ව්‍යාකූල වර්තමානයක් ඇති ලංකාවේ ව්‍යාකූල අතීතය ගැන කියන බුකර් සම්මානයෙන් පිදුම් ලද ශෙහාන් කරුණාතිලක

දසත විසිරී සිටින දක්ෂ ශ්‍රී ලාංකිකයින් අර්බුද හමුවේ කඩා වැටී සිටින ශ්‍රී ලංකාව වරින් වර ලෝකය ඉදිරියේ ඔසවා තබන්නට සමත් වේ.
දක්ෂ ලේඛකයෙකු වන ෂෙහාන් කරුණාතිලක ද ශ්‍රී ලංකාවට ගෞරවය ගෙන ආවේ 2022 වසරේ ද බුකර්ප්‍රයිස් the booker prize සම්මානයට හිමිකම් කියමිනි. ඒ ඔහු විසින් රචිත ‘ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මෙයිදා’ The seven moons of the Maali Almeida කෘතියටයි.

ඔහුට පෙර ශ්‍රී ලංකාවේ උපත ලැබූ මයිකල් ඔන්ඩට්ජී ඔහුගේ ‘ද ඉංග්ලිෂ් පේෂන්ට්’ The English Patient කෘතියට බූකර් සම්මානය හිමිකර ගත් අතර ඒ 1992 වසරේදීය.

මයිකල් ඔන්ඩට්ජී


සිය සම්මානය එක්සත් රාජධානියේ රැජිණිය කැමිලා පාකර් අතින් ලබා ගත් ශෙහාන් කරුණාතිලක පැවසුවේ ව්‍යාකූල වර්තමානයක් සහිත ශ්‍රී ලංකාව දෙස සමස්ත ලෝකයම බලා සිටින මොහොතක ශ්‍රී ලංකාවේ ව්‍යාකූල අතීතය පිළිබඳ කියවෙන නවකතාවක් ලෝකයේම අවධානයට ලක්ව ඇති බවයි.
1975 දී ගාල්ලේ උපත ලැබූ ඔහු වැඩිදුර අධ්‍යාපනය නවසීලන්තයේදී හදාරා ඇති අතර කලක් එංගලන්තයේ හා සිංගප්පූරුවේ වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයේ සේවය කර ඇත.
ඔහුගේ නවකතාව ගෙතී ඇත්තේ මාලි අල්මේදා නැමැති මරණයෙන් නැඟී සිටින ඡායාරූප ශිල්පියෙකු වටාය. මාලි අල්මේදා සමලිංගිකයෙකු වෙන අතර සූදු කෙලින්නෙක් හා යුධ ඡායාරූප ශිල්පියෙකි. තමා මරණයෙන් නැඟිට ඇති බව වටහා නොගන්නා ඔහු සිතන්නේ තමන් මායාවක ගිලී සිටින බවයි.


ඔහුගේ වටා මළ සිරුරු, කොටස්වලට කැඩී ගිය ශරීර කොටස් ආදිය දකින්නට ලැබේ. මේ සියල්ල හරහා ලංකාවේ පැවැති යුධමය වාතාවරණයත්, 1980 දශකයේ ලංකාවේ පැවැති අඳුරු සමාජ පැතිකඩ පිළිබඳවත් හුවා දක්වන්නට ශෙහාන් උත්සාහ දරා තිබේ.
උපහාසයන්ගෙන් හා හාස්‍යයන්ගෙන් ද නොඅඩු කතාව පුරාවටම මරණයෙන් මතු මාලි අල්මෙයිදාගේ ගමන විස්තර කරයි.
“මම මේ පොත ලිවීමට හිතන්නේ 2009 වසරේ. ඒ යුද්ධය අවසන් වුණු වසර. මම මේ ගැන දිගටම හිතුවා. 2014 – 15 වගේ කාලේදී තමයි ලියන්න පටන් ගත්තේ. වර්තමානය ගැන ලියනවට වඩා අතීතේ ගැන ලියන එක ආරක්ෂිතයි කියලා හිතුණා.. හොල්මන් අවතාර, මරණින් මතු ජීවිතය, මරණාසන්න අත්දැකීම් වගේ දේවලුත් හදාරලයි මම කතාව ලිව්වේ..”
ඔහු කතාව අතරතුරේදී පැවසීය.
ශෙහාන් කරුණිතලක ලියූ පළමු නවකතාව වන්නේ ‘චයිනාමන්’ ය. බැලූ බැල්මට එය චීන ජාතිකයෙකු පිළිබඳ කතාවක් යැයි සිතුණත් සැබැවින්ම එය ලියවී ඇත්තේ ‘චයිනාමන් පන්දු යවන ක්‍රිකට් ක්‍රීඩකයෙකු පිළිබඳවය. එය ද සම්මාන රැසකින් පිදුම් ලැබූ වෙනස්ම කතාවකි. එහි පරිවර්තනය ‘චයිනාමන්’ නමින් දිලීප අබේසේකර විසින් සිදු කරන ලදී.


බුකර්ප්‍රයිස් සම්මාන උළෙල සෑම වසරකම එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වෙන්නේ ඉංග්‍රීසි බසින් ලියැවුනු හොඳම කෘතියට හිමි සම්මානය ලබා දීමටයි.
1969 දී බුකර් සම්මාන උළෙල ඇරඹි අතර මේ වන විට වසර 53ක සම්මාන උළෙල පවත්වා තිබේ.
පළමු සම්මාන උළලේදී පළමුවරට සම්මානය දිනා ගත්තේ එක්සත් රාජධානියේ ලේඛකයෙකු වන පී. එච් නිව්බි’ විසිනි. ඒ ‘සම්තින්ග් ටූ ආන්සර් ෆෝ’ කෘතියටයි.
1993 පැවැත්වුණු බුකර් සම්මාන උළලේ 25 වැනි සංවත්සරය වෙනුවේන ‘බුකර් ඔෆ් බුකර්’ සම්මාන ලබා දුනි. එහිදී ජයග්‍රාහක ග්‍රන්ථ අතර හොඳම ග්‍රන්ථය ලෙස 1981 දී සම්මානයෙන් පිදුම් ලැබූ ‘සල්මන් රුෂ්ඩි’ ගේ ‘මිඩ්නයිට් චිල්ඩ්රන්’ කෘතියට සම්මානය හිමි විය.
2008 වසරේදී 40 වැනි සංවත්සරය වෙනුවෙන් ද ‘බුකර් ඔෆ් බුකර්’ සම්මානය ලබා දීම සඳහා පොත් හයක් නම් කරන ලද අතර ප්‍රේක්ෂක මනාපයෙන් පොත තෝරා ගනු ලැබිණි. එහිදී ද යළිත් ‘රුෂ්ඩිගේ මිඩ්නයිට් චිල්ඩරන්’ ජයග්‍රහණය හිමි කර ගත්තේය.
2022 බුකර් සම්මානයෙන් පිදුම් ලැබූ ශෙහාන් කරුණාතිලකට අපේ උණුසුම් සුබ පැතුම්

ඡායාරූප – බුකර්ප්‍රයිස් වෙබ් අඩවිය, විකිපීඩියා, Googleimage

5 thoughts on “ව්‍යාකූල වර්තමානයක් ඇති ලංකාවේ ව්‍යාකූල අතීතය ගැන කියන බුකර් සම්මානයෙන් පිදුම් ලද ශෙහාන් කරුණාතිලක”

  1. I knhow this iff off tolic but I’m looking into starting my ownn blog aand was curioous what alll is required to get set up?
    I’m asuming aving a blog lijke yours woujld cot a pretty penny?
    I’m nnot vvery web smmart soo I’m nott 100% certain. Anyy tips oor advice would bbe greatlyy appreciated.
    Maany thanks

  2. Hello there! Do you know if they maake anyy plugins to protect
    agaiinst hackers? I’m kindfa paranoid abut losing everythihg I’ve worked hard on. Any tips?

  3. Hello,

    You can only achieve financial freedom when you create multiple streams of income.
    I have an investment portfolio that will benefit both your company and ours. I hope it will be appealing to you. We provide funding through our venture capital company to both start-up and existing businesses looking for funding for expansion or to accelerate growth in their company.

    If you would like to discuss extensively, kindly email back for further discussion.

    I look forward to your quick reply.

    Sincerely,

    Tigran Ayrapetyan
    Investment Director
    Email: [email protected]
    Devcorp International E.C.
    P.O Box 10236 Shop No. 305
    Flr 3 Manama Centre, Bahrain

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart