හැම පරාජයක් පිටුපසම ජයග්‍රහණයක් තියෙන්න පුළුවන් – ජනප්‍රිය ලේඛිකා දිල්රුක්ෂි ගමගේ

අලුත්ම නවකතාව ගැන කතා කළොත්

‘මන්දාරම් අහස යට’ කියන්නේ මම මෙතුවක් කල් ලියපු කතාවලට වඩා වෙනස් තේමාවක් තියෙන කතාවක්. 

ප්‍රධාන චරිතය ඇස් අන්ධ වුණු ගෑනු ළමයෙක්. අන්ධ වුණත් ලස්සන යුවතියක්.
එයාට සිද්ද වෙච්ච අසාධාරණකම් එක්ක, හැල හැප්පීම් ගොඩකට මුහුණ දීලා ජීවිතේ ජය ගන්නවා.

new released

ජයග්‍රාහී චරිත ගැනමයි කතා කරන්නේ?

අපි සමාජේට දෙන්න ඕනේ පරාජිත චරිතයකට වඩා ජයග්‍රාහී චරිත ගැන.
අපි කියනවනේ හැම පරාජයක් පිටුපසම ජයග්‍රහණයක් තියෙන්න පුලුවන් කියලා. මම කැමැති ධනාත්මකව කතා කරන්න. මගේ පාඨකයෙක් ධනාත්මක විදියට හිතන්න පටන් ගන්නවා නම් ඒක මගේ ජයග්‍රහණයක්.

මුල්ම කෘතිය?

මගේ මුල්ම කෘතිය සදාතනික සෙනෙහස සෙව්වා කියලා. පාසැල් වියේ ප්‍රේම කතාවක්. අහම්බෙන් වගේ ලියන්න පටන් ගත්තා. පුතා ලැබුණට පස්සේ මම රස්සාවෙන් අස් වුණා. පුතා ලොකු වෙලා මොන්ටිසෝරි යන්න පටන් ගත්තම කාන්සියට ලියන්න පටන් ගත්තා

https://pawanacreations.com/product/%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%8f%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a-%e0%b6%85%e0%b7%84%e0%b7%83-%e0%b6%ba%e0%b6%a7-mandaram-ahasa-yata/

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart