මටත් කවියක් ලියන්න – 5 කොටස
අනුකි සේම දිමුතු ද දුරකථන ඇමතුම හා සම්බන්ධ වූයේ ගෙවී ගිය දිනයන්ගේ මතකයන් සිහිපත් කරමිනි. ඇමතුම විසන්ධි වූ පසු කඳුළු කම්මුල් තෙමාගෙන වැක්කෙරෙන්නට වූයේ නවතා ගත නොහැකිවය.“මැණිකේ..”එක්වරම පිටුපසින් නෙලුකගේ හඬ ඇසුණෙන් මම කලබලයෙන් දෙනෙත් පිසදා ගත්තෙමි.“මොකෝ මේ අඬන්නේ..?”කඳුළු පිසදා ගත්තත් මා හැඩූ බව ඔහුට සැඟවීම අපහසු විය. මම කිසිත් නැතැයි හිස දෙපසට සැලුවත් නෙලුක දෙඋරහිස් …