන්නේ..? ඔයා නිසා තමයි ජොබ් එක නැති වුණේ කියනව ද..?”
අම්මා බලා සිටියාක් මෙන් අසනා විට මම යටිතොල සපාගෙන නිහඬ වීමි.
“ඔය නැන්දම්මට පිස්සුනේ කොහොමත්…”
“අක්කා, නෙලුක අයියාවත් එක්කගෙන මෙහෙට ඇවිත් ඉන්නවා.. මෙහෙන් ජොබ් එකක් හොයාගන්න කියන්න එයාටත්.. තමුසේ දුක් විඳින්න යන්න ඕනයැ..”
මල්ලීගේ යෝජනාව ඉතාම හොඳ එකක් වුවත් නෙලුක ඊට කැමැති වෙනු ඇද්දැයි මට තිබුණේ සැකයකි.
“බලමුකෝ.. එක පාර මොනවත් කරන්න බෑනේ මල්ලී.. අයියගේ අම්මත් තනියෙන්නේ..”
‘අයියා මෙහෙ ජොබ් එක කරනකනුත් එයා එහෙ තනියෙන්නේ හිටියේ..”
මල්ලී ඉදිරිපත් කළේ මට බිඳින්නට නොහැකි තර්කයකි.
“නෙලුකත් එක්ක කතා කරලා බලන්න ශෙනායා.. දැන් ජොබ් එකත් නැත්නම් ඔයාට එහෙ ඉඳලා සෑහෙන දුකක් විඳින්න වෙනවා.. අනික ඒවා සේරම ඔයාගේ පිටින් යයි.. මගේ කෙල්ලට දුකක් දෙන්නේ නෑ කියලානේ කසාද බැඳ ගත්තේ… අදම කතා කරලා බලන්න..”
කෝපවත් ස්වරයකින් පවසමි අම්මා සේම මල්ලී ද කාමරවලට යද්දි මම ද සුසුමක් හෙලමින් කාමරයට පිවිසුණෙමි.
නෙලුක මිතුරු හමුකට ගොස් තිබුණෙන් ඔහුට ඕනෑ දෙයක් කරගන්නට ඉඩ දී මා ද නිහඬ වූයේ කතා කරන්නට තරම් සිතක් නොවූ නිසාමය.

යළි හමුවෙමු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart