සිත් අහසට නුඹ ඇවිදින් – 22
“හොරෙන් හොරෙන් අර ෆොටෝ එක දිහා බැලුවෙ මොකද….?” මන්දිතා ඉදිරියේ දී නැගිය නොහැකි වූ පැනය මා ඔහුට යොමු කළේ ආපසු නිවස බලා එමින් සිටියදීය.“මොන….?”“ඇයි අර මමයි, මන්දිතයි, වන්දනයි හිටපු එක….”“ආ ඒකෙ එයත් හිටියද….? මම නම් දැක්කෙ ඔයාව විතරයි…. අනිත් දෙන්න කවුද කියල බැලුවෙ නෑ….” ඔහු කීවේ සමච්චලය මුසු සිනාවක් ද පාමිනි.“අනේ නිකං බොරු කියන්න එපා…. …