මටත් කවියක් ලියන්න – 12

සිතූ පැතූ ජීවිතය නොසිතූ අතකට හැරෙද්දී මම කෙමෙන් ඊට අනුගත වීමට උත්සාහ කළෙමි. සිත් පීඩාව නිසාම නෙලුකගේ නව ව්‍යාපාරය සම්බන්ධයෙන් අම්මා හා මල්ලී දැනුවත් කළ විට ඔවුන්ගෙන් ද ලැබුණේ මගේ සිත රිදවන වදන්මය.
“මගේ දුවව මම දුන්නේ කඩලකාරයෙකු නෙමෙයි.. මැනේජර් කෙනෙකුට.. මොකක්ද දැන් මේ කරන විකාරේ.. නෙලුකගේ අම්මාගෙත් ලොකුව නම් තියෙනවා..”
අම්මා නොනවත්වා බැණ වැදුණේ මල්ලී ද ඊට පොහොර දමන විටය. යළිත් ඒ සම්බන්ධයෙන් කිසිවක් ඔවුන්ට නොපවසන්නට මා තීරණය කළේ ඒ මොහොතේමය.
නෙලුක කෙරෙහි සිතේ ඇති වූ කලකිරීම මැඩගෙන මා යලිත් සාමාන්‍ය ජීවිතයට හුරු වෙන්නට උත්සාහ කළෙමි. එහෙත් එය පහසු නොවුණේ වරින් වර නැන්දම්මා සිදු කරන කෙණෙහිලිකම් නිසා ය.
ආර්ථික ප්‍රශ්න ද කෙමෙන් වැඩි වෙන්නට විය. අප රුපියල් දහයක් වියදම් කරන්නට දහ වරක් සිතීය.
නෙලුකගේ ගමන් බිමන් බොහෝ විට යතුරු පැදියෙන් වෙද්දී මා පෙර පාසලට ගියේ බස් රථයෙනි. උදෑසනට නෙලුක මා පෙර පාසලට හැරලුවත් සවස් වරුවේ මා පැමිණියේ බස් රථයෙනි. බස් රථයෙන් බසින තැන සිට නිවසට පැමිණෙන්නට තවත් කිලෝමීටරයකට ආසන්න දුරක් තිබුණෙන් වෙනදාට නම් මා එම දුර පැමිණියේ ත්‍රීරෝද රථයකිනි.
“සුදු, ත්‍රීවීල් එකක යන්න බස් එකෙන් බැහැලා..”
වෙනදා තරම් ආදරණීය සම්බන්ධයක් නොතිබුණත් මා පෙර පාසල අසළින් බස්සවන සෑම දිනකම නෙලුක මන්තරයක් සේ පැවසුවේය.
“ඔයා අතේ සල්ලි තියෙනවා නේද..? මගේ අතේ නම් නෑ,. ඊයේ බිස්නස් එකක් කෙරුණේ නෑ..”
විටෙක ඔහු විමසන්නේ අසරණ හඬකිනි.
“අවුලක් නෑ.. පරිස්සමින් යන්න..”
මා මිමිණුවේ වේදනාවෙනි. ඔහු හා කෙතරම් රණ්ඩු සරුවල් වුවත් එතරම් අසරණ ස්වරයෙන් ඔහුගේ මුවින් වදන් පිටවීම මට දරා ගැනීම අපහසු විය.
බස් රථයෙන් බැස යෑමට තිබෙන දුර සඳහා ත්‍රී රෝද රථයකට වැය කරන මුදල වැය නොකර පයින් යන්නට මම පුරුදු වුණෙමි.
මා පයින් පැමිණි පළමු දිනයේදී නැන්දම්මා නිවසේ ගේට්ටුව අසළ සිට එබිකම් කරමින් සිටියාය. ඇය මදෙස බැලුවේ දෙනෙත් කුඩා කර ය.
“මොකේද ආවේ..?”
“පයින්..”
ඇය දෙනෙත් ද කුඩා කර විමසද්දී මා මුමුණමින් නිවසට ඇතුල් වූයේ වෙහෙසිනි. ඇය නිහඬව සිටියේ සිතට තරමක සැනසීමක් ගෙන දෙමිනි.
රෑ බෝ වී නිවසට පැමිණෙන, උදෑසනට මා යතුරු පැදියේ පෙර පාසලට හැරලවන, නෙලුකත් මාත් අතර කතා බහක් ඇති නොවූ තරම් ය. ඔහු වෙනුවෙන් ආහාර සූදානම් කිරීම, ඔහුගේ ඇඳුම් පැළඳුම් සේදීම සියල්ල මාතින් ඉටු වුවත් අප දෙදෙනා අතර වූයේ දුරස්ත බවකි.

“සුදු මැණිකේ..”
නිවාඩු සෙනසුරාදා දින පෙර පාසලේ දරුවන්ගේ පොත් කිහිපයක් පරීක්ෂා කරමින් සිටි මා අසළට නෙලුක පැමිණියේ තේ කෝප්පයක් ද රැගෙනය.
“ඇයි…?”
“තවමත් මාත් එක්ක තරහ ද..?”
ඔහු අසළ පුටුවට බර දුන්නේ මට තේ කෝප්පය දිගු කරමිනි.
“හ්ම්ම්ම්.. ඒ වුණාට මූණේ නම් තියෙන්නේ තරහක්..”
“එහෙම දෙයක් නෑ.. ඔයත් එක්ක තරහ වෙලා මම මොනවා කරන්න ද..? මාත් ඒ වෙලාවෙ අප්සෙට් ගියා..”
මම සුසුමක් හෙලුවෙමි.
“හ්ම්ම්ම්.. ඔයාගේ අප්සෙට් එක මට තේරෙනවා.. ඒත් මේ වෙලාවේ මට කරන්න පුළුවන් එකම දේ මම කළේ මැණිකේ..”
තවදුරටත් සිදු වූ කිසිවක් ගැන කතා කරන්නට කැමැත්තක් නොවූ නිසා මම හිස සැලුවෙමි.
“ගොඩ දවසකින් මගේ ළඟටවත් ආවේ නෑ.. මාව පිළිකුල් ද කඩලකාරයෙක් කියලා..”
“මොනවද නෙලුක කියවන්නේ..?”
මම නොරිස්සුම් සහගතව හිස ගැස්සුවෙමි. සිතේ තිබූ නොරිස්සුම, වේදනාව නිසා ඔහු ප්‍රතික්ෂේප කර සිටියත් ඔහු ගැන පිළිකුලක් නම් නොවිණි.
“මගේ මැණිකෙට තරහ ගියාමනේ ලස්සන..”
ඔහු එක්වරම මගේ දෙතොලත සිය දෙතොලින් සොරා ගත්තේ මා තිගස්සවමිනි. බොහෝ කලකින් දැනෙන පහස හමුවේ මා තිගැස්සුණත් මොහොතකින් ඔහුගේ උකුල මත අසුන්ගත්තේ එම පහසේ දැවටෙන්නට ලෝභකමේය.
“‘සොරි මැණිකේ..”
ඔහු මුමුණන්ට වූයේ දෙතොලින් මිදී මගේ ගෙල හා දෙඋරහිස් සිප ගන්නා අතරතුරය. සිතේ වූ වේදනාවන් සියල්ල එම පහසින් නැතිවෙන්නාක් මෙන දැනෙනා විට ඇය ඔහුගේ ගෙලෙහි එල්ලුණේ සිරුරට තවත් තෙරපෙමිනි. ඔහුගේ කලබල අතැඟිලි මගේ උඩු ඇඳුම් ඉවතට ඇද දැමුවේය.
එලෙසම මා ඔසවාගෛන සයනය මතට දැමූ ඔහු සිය ඇඟලුම් ඉවත් කරනා අයුරු මා බලා සිටියේ සිනාසෙමිනි. නැන්දම්මා ද කොහේ හෝ යන හඬක් ඇසුණු නිසාම අපගේ ආදර ලෝකයට කිසිවෙකුගෙන් බාධාවක් වෙතැයි මට නොසිතිණි. සිතේ තිබූ සියලු පීඩාවන් පසෙකට තල්ලු කරමි මම නෙලුකගේ ලෝකයේ අතරමං වෙන්නට පටන් ගත්තෙමි.
“මැණිකේ…”
ඔහු මගේ සිරුර පුරාම අණසක පතුරුවන්නට වූයේ සිරුරම පුබුදුවාලමිනි. නළලතේ සිට දෙපා දක්වාම ඔහුගේ දෙතොල් තැවරිණි. තිසරුන් ඔහුගේ දෑත් අතරේ තෙරපී ගියේ ප්‍රීතියෙනි. මා සුරාන්තයකට පත් කරමින් සතුටට පත් කළ ඔහු මා හා ඒකාත්මික වීමට සූදානම් වුවත් එක්වරම පසෙකට වූයේ මා තිග්සසවමිනි. මෙතෙක් සියලු සංවේදනයන් සතුටින් දරා ගනිමින් දෙනෙත් වසා සිටි මා ඉක්මණින් දෙනෙත් විවර කළෙමි.
“තාත්තී..”
බියපත්ව මෙන් තමා දෙසම බලා සිටින නෙලුක දකින විට මම කලබලයෙන් ඇඳ මත අසුන් ගත්තෙමි.
“තාත්තී ඇයි..?”
“ම.. ම… මම.. මේ.. ම… මට..”
ඔහු ගොත ගසමින් සිය සිරුර පෙන්වන විට මගේ දෙනෙත් විසල් විය. වෙනදා මා සිප ගත්තත් පිබිදෙන සිරුර අද තිබුණේ නිද්‍රගතවය.
“තාත්තී,..”
“ඇ… ඇයි මෙහෙම..? මො.. මොකකද් මගේ ප්‍රශ්නේ…”
ඔහු වේගයෙන් හුස්ම ගන්නට වෙද්දී මම වේගයෙන් ඇඳෙන් බිමට පැන්නෙමි.
“නෙලුක.. කලබල වෙන්න එපා.. කාම් ඩවුන්..”
මම ඔහු තදින් වැළඳගත්තෙමි. එහෙත් මගේ දෑත්වලින් මිදුණු ඔහු සිය සිරුර පිරිමැද ගත්තේ වේගයෙනි. එහෙත් ඔහුගේ නිද්‍රාගත සිරුරට අවදි වෙන්නට කිසිදු වුවමනාවක් නොවිණි. එක්වරම කෝපයෙන් කෑ ගැසූ නෙලුක මේසය මත තිබූ වීදුරු මල් බඳුන බිමට දමා ගැසුවේ ය. තිගැගස්සි ගිය මා සිටි තැනම සිටගෙන එදෙස බලා සිටියේ කුමක් කරන්නදැයි වටහා ගත නොහැකිවය.
“මට මොකක්ද මැණිකේ මේ වෙලා තියෙන්නේ..? ඔ.. ඔයා මාව දාලා යනව ද…? ආ.. කියන්න..”


කෝපයෙන් පිස්සෙකු මෙන් සිය හිසකෙස අදිමින් දැඟලූ ඔහු එක්වරම මා වෙත පැමිණ දෝතින්ම අල්ලා ගත්තේ ය. ඔහුගේ හැඬුම්මුසු ස්වරය ඇසෙද්ද මම වහා සිහි එළවා ගනිමින් ඔහුගේ දෑත් ආපිට අල්ලා ගත්තෙමි.
“තාත්තී.. එහෙම දෙයක් නෑ.. කලබල වෙන්න එපා..”
මා තවමත් සිටින්නේ නිරුවතින් බව සිහිපත් වූයේ නෙලුක කලබලයෙන් මගේ තිසරුන් මත දෙතොල් ගෙනයන්නට වූ නිසාය. වියරු වැටී මෙන් සිටි ඔහුගේ ස්පර්ශනයන් මට වේදනාවක් වුවත් දරාගෙන සිටියේ ඔහුගේ මානසිකත්වය වටහා ගනිමිනි. ඔහු මා ගත පිරිමදිමින්, මා සිප ගනිමින් උත්සාහ කරමින් සිටියේ ඔහුගේ සිරුර අවදි කර ගැනීමටයි. මගේ සිරුර තුළට පිවිසෙන්නට ඔහු කෙතරම් උත්සාහ කළ ද සියලු උත්සාහයන් අසාර්ථක වෙද්දී ඔහු කෑ ගැසුවේ වේදනාවෙනි. හිස ද බදාගෙන ඇඳ මත අසුන් ගත් නෙලුකව මා පිටුපසින් වැළඳගත්තේ වේදනාවෙනි.
“කලබල වෙන්න එපා තාත්තී.. ඔයා මේ ටිකේම ස්ටේ‍රස් වෙලානේ හිටියේ.. ඒකයි ඔය.. ඉක්මණට ඕකේ වෙයි.. හරි නොගියොත් අපි ඩොක්ටර් කෙනෙක් මීට් වෙමුකෝ.. ඉස්සෙල්ලම කලබල නොවී ඉන්න.. මම ඉන්නවනේ..”
හැකි තාක් මෘදු ස්වරයෙන් පැවසුවේ ඔහුගේ හිස මත හා උරහිස මත සිපුම් තබමිනි.

යළි හමුවෙමු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart