සිංහල නවකතාව 2

පළමු නවකතාව මීනා

සිංහල පළමු නවකතාව ලෙස සලකයි.

‘ඒ සයිමන් ද සිල්වා’ ගේ ‘මීනා’ නවකතාව පළ කෙරුණේ 1905 වසරේදීය. පිටු 124කින් යුතු වූ මේ නවකතාව ශ්‍රී ලංකෝදය මුද්‍රණාලයේ මුද්‍රණය කර තිබූ අතර අලෙවිකළේ ශත පනහකටය.
මීනා යනු මැලේ ජාතික අබ්දුල් ගේ හා ලෙන්චිනා නම් කාන්තාවගේ දියණියයි. ඇය ලොකුමහත් වූ පසුව රූබරියක්ව පෙනිණි. ඔය කාලයේදී ජීවිකාව ගෙනයනු පිණිස, අබ්දුල් ගම්පොළ ප්‍රදේශයට ගියේය.
එහෙත් ජීවිකාව සඳහා රැකියාවක් හෝ ජීවන මාර්ගයක් ඔවුන්ට නොවීය. එබැවින් අබ්දුල්, සිය බිරිඳ ලෙන්චිනා ද සමඟ හොර සූදු පිටියක් අරඹන්නේය. සූදු ක්‍රීඩාවට ඇබ්බැහි වූ තරුණයන් ද මැදිවියේ මිනිසුන් ද ආදී වූ විවිධ පිරිස් අබ්දුල්ගේ හොර සූදු පිටියට රහසේම රොක්වූහ. ඔවුන් සූදු කෙලිද්දී, ඔවුන්ට අවශ්‍ය මත්වතුර හා වෙනත් අවශ්‍යතාවන් ඉටු කරන්නේ සුරූපී මීනාය.
එහෙත් ඇහැට කණට පෙනෙන සුරූපී යුවතියකට සූදු අන්තුවන්ගෙන් පිරුණු සූදු පිටියක සිටිය නොහැකිය. එබැවින් මීනා මෙහි සේවය කළේ මැහැල්ලක ලෙස වෙස් වලාගෙනය.
එහෙත් ඇතැම් තරුණයෙක්, මේ මැහැල්ලගේ සියුමැලි ඇඟිලි තුඩු, පා ඇඟිලි ආදියෙන් මීනා පිළිබඳ සැක උපදවා ගත්හ.
එක් දිනෙක සූදු පිටියේ කෝලාහලයක් ඇති විය. එම කෝලාහලය අතරතුර, මීනා යනු මැහැල්ලක නොවන බව වටහාගත් තරුණයෙක්, පලාගියේ මීනා ද ඔසවාගෙනය.

ඒ සයිමන් ද සිල්වා මහතා


මීනා යනු යුවතියක බව තේරුම් ගෙන සිටි තවත් තරුණයෙක් මීනා ලුහුබැඳ යන්නට පටන් ගත්තේය.
අන්තිමේදී මීනා පැහැර ගෙන ගිය තරුණයා, දෙවනුව ඇය පසුපස පැන්නූ තරුණයාට මීනා බාර දී පලා ගියේය.
ඒ දෙවැන්නා නමින් ඩැනීය. මීනාගේ ප්‍රේමය දිනාගන්නට මේ ඩැනී සමත් විය. ඔය අතර පවුලිස් නැමැත්තෙකු ද ඔවුනතරට එයි. කතාවේ අවසානය මීනා ඩැනී හා පවුලිස් අතර සිදුවන ප්‍රේම ත්‍රිකෝණයක සිදුවීම් රැසකින් සමන්විතය. එහෙත් අන්තිමේදී මීනා පවුලිස් සමඟ විවාහ වන්නේය.
බැලූ බැල්මටම මේ නවකතාවක අංගලක්ෂණ සියල්ලෙන් සමන්විත කෘතියක් බව පෙනේ. ගැටුම්, සිදුවීම්, කුතුහලය, ප්‍රේමය, ත්‍රාසය ආදී සියලු අංග ඇතුළත්ය.
මේ මීනා නවකතාව පිළිබඳව පුවත්පත් විචාරද පළවන්නට විය. ටයිම්ස් ඔෆ් සිලෝන් පුවත්පතේ ද, සරසවි සඳරැස පුවත්පතේ ද පළ වූ විචාර ඔස්සේ සයිමන් ද සිල්වාට ඇගයීම් හිමි විය. ඔහු සිය දෙවැනි නවකතාව ‘තෙරීසා’ ලියන්නට පටන් ගත්තේය.
එය 1906 වසරේදී මුද්‍රණ ද්වාරයෙන් නිකුත් වූ අතර ඊට ද මීනාට ලැබුණු සුබවාදී ප්‍රතිචාරයම අත් විය.
ඒ සයිමන් ද සිල්වා 1874 නොවැම්බර් 14 වැනිදා උපන් අතර මාතර සාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද්දේය.
ඒ ඉංග්‍රීසි බසිනි. එහෙත් ඔහු පිරිවෙන් ඇසුරෙන් සිංහල හා පාලි ද උගත් බැවින් මීනා, තෙරේසා වැනි සිංහල නවකතා ලියන්නට ද සමත් වූයේය.

දෙවැනි නවකතාව

මහා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සේවය කළ ඔහු බොරැල්ලේ කොටා පාරේ ෆෙයාර්ෆීල්ඩ් උද්‍යානයේ නිවෙසක පදිංචි වී සිටියේය. ඔහුගේ නිවස නම් කර තිබුණේ ‘මීනා කොටේජ්’ ලෙසය.

ශාන්ත

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart