හැම පරාජයක් පිටුපසම ජයග්‍රහණයක් තියෙන්න පුළුවන් – ජනප්‍රිය ලේඛිකා දිල්රුක්ෂි ගමගේ

අලුත්ම නවකතාව ගැන කතා කළොත් ප්‍රධාන චරිතය ඇස් අන්ධ වුණු ගෑනු ළමයෙක්. අන්ධ වුණත් ලස්සන යුවතියක්.එයාට සිද්ද වෙච්ච අසාධාරණකම් එක්ක, හැල හැප්පීම් ගොඩකට මුහුණ දීලා ජීවිතේ ජය ගන්නවා. ජයග්‍රාහී චරිත ගැනමයි කතා කරන්නේ? අපි සමාජේට දෙන්න ඕනේ පරාජිත චරිතයකට වඩා ජයග්‍රාහී චරිත ගැන.අපි කියනවනේ හැම පරාජයක් පිටුපසම ජයග්‍රහණයක් තියෙන්න පුලුවන් කියලා. මම කැමැති ධනාත්මකව කතා …

හැම පරාජයක් පිටුපසම ජයග්‍රහණයක් තියෙන්න පුළුවන් – ජනප්‍රිය ලේඛිකා දිල්රුක්ෂි ගමගේ Read More »

තායිලන්ත දින පොත – 3

1999 නොවැම්බර් 8 ඇග්‍රොමාට් පදනමේ පරිපාලන නිලධාරිනිය විදියට කටයුතු කරන දයානි හරිම සුහද ආදරණීය චරිතයක්. අනිත් අයගෙ වුවමනා එපාකම් ගැන හරියට හොයලා බලනවා. පාන්දරින්ම නැගිටින එකත් ඇගේ පුරුද්දක්. උදේම නැගිටලා උයන්න පිහින්න කියල ද..? දරුවන් ගෙ වැඩ කරන්න කියල ද..? නිදා ගන්න මෙහෙම චාන්ස් එකක් එන්නෙත් කලාතුරකින්නෙ. ඒ හින්දා මම ටිකක් වැඩිපුර නිදා ගන්නවා. දයානි …

තායිලන්ත දින පොත – 3 Read More »

තායිලන්ත දින පොත – 2

1999 නොවැම්බර් 7 අද අපි කාබනික ගොවිපොළක් බලන්න ගියා. ඒකෙ නම ලෙමන් ෆාර්ම්. මේක තායිලන්ත රජතුමාට අයිති ගොවි පොළක්. සාමාන්‍ය ජනතාවට වගා කරන ආකාරය උගන්නන්න පවත්වාගෙන යන එකක්ලු. සමහර වගාවන් කරලා තිබුණේ දැල් දාලා වට කරපු ග්‍රීන් හවුස්වල. මෙහෙම වගා කරනකොට කෘමීන් මර්දනය කරන්න වගේම බෝගවලට අවශ්‍ය දේශගුණය නිවැරදිව ලබා දෙන්නත් පහසුයි කියලා ගොවිපොළේ ප්‍රකාශකයෙක් …

තායිලන්ත දින පොත – 2 Read More »

තායිලන්ත දිනපොත – 1

1999 නොවැම්බර් 6අපි බැංකොක් එයාර්පෝර්ට් එකෙන් එළියට එනකොට පාන්දර 5. 45 ට විතර ඇති. මට හරිම විඩාබර බවක් දැනෙන්නෙ ගත්තෙ ගමන් මහන්සිය හින්දා නෙමෙයි. තරනයි, දරුවො දෙන්නයි දාලා මෙච්චර දුරක් එන්න හිත හදා ගත්තා කියන එකත් මටම පුදුමයක්. හෙට දුවගෙ ඉස්කෝලේ පෙරහැර. එයත් නැටුම් කණ්ඩායමක ඉන්නවා. ඒ නැටුම බලන්න මං එයිම කියලා එයා හිතාගෙන හිටියෙ. …

තායිලන්ත දිනපොත – 1 Read More »

ලෝක ප්‍රසිද්ධ ලේඛක ලේඛිකාවන්ගේ අමුතු පුරුදු

ලෝකේ ජනප්‍රිය ලේඛක ලේඛිකාවන්ට තිබිලා තියෙනවා බොහොම අපූරු පුරුදු. එයාලාගේ ජනප්‍රිය පොත් ලියන්න මේ පුරුදු උදව් වුණා කියලා කියනවා. මර්ඩර් ඔන් ද ඔරියන්ට් එක්ස්ප්‍රස් පොත වගේ අද්භූත ශානරයේ පොත් ලියන අගතා ක්‍රිස්ටි බාත්ටබ් එකේ ඉන්න ගමන් ඇපල් ගෙඩියක් කනවා. ඇය කියන විදියට ඇගේ නාන වේලාව තමයි සාර්ථකත්වයේ ගෙනැවිත් තියෙන්නේ. ඇය මේ වෙද්දී රහස් පරීක්ෂක කතා …

ලෝක ප්‍රසිද්ධ ලේඛක ලේඛිකාවන්ගේ අමුතු පුරුදු Read More »

vintage punk bracelet

Top On Sale Product Recommendations! Viking Ouroboros vintage punk bracelet for men stainless steel fashion Jewelry hip-pop street culture Original price:  USD 16.00 With a 50% discount Now: USD 8.00 Click&Buy: https://s.click.aliexpress.com/e/_A0sg2Z

පොත් කවරේ ගමන් මඟ

සාමානයයෙන් කතාවට කියන්නේ පොත් කවරේ දිහා බලලා පොතේ අන්තර්ගතය ගැන තීරණය කරන්න එපා කියලා. ඒ වුණත් ඉබේම වගේ අපේ ඇහැ ඇදිලා යන්නේ ලස්සන කවරවලට.අද වෙද්දී ‘හාඩ් බයින්ඩින්, යූ වී, ෆොයිල්, එම්බෝස්’ වගේ මුද්‍රණ ක්‍රමවේද ගොඩක් යොදා ගන්නවා පොත් කවරයක් වෙනුවෙන්.හැබැයි මීට අවුරුදු සීයක කලින් පොත් කවරයක් කියන්නේ අතින් ලියපු පිටු කිහිපයක් එකිනෙක සම්බන්ධ කරන්න යොදා …

පොත් කවරේ ගමන් මඟ Read More »

ශකුවි කැමැතිම පොත

මම එතකොට හිටියෙ උසස්පෙළ පංතියේ. මාස දෙක තුනකට වතාවක්, මගේ ශිෂ්‍යත්වෙට හිමි ශිෂ්‍යාධාර අරමුදල ලැබෙනවා. මාසෙකට රුපියල් තිස්පහ ගාණේ. ඉතිං මේ විදිහට සල්ලි ලැබුණාම මම ගම්පහ ලීලා පොත්හලට ගිහින් පොතක් මිලදී ගන්නවා. අසිරිමත් කුරුලු ලෝකය, ලස්සන ශ්‍රී ලංකා, ගොළු හදවත, තුෂාරයෙන් වැසුණු සඳක්, කෝ මගේ දරුවෝ අනේ, විල්පත්තු සිහිවටනය, අඟහරු ලොවෙන් ආ මිනිහා, චන්ද්‍ර සංචාරකයෝ, …

ශකුවි කැමැතිම පොත Read More »

රෝමාන්තික නවකතාවේ ඉතිහාසය හා දියුණුව

ලෝකයේ නවකතා වර්ග රැසක් තියෙනවා. ඒ අතරින් රෝමාන්තික නවකතා වැඩි ඉඩකඩක් නවකතා ලෝකයේ අයිති කරගෙන තියෙනවා. සාමාන්‍යයෙන් රෝමාන්තික නවකතාවක තියෙන්නේ යුවළක් අතරේ ඇතිවන ආදරය, සෙනෙහස එක්ක ඔවුන්ගේ හැඟීම් ගැන කතා කිරීමක් කියලා අර්ථ දැක්වෙනවා.රෝමාන්තික නවකතාවල ඉතිහාසය ගත්තම ග්‍රීක නවකතා අමතක කරන්න බෑ. රෝමාන්තික නවකතා ගොඩක් ග්‍රීක ලේඛක ලේඛිකාවන් අතින් රචනා වෙලා තියෙනවා. වර්තමානේ ඓතිහාසික ග්‍රීක …

රෝමාන්තික නවකතාවේ ඉතිහාසය හා දියුණුව Read More »

Shopping Cart