“සිතූ…. මොකද මේ…. මම බයවුණා මෝඩියේ….” මනුල මදෙසට හැරුණේ තිගැස්සෙමිනි.
“ඇයි මොකද….?” මම තවත් තදින් මනුලගේ අතින් අල්ලා ගතිමි.
මේ වන විට ශෙනුල්ගේ මුහුණේ ස්වභාවය කෙබඳුදැයි සිතද්දීත් සිතට දැනුණේ කුරිරු සතුටකි.
“ඇයි මොකද අහන්නේ…. කවදාවත් නැතුව මොකද බං මේ….”
“හරි හරි පොඩ්ඩක් දුර ඔහොම යං…. අර යකා පිටිපස්සේ…. දැන් බලාගෙන ඇති පුපුර පුපුරා….”
“මොන යකාද….?
“අර මනුස්සය අනේ….”
“යකෝ අර ශෙනුල්ද….?”
“ඔව් ඔව් එයා තමයි…. දඟලන්නෙ නැතුව යමුකෝ….”

“යමු…. යමු…. තෝ නිසා මං ගුටි කනවා වෙලාවක….” මනුල හිනැහෙමින් පැවසුවේ පැවසුවේ මගේ උරහිස වටා අතක් ද යවමිනි.
“ඔෆිස් එකේ මොකෙක්වත් නොදකීවා කියල ප්‍රාර්ථනා කරපං ඈ…. දැක්කොත් අපි දෙන්නම විනාසයි….” ඉදිරියට යන අතරේ මනුල කීවේ ඔහුගේ මුව මගේ සවනතට සමීප කරමිනි.
ශෙනුල් ඉදිරිපිට එසේ හැසිරෙන්නට හැකිවීම සම්බන්ධයෙන් කාර්යාලය ගිය පසු ද මා සිටියේ දැඩි සතුටිනි.
“ඒක නම් මරු මනූ…. ඊයෙ එයත් එක්ක එන්ගේජ්මන්ට් එකට සාරි තෝරපු කෙනා අද වෙන කොල්ලෙක්ගේ අතේ එල්ලිලා යනව දැක්කාම පොරට මොනව හිතෙන්න ඇද්ද කියල මම මේ කල්පනා කළේ….” මා උදෑසන ආහාරය ගන්නා අතරේත් මනුල හා කතා කළේ ඒ ගැනය.
මේ අම්මා ශෙනුල් හා ගැනීමට සකසා දුන් ආහාරයයි.
“හිතන් ඉන්න ඇති මාත් එක්ක මග නැවතිලා මේක බෙදාගෙන කන්න….” සිතමින්ම මම එය මනුල හා බෙදාගතිමි.
“මේ සිතූ…. දැන් ඒ මනුස්සයට පේන්න මෙහෙම හැසිරිලා බලාපොරොත්තු වෙන්නෙ මේව දැකල එයා උඹව අතාරියි කියලද….?”
“වෙන කොල්ලෙක්ගෙ අතේ එල්ලිලා යනව දැක්කට පස්සෙ පොරට මාව එපා වෙයි නේද මනූ….?”
“එහෙම හිතන්නත් බෑ…. ඒත් බලමුකෝ….”
“එහෙම නොවුණොත් මොකද කරන්නේ….?”
“ඔයා කැමති නම් මම ශෙනුල් මීට් වෙලා කතා කරන්නම්….”
“ඔයා එයා මීට්වෙලා මොනවද කතා කරන්නෙ….”
“කතා කරන දේ මං කතා කරන්නම්…. ඔයා කැමතිද නැද්ද කියල කියන්නකෝ….”
“මේ කසාදෙ නවතිනවනම් මොනව වෙලා හරි කමක් නෑ මනූ…. හිනාවෙලා හිටියට මේක මගෙ හිතට මහ බරක්….”
“බය නැතුව ඉන්න…. ඔයාට ඕනෙ දේකදි මමයි මන්දියි ඉන්නවා….” ඔහු පැවසුවේ මගේ හිස මතින් අතක් තබමිනි.
“තෑන්ක්ස් මනූ….”
“තෑන්ක්ස් ඕනෙ නෑ…. යමු දැන් ඔය දේවල් අමතක කරලා වැඩ පටන් ගමු….”
“ඔව් යමු…. බොස් දුන්න ෆයිල් වගයක් චෙක් කරන්නත් තියෙනවා….” කී මම මනුල හා ගොස් රාජකාරී කටයුතු ආරම්භ කළෙමි.
දින කිහිපයක් ගතවූව ද ශෙනුල්ගෙන් ඇමතුමක් හෝ ලැබුණේ නැත. ඔහු මා මනුලගේ අතේ එල්ලී යනවා දුටු බව ස්ථිරය. එහෙත් ඒ ගැන ඔහුගෙන් කිසිඳු ප්‍රතිචාරයක් නොලැබෙද්දී දැනුණේ පුදුමයකි.
“අර දරුවා අද ඇවිත් ගියා….” අම්මා කීවේ ඊයේ රාත්‍රියේ දුරකතන ඇමතුමක් දුන් අවස්ථාවේය.
“ආ ඇත්තද…. ඉතින් මොනවද කිව්වේ….” සිතුණේ ඔහු මා මනුල හා හැසිරුණු අන්දම අම්මාත් අප්පච්චීත් සමඟ කියන්නට ඇති බවය.
“එහෙම විශේෂ මොනවත් කිව්වෙ නෑ ලොකූ…. ඒත් ඔයා මේ කසාදෙට කැමති වුණේ ගෙදර අය බල කරපු නිසාද කියල නම් මගෙන් ඇහුවා….”
“ඉතින් අම්ම කිව්වෙ නැද්ද ඔව් කියලා….”
“පිස්සුද ලොකූ…. ඔයාට ඕනෙ ඕව කියල මං මේ ගෙදර ඉන්න එක නැති කරන්නද….? අනික ඒ දරුව ඔය ටික ඇහුවෙත් අප්පච්චි එහාට මෙහාට යනකම් ඉඳලා…. ටිකක් දුකෙන් වගෙත් හිටියේ…. මම මේ කතා කළෙත් ඔයා ඒ ළමයගෙ හිත රිදෙන්න මොනව හරි කිව්වද අහන්න….”
“මේ නෑ අම්ම්ා…. එහෙම මොනවත් වුණේ නැහැ…. එයා නිකමට අහන්න ඇති….”
“අනේ මන්දා ලොකූ…. මගෙ හිතට හරි අමුත්තක් දැනෙනවා….”
“අයියෝ එහෙම මොනවත් නෑ අම්මා…. බොරුවට කල්පනා කරලා ලෙඩ වෙන්න එපා….”
“හරි හරි…. දැන් ඔයා හෙට ගෙදර එනවද….?”
“ගිය සතියෙත් ආවනෙ අම්මා…. මේ සතියෙ නම් බෑ….”
“එහෙනම් ඊ ළඟ සතියෙ ඇවිත් යන්න…. නංගි ඔයාගෙ සාරි ජැකට් එක මහන්න දීල තිබුණා….” මව ඒ බව කියන තුරු මට සාරියට හැට්ටයක් මසා ගත යුතු බව සිහිවූයේත් නැත. විවාහය ලියාපදිංචි කරන දිනය දිනෙන් දින ළඟා වන බව සිහියට ආවේත් එවිටය.
මා මේ ගැන උනන්දුවක් නැති බව දන්නා නිසාම නැගනිය එය මසන්නට දෙන්නට ඇත. අප දෙදෙනාම ශරීර ප්‍රමාණයෙන් බොහෝ දුරට සමාන වූ නිසා මීට පෙර ද ඇය තම මිම්ම ලබාදී මට ඇඳුම් මස්සවා තිබිණි.
උදා වූ සති අන්තයේ සුපුරුදු පරිදි උදෑසනින්ම රෙදි සෝදා දමා කාමරය ද අස් පස් කළ මා ඇඳට වැටුණේ පෙර දින මන්දිතා පුස්තකාලයෙන් රැගෙන විත් තිබූ නවකතාවක් ද රැගෙනය.
ඇය ද සති අන්තයේ නිවසට ගොස් සිටි බැවින් දැනුණේ පාලුවකි.
දුරකතනය නාද වූයේ ඒ අතරය. ඇමතුම ලැබුණේ ශෙනුල්ගෙනි.
“හෙලෝ….” දින කිහිපයක් පැවති ඔහුගේ නිහඬතාව ගැටලුවක් වූ නිසාම මම එම ඇමතුමට සම්බන්ධ වීමි.
“ගෙදර ගියාද….?”
“නෑ බෝඩිමේ ඉන්නේ….”
“ටිකක් කතා කරන්න ඕනේ…. මට ඔයාව මීට් වෙන්න පුළුවන්ද….? මමත් කොළඹම තමයි ඉන්නේ….”
“ඇයි මොනව කතා කරන්නද….?”

“හෙට අනිද්ද කසාද බඳින්න ඉන්න දෙන්නෙක්ට කතා කරන්න දේවල් නැද්ද බෝනික්කි….”
“අනේ මේ මම කිව්වනෙ මට ඔය නම කියන්න එපා….”
“එහෙනම් මැණික…. පැටියෝ…. සුදූ…. මේ තුනෙන් කැමති එකක් කියනවකෝ…. මාත් ආසයි ඒ වගේ නමකින් කතා කරන්න….” ඔහු කීවේ මගේ සිත කේන්තියෙන් පිරී යද්දීය.
“අනේ මේ ඔයා එක්ක විකාර කතා කරන්න වෙලාවක් නෑ…. මම තියනවා….”
“මේ මේ සිතූ…. කේන්ති නොගෙන පොඩ්ඩක් අහනවද….? මට ඔයාගෙන් දැනගන්න දෙයක් තියෙනවා….” මා සවනතින් ඈත් කරන්නට ගිය දුරකතනය යළිත් සවනට තෙරපා ගත්තේ ඔහු කියනු ඇසෙද්දීය.
11 වන කොටසින් හමුවෙමු.
Your article provides a fresh perspective on the topic, and I appreciate the way you presented your ideas clearly and concisely.
Your article was thought-provoking and well-written. You have a talent for explaining complex ideas in a simple way.
Your article is a valuable resource for anyone looking to make a positive impact in the world. Thank you for sharing your knowledge and expertise with us.
This is a fantastic article that provides practical tips and advice. I appreciate the way you presented the information in a way that is easy to follow and relevant to readers.
I was impressed by the amount of detail you included in this article. You didn’t leave anything out.
I appreciate the time and effort you put into researching this topic. It’s clear you’re passionate about providing accurate and helpful information.
Your writing is so engaging and relatable. I feel like I’m not alone in my struggles after reading your post.
Your article is both informative and inspiring. I appreciate the way you challenge readers to take action and make a difference.
For the reason that the admin of this site is working, no uncertainty very quickly it will be renowned, due to its quality contents.