සිත් අහසට නුඹ ඇවිදින් – 14 කොටස
මා දෙනෙත් හැරියේ මුහුණේ මස් පිඬුවලින් වලින් මෙන්ම තොල පැලීමෙන් ඇතිවූ තුවාලයෙන් දැනෙන වේදනාවෙන් මුහුණම පුපුරු ගසද්දීය. මතකයේ වූයේ මෝටර් රථයේ අසුනට හිස තබා දෙනෙත් පියාගත්තා පමණය. දෙනෙත් හැර බලද්දී ඉහළින් පෙනුණේ අලංකාර කැටයම් සහිත සිවිලිමකි. “ආනේ ඇහැරුණාද දෝණි…. මම මේ බල බලා හිටියෙ සැරින් සැරේ…. හොඳ නින්දක හිටිය නිසා ඇහැරවන්නත් ලෝබ හිතුණා….”“ආන්ටි ඔයා…. මං …