මටත් කවියක් ලියන්න – 8
ළදරු පාසැලෙන් වේලාසන පැමිණි දිනෙක මා වත්තේ ඇවිදිමින් සිටියේ නෙලුකගේ අම්මා ද පෙනෙන මානයක නොවූ නිසාය. වත්ත පුරාවට වැවී තිබූ ගස් වැල් වර්ග හඳුනා ගන්නට තරම් දැනුමක් මට නොතිබුණි. අම්මාගෙන් පැමිණි දුරකථන ඇමතුමට මා සම්බන්ධ වූයේ උස්ව වැඩි තිබූ වල් පැළ අතර වැටී තිබූ පැෂන් ගෙඩි කිහිපයක් අහුලා ගනිමිනි.“මොකද කරන්නේ..?’“මොනවත් නෑ අම්මා.. වත්තේ ඇවිද්දා..”“හ්ම්ම්.. රෑට …