Matath kaviyak lianna – Pawani Umayangana

මටත් කවියක් ලියන්න 17

නොනවත්වා නාද වෙන ජංගම දුරකථන තිරය දෙස මා ඔහේ බලා සිටියේ එයට පිළිතුරු දෙන්නට සිතක් නොවුණු නිසාය.උදෑසනම, නිවැසියන් හා ඇති වූ ගැටුමෙන් පසුව මා කාමරයටම වී සිටියේ කිසිවෙකු හා කතා නොකරමය. යලිත් කුරුණෑගල යෑමට සිතුණත් ඊට සවියක් නොවිණි. අම්මා මල්ලී කොහේ හෝ ගිය බව ඇසුණු පසුව, ක්‍රියා විරහිත කර තිබූ දුරකථනය ද ක්‍රියාත්මක කර තබා, …

මටත් කවියක් ලියන්න 17 Read More »

මටත් කවියක් ලියන්න – 16

හිරු සුන්දරව පායා තිබුණත්, ලස්සන මලින් ගෙමිදුල හැඩව තිබුණත් මට ඒ කිසිවක සුන්දරත්ව නොපෙනිණි. අම්මා සකසා දුන් තේ කෝපප්ය අතැතිව ගෙමිදුලේ සෙමෙන් සක්මන් කළේ රාත්‍රිය පුරාවට හඩා වැටුණු විඩාබර දෙනෙත් වලට සහනයක් දෙන්නටය. වේදනා දෙන ගතට සැහැල්ලුවක් දෙන්නටය. එහෙත් දෙපාවලට පණ නැති ස්භාවයක් දැනෙද්දී මම නිවසේ ඉදිරි පඩියේ අසුන්ගෙන උළුවස්සට හිස හේත්තු කළෙමි.කුරුණෑගල සිට කොළඹ …

මටත් කවියක් ලියන්න – 16 Read More »

මටත් කවියක් ලියන්න 15 කොටස

මා නිදිමතේම ඇඳෙන් නැඟී සිටියත් එසැණින් යළිත් ඇඳ මතටම වැටුණේ කම්මුල හරහා එල්ල වූ තද පහරක් සමඟය. මා කම්මුල ද අල්ලා ගත්වනම නෙලුක දෙස බලා සිටියේ කිසිත් සිතා ගත නොහැකිවය.“නෙ.. නෙලුක…”මට ගොත ගැසිණි.“උඹ කා එක්ක ද අද ලව් කළේ..?”ඔහු එක්වරම විමසද්දී මගේ දෙනෙත් කුඩා වූයේ එවදන් වටහා ගත නොහැකිවය.“මොනවද මේ අහන්නේ..?”“එක එකා එක්ක වාහනවල එන්න …

මටත් කවියක් ලියන්න 15 කොටස Read More »

මටත් කවියක් ලියන්න – 13

වෛද්‍යවරයාගේ කාමරයෙන් පිටතට පැමිණි නෙලුක, ඖෂධහල අසළ පුටුවකට බර දෙන විට මම ඖෂධ මිලට ගැනීමට ගියෙමි.නෙලුක දියවැඩියාවෙන් හා අධි රුධිර පීඩනයෙන් පීඩා විඳිමින සිටියෙන් වෛද්‍යවරයා ඔහුට ඖෂධ නියම කළේ ආහාර ද පාලනය කරන්නට උපදෙස් ලබා දෙමිනි. තෙදිනක්ම, නෙලුක මා හා ඒකාත්මික වීමට උත්සාහ කළත් ඔහුගේ සිරුරේ ඇති වූ දුර්වලතාවය එලෙසින්ම පැවතිණි. ඔහු බොහෝ සේ නොසන්සුන් …

මටත් කවියක් ලියන්න – 13 Read More »

මටත් කවියක් ලියන්න – 12

සිතූ පැතූ ජීවිතය නොසිතූ අතකට හැරෙද්දී මම කෙමෙන් ඊට අනුගත වීමට උත්සාහ කළෙමි. සිත් පීඩාව නිසාම නෙලුකගේ නව ව්‍යාපාරය සම්බන්ධයෙන් අම්මා හා මල්ලී දැනුවත් කළ විට ඔවුන්ගෙන් ද ලැබුණේ මගේ සිත රිදවන වදන්මය.“මගේ දුවව මම දුන්නේ කඩලකාරයෙකු නෙමෙයි.. මැනේජර් කෙනෙකුට.. මොකක්ද දැන් මේ කරන විකාරේ.. නෙලුකගේ අම්මාගෙත් ලොකුව නම් තියෙනවා..”අම්මා නොනවත්වා බැණ වැදුණේ මල්ලී ද …

මටත් කවියක් ලියන්න – 12 Read More »

මටත් කවියක් ලියන්න – 11 කොටස

සිතේ වේදනාවක් තිබුණත් සිනාවෙන් ගෙවුණු දෙදිනකට පසු මම කුරුණෑගලට පැමිණියෙමි. නිවසෙහි අම්මාවත් නෙලුකවත් නොසිටියේ මා පුදුමයට පත් කරමිනි. නෙලුකට මා එන බව දන්වන්නට ගත් ඇමතුමට ද ඔහු සම්බන්ධ නොවූ වග සිහිපත් වෙද්දී මා නිවසට ඇතුල් වූයේ කල්පනාකාරීවය.නෙලුකට දුරකථන ඇමතුම් කිහිපයක්ම ගත්තත් ඔහු එකඳු ඇමතුමකටවත් සම්බන්ධ නොවිණි. සිතට කෝපයක් දැනෙද්දී මම දුරකථනය පසෙකට දමා තේ කෝප්පයක් …

මටත් කවියක් ලියන්න – 11 කොටස Read More »

මටත් කවියක් ලියන්න – 10 කොටස

සතියක් ගියේ අප දෙදෙනා අතර ඇති වූ සිත් නොහොඳකම් සම්පූර්ණයෙන් ඉවතට නොයවාමය. මම බොහෝ විට නැන්දම්මාව මඟ හැර සිටියත් ඇගෙන් එල්ල වෙන ඇනුම්පදවල නම් අඩුවක් නොවිණි.මා නෙලුක සමඟ ද කතා බහ අඩු කර දැමුවේ සිතට දැනෙන වේදනාව නිසාමය. කිසිවෙකුට නොකියාම සිදු වූ සියල්ල තනි සිතට දරාගෙන සිටියත් විටෙක මා පුපුරා ගියේය. එකම සයනයේ දෙපසට වී …

මටත් කවියක් ලියන්න – 10 කොටස Read More »

මටත් කවියක් ලියන්න – 09

දින වේගයෙන් ගෙවී ගියේ ජීවිතය කෙමෙන් අසීරු තත්ත්වයකට පත් කරමිනි. මට නෙලුක හා කාමරයට වී කිසිදු පෞද්ගලික දෙයක් කතා කිරීමට නොහැකි වූයේ නැන්දම්මා fදාර අසළ ඉඳගෙන අප කාමරයට කන තබාගෙන සිටින්නට වූ නිසාය.ඇගේ නවතම පුරුද්ද අපේ නිදහස සම්පූර්ණයෙන්ම අහුරන්නට වූයේ මගේ කෝපය ද දිනෙන් දින වැඩි කරලමිනි.පෙරපාසලේදී මගේ හිතවතිය වූ වත්සලා සමඟින් මම නැන්දම්මා ගැන …

මටත් කවියක් ලියන්න – 09 Read More »

මටත් කවියක් ලියන්න – 8

ළදරු පාසැලෙන් වේලාසන පැමිණි දිනෙක මා වත්තේ ඇවිදිමින් සිටියේ නෙලුකගේ අම්මා ද පෙනෙන මානයක නොවූ නිසාය. වත්ත පුරාවට වැවී තිබූ ගස් වැල් වර්ග හඳුනා ගන්නට තරම් දැනුමක් මට නොතිබුණි. අම්මාගෙන් පැමිණි දුරකථන ඇමතුමට මා සම්බන්ධ වූයේ උස්ව වැඩි තිබූ වල් පැළ අතර වැටී තිබූ පැෂන් ගෙඩි කිහිපයක් අහුලා ගනිමිනි.“මොකද කරන්නේ..?’“මොනවත් නෑ අම්මා.. වත්තේ ඇවිද්දා..”“හ්ම්ම්.. රෑට …

මටත් කවියක් ලියන්න – 8 Read More »

මටත් කවියක් ලියන්න – 4

වසර විසි ගණනාවක්ම ජීවිතය ගෙවූ නිවසින් ඈත්ව වෙනස්ම පරිසරයක අලුත්ම නිවසකට ආ පසු සියල්ල දැනෙන්නේ නුහුරුවටය. එම නුහුරුව නිසාමදෝ මා අවදි වූයේ වෙනදාටත් වඩා වේලාසනිනි. ඒ වන විට ඔරලෝසුව මත වේලාව සටහන්ව තිබුණේ අලුයම 5 වශයෙනි. මගේ බඳ වටා එතුණු නෙලුකගේ දෑත් වළල්ලෙන් මිදීම ද පහසු නොවුණු තැන මම යළිත් දෑස් වසා ගතිමි. වෙනදා නිවසේදී …

මටත් කවියක් ලියන්න – 4 Read More »

Shopping Cart