මටත් කවියක් ලියන්න – 7

මාසයක් ගෙවී යන විට ළදරු පාසැලත් එහි සිසු සිසුවියනුත් මට හොඳින් හුරු වී තිබිණි. ජාත්‍යන්තර ළදරු පාසැලක් නිසා සාරි ඇදීම අනවශ්‍ය නොවූයෙන් බොහෝ දිනවලට මා ඇන්දේ සැහැල්ලු කාර්යාලීය කලිසමක් හා අත් දිග බ්ලවුසයකි.එහි සේවය කළ මගේ වයසට සම වයසේ සිටි ගුරුවරියන් තිදෙනා මා හා බොහෝ සේ මිතුරු වුවත් වැඩිහිටි වියේ සිටි ගුරුවරියන් දෙදෙනා නම් අමනාපකම් …

මටත් කවියක් ලියන්න – 7 Read More »

මටත් කවියක් ලියන්න – 6 කොටස

සඳුදා දින එළඹියේ වේගයෙනි. විවාහයෙන් පසු රැකියාවට යන පළමු දින නිසාත්, කුරුණෑගල ශාඛාවේ රැකියාව යන පළමු දිනය නිසාත් මා සිටියේ තරමක් නොසන්සුන්වය.අලුයම අවදිව අම්මා හා එක්ව ආහාර පිළියෙල කළේ නෙලුකට හා මට රැකියා ස්ථානවලට ගෙන යෑමටත් සමඟ ය.අම්මා ද විශ්‍රාමික ගුරුවරියක වූ නිසා කිසිදු විටෙක මගේ රැකියාවට ඇය එරෙහි නොවුණාය. අම්මාට වැඳ නෙලුක සමඟින්ම පිටත් …

මටත් කවියක් ලියන්න – 6 කොටස Read More »

යදමින් බැඳි පොත් ඇති පුස්තකාල

අතීතයේදී පොව පොත් බහුල වුයේ නැත. මධ්‍යතන යුගයේදී පොත් යනු අතිශය දුර්ලභ වස්තුවක් විය. ග්‍රන්ථයක පිටපත් සීමා වීම මෙයට ප්‍රධාන හේතුවක් වු අතර බොහෝ විට ග්‍රන්ථයක පිටපත් සංඛ්‍යාව පැවතියේ එකකට සීමා විය. මේ යුගය වන විට ලොව මුද්‍රණ ශිල්පය හඳුනාගෙන සිටියේ නැත. එබැවින් පොත් ලියැවුනේ අතින් පමණි. පොත් පිටපත් වුවා නම් එය සිදුවුයේද අතින් පමණි. …

යදමින් බැඳි පොත් ඇති පුස්තකාල Read More »

මටත් කවියක් ලියන්න – 5 කොටස

අනුකි සේම දිමුතු ද දුරකථන ඇමතුම හා සම්බන්ධ වූයේ ගෙවී ගිය දිනයන්ගේ මතකයන් සිහිපත් කරමිනි. ඇමතුම විසන්ධි වූ පසු කඳුළු කම්මුල් තෙමාගෙන වැක්කෙරෙන්නට වූයේ නවතා ගත නොහැකිවය.“මැණිකේ..”එක්වරම පිටුපසින් නෙලුකගේ හඬ ඇසුණෙන් මම කලබලයෙන් දෙනෙත් පිසදා ගත්තෙමි.“මොකෝ මේ අඬන්නේ..?”කඳුළු පිසදා ගත්තත් මා හැඩූ බව ඔහුට සැඟවීම අපහසු විය. මම කිසිත් නැතැයි හිස දෙපසට සැලුවත් නෙලුක දෙඋරහිස් …

මටත් කවියක් ලියන්න – 5 කොටස Read More »

සඳට පෙම් බැඳ තරු අහුලා ගත් රත්නා පුෂ්පකුමාරි

තැඹිලිගස්මුල්ල ධීරානන්ද දහම් පාසැලේ හත් වෙනි වසරේ සිටි කුලෑටි කෙල්ල මහානාම හාමුදුරුවන්ගේ අවධානයට පාත්‍ර වූයේ ඇය කිසිම දිනෙක සමිතියට ඉදිරිපත් වී නොතිබුණ බැවිනි. ඉතාම හොඳින් පොතපතේ වැඩ කරන, අපූරු රචනා ශෛලියක් ඇති මේ කෙල්ල දවසක් හාමුදුරුවන් විසින් කැඳවනු ලැබුවාය. ඇය හාමුදුරුවන් හමුවට ගියේ බියේ ගැහෙමිනි. “අද හවස දහම් පාසැල් සමිතියේදී ඔය ළමයා කතාවක් කරන්න ඕන..” …

සඳට පෙම් බැඳ තරු අහුලා ගත් රත්නා පුෂ්පකුමාරි Read More »

මටත් කවියක් ලියන්න – 4

වසර විසි ගණනාවක්ම ජීවිතය ගෙවූ නිවසින් ඈත්ව වෙනස්ම පරිසරයක අලුත්ම නිවසකට ආ පසු සියල්ල දැනෙන්නේ නුහුරුවටය. එම නුහුරුව නිසාමදෝ මා අවදි වූයේ වෙනදාටත් වඩා වේලාසනිනි. ඒ වන විට ඔරලෝසුව මත වේලාව සටහන්ව තිබුණේ අලුයම 5 වශයෙනි. මගේ බඳ වටා එතුණු නෙලුකගේ දෑත් වළල්ලෙන් මිදීම ද පහසු නොවුණු තැන මම යළිත් දෑස් වසා ගතිමි. වෙනදා නිවසේදී …

මටත් කවියක් ලියන්න – 4 Read More »

මටත් කවියක් ලියන්න – 3

රතු පැහැති සාරියෙන් සැරසී සිටි මම නෙලුකගේ නිවසට යෑමට තිබෙන අතුරු පාර අද්දරදී මෝටර් රථයෙන් බිමට බැස්සෙමි. ඔහුගේ මිතුරන් එකතු වී ලබා දෙන වදය විඳ දරා නොගෙන නිවසට යන්නට ඉඩක් නොලැබෙන බව නෙලුක කල් තියාම මා දැනුවත් කර තිබිණි. මෙරූන් පැහැති කුර්තා ඇඳුමකින් සැරසී සිටි නෙලුක මගේ දකුණතේ ඔහුගේ සුරතේ පටලා ගනිමින් මෘදු සිනාවක් පෑවේය.“අඩෝ …

මටත් කවියක් ලියන්න – 3 Read More »

මටත් කවියක් ලියන්න – 2

යම් සුමුදු යමක් සිරුරු පුරා තැවරෙනු දැනෙද්දී මම එය ඉවතට තල්ලු කරමින් මුණින් අතට හැරුණෙමි. තද නින්දක සිටි මා අවදි වූයේ යමක් සිරුරේ තැවරෙනු දැනුණු නිසාය. මුණින් අතට හැරුණත් නිරුවත් පිට පුරාත් එය ගමන් කළේ සිරුරම කිති කවමිනි.“අයියෝ අම්මා… ”මා නොරිස්සුමෙන් කෑ ගැසුවේ අලුයම අවදි නොවුනු විට මා අවදි කරවන්නට ඇය මට වද දෙන නිසාය.“වද …

මටත් කවියක් ලියන්න – 2 Read More »

මටත් කවියක් ලියන්න – 01

සුන්දර නුවරඑළියේ සුඛෝපභෝගී හෝටල් කාමරය තුළ මම කණ්ණාඩිය හරහා පෙනෙන මගේම රුව දෙස බලා සිටියෙමි. රෝස පැහැති දිගු ගවුමකින් සැරසී සිටි මාගෙන් වෙහෙසකර බවක් පළ වුවත් පෙනුමට ඉන් හානියක් වී නොතිබිණි. අලුයම දෙකට උඩරට මනමාලියක සේ සැරසුණු මා පිටව එන්නට පෙර මෙම රෝස පැහැ ඇඟලුමෙන් සැරසුණෙමි. ඔසරියටත් වඩා මෙය මට ගැලපෙතැයි සිතුණේ කෘතිමව කැරලි ගැන්වූ …

මටත් කවියක් ලියන්න – 01 Read More »

මටත් කවියක් ලියන්න – ඇරඹුම

පවනි උමයංගනා ක්ලේමෝ බෝම්බයක් පුපුරා සියල්ල එක මොහොතකින් විනාශ වී ගියාක් වැනි හැඟීමක් දැනෙද්දී මම අතෙහි වූ ජංගම දුරකථනය දෙස බලා සිටියෙමි. එහි තිරය මත හිනැහෙමින් සිටි රුව දුටු විට මට දැනුණේ හුස්ම ද නවතින්නට එන සෙයකි. දෑත් දෙපා වෙව්ලද්දී මම සයනය මතට කඩා වැටුණෙමි. දුරකථනය ගිලිහී මෙට්ටය මතට වැටුණත් එහි තිරයෙන් දෙනෙත් මුදා ගැනීමට …

මටත් කවියක් ලියන්න – ඇරඹුම Read More »

Shopping Cart