Month: January 2023

සිත් අහසට නුඹ ඇවිදින් – 4 වන කොටස

කලකට පසු නිවසට ගියේ සති අන්තයම නිවසේ ගත කර සඳුදා උදෑසන කාර්යාලයට පැමිණීමේ අදහසින් වුවත් ඉරිදා උදෑසනින්ම මා යළි නවාතැන වෙත පැමිණියේ තවදුරටත් නිවසේ රැඳී සිටින්නට සිතක් නොවූ බැවිනි. තාත්තාගේත්, නැන්දාගේත් මතය රජයන නිවසේ ඔවුන්ට එරෙහිවීමේ හැකියාවක් අම්මාට නැති බව දැන දැනම ශෙනුල් යනු කුමන ආකාරයේ අයකුදැයි ඇයට හෝ කීම පලක් නොවන බව දැන සිටි …

සිත් අහසට නුඹ ඇවිදින් – 4 වන කොටස Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – 3 කොටස

“මේ අපි එහෙනම් කෑම ටිකක් කාලම ඉමු නේද….? පස්සෙ බැරියෑ විස්තර කතා කරන්න….” අම්මා පැමිණ ආරාධනා කළ පසු සියලු දෙනාම කතාව නවතා ගියේ කෑම කාමරය වෙතය. තම මිතුරා කලකට පසුව පැමිණීම නිසාදෝ අප්පච්චී සිටියේ දැඩි සතුටකිනි. ඔවුන්ගේ පවුල අප නිවසින් පිටව යන තුරුම දෙදෙනා ආගිය තොරතුරු කතා කිරීම නැවතුණේ නැත. ඔවුන් කොතරම් සතුටින් අල්ලාප සල්ලාපයේ …

සිත් අහසට නුඹ ඇවිදින් – 3 කොටස Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – 2 කොටස

“මෙන්න සුදු පුතා ඔයාගෙ බෝනික්කී….” මගේ අතින් අල්ලාගෙනම විසිත්ත කාමරයට ගිය ඇය මා මදක් ඉදිරියට තල්ලු කරමින් කියද්දී මා ඇය දෙසත් අනතුරුව ඉදිරියේ සිටි අය දෙසත් බැලුවේ පුදුමයෙනි. “ඔ…. ඔයා….” ඔහු දකිද්දීත් දැනුණේ දෙපා වෙව්ලන බවකි.“ඔව් මං තමයි…. මතකද මාව….” ඔහු ඇසුවේ සිනාසෙමිනි.“මේ මතකයි…. ඒත් ඔයා කොහෙද මේ….”“මේ බලන්නකො සුධර්මා…. මේ දෙන්නගෙ මතකේ….”“ඒක තමයි මානෙල් …

සිත් අහසට නුඹ ඇවිදින් – 2 කොටස Read More »

තායිලන්ත දිනපොත – 4

1999 නොවැම්බර් 9 ඊයේ හවස අපිට ග්‍රෑන්ඩ් පැලස් බලන්න යන්න ලෑස්ති වෙන්න කිව්වා. තායිලන්තයේ තියෙන ලොකුම පන්සලලු. නිල් මැණික් බුදු පිළිමයකුත් තියෙනවලු. අපි පන්සල් යන්නෙ සපත්තු ගලවලා වුණාට ග්‍රෑන්ඩ් පැලස් එකට යන්න සම්පූර්ණයෙන්ම කකුල් වැහෙන්න සපත්තු දාන්න කිව්වා. අපි ලෑස්ති වෙලා ඇවිත් වෑන් එකට නැංගම අපේ ව්‍යවසායිකාවක් වුණ රෝහිණි අඬනවා එයාගෙ පර්ස් එක නැති වෙලා …

තායිලන්ත දිනපොත – 4 Read More »

තේජාන්විත සියවසක අවසානය

‘තේජාන්විත සියවසක් දෙවියන්ගේ දෙපා මුල නිමා විණි.’ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදිගේ ට්විටර් පිටුවේ සටහන් වූයේ 2022 දෙසැම්බර් 30 වෙනි සිකුරාදාය. වසර 99ක් ආයු වැළඳූ අග්‍රාමාත්‍යවරයාගේ මෑණියන් වන හීර්බෙන් මෝදි අභාවප්‍රාප්ත වූයේ එදින උදෑසනය. 1923 ජූනි 18 වෙනිදා ගුජරාට් හි, මෙහ්සානා විස්නගර් හි හීර්බෙන් උපත ලැබුවාය. පවුලේ වැඩිමහල් දරුවා ලෙසින් උපත ලැබූ ඇයට සිය ළමා කාලයට …

තේජාන්විත සියවසක අවසානය Read More »

සිත් අහසට නුඹ ඇවිදින් – ඩයනා උදයංගනී

1 කොටස කාර්යබහුල දින පහක් අවසන උදා වන සති අන්තයේ නවාතැනට වී දහවල් වන තුරු නිදාගැනීම පසුගිය කාලය පුරාවට මගේ පුරුද්දක් වී නමුදු මෙවර සති අන්තය උදාවූයේ එහි වෙනසක් සමඟිනි. අළුයම 4.30ට තබා තිබූ එලාමය වදිද්දී අවදි වූ මා ඇඳෙන් බැසගත්තේ නිදිගැට ද කඩමිනි.“අක්කි එනවා නේද….?” ජංගම දුරකතනයට කෙටි පණිවුඩයක් ලැබී තිබුණේ නැගනියගෙනි.“ඔව් එනවා චූටි….”“හරි …

සිත් අහසට නුඹ ඇවිදින් – ඩයනා උදයංගනී Read More »

Shopping Cart