නවකතාවේ කතාව 2


රොබින්සන් කෲසෝ පළමු ඉංග්‍රීසි නවකතාව ද..?

ඩැනිලේ ඩෙෆෝගේ රොබින්සන් කෲසෝ නවකතාව යුරෝපීය නවකතාව නැවුම් මඟකට රැගෙන ගිය කෘතියකි. දූපතක හුදෙකලාව ජීවත් වූ මිනිසෙකුගේ අපූරු අත්දැකීම් සමුදායකින් හෙළි කරන මේ නවකතාවේ කුතුහලය කතා රසය නොඅඩුව අන්තර්ගත විය. එතෙක් පළවූ සියලු නවකතාවල තිබූ නවකතාමය ලක්ෂණ සියල්ල කැටිකරගෙන ලියූ රොබින්සන් කෘාසෝ, සමහරු සළකන්නේ ඉංග්‍රීසි බසින් පළ වූ පළමු නවකතාව හැටියටයි.
කෙසේ වෙත්ත ඉන්පසුව ලියවුණු බොහෝ නවකතාවල වීරත්වය අඩු වැඩි වශයෙන් දක්නට ලැබිණි. නවකතාවක් නම් එහි වීරත්වය, ත්‍රාසය ඇතුළත්ව තිබිය යුතු යැයි සමකාලීන ලේඛකයන් කල්පනා කළ නිසා විය යුතුය.
ඇංග්ලෝ සැක්සනියානු, බියෝවුල්ෆ්, සුමේරියානු ගිල්ගමේෂ්, ආසියාතික රාමායණය හා මහා භාරතය වැනි කෘතින් ද වීර කාව්‍යයන්ය. එහෙත් මේ කෘති පිළිබඳව එවකට ඉංග්‍රීසින් දැන සිටියේ නැත.

Daniel Defoe


ඩැනියෙල් ඩෙෆෝ, රොබින්සන් කෲසෝ නවකතාව ලියන්නට යොදා ගන්නේ සත්‍ය අත්දැකීම්ය. ඇල්ක්සැන්ඩර් සෙල්කිර්ක් නැමති යාත්‍රිකයා මැස් අ ටියෙරා නම් දූපතකට පාවී ගිය අතර ඔහු එහි වසර හතරක කාලයක් ජීවත් විය. ඔහු දූපතෙන් බේරා ගැනුණේ 1709දී සිදු කෙරුණු ගවේෂණයකදී වූඩස් රොජර්ස් නැමැත්තා විසිනි. ඩැනියෙල් ඩෙෆෝට රොබින්සන් කෲසෝ වන්නේ මෙකී ඇලෙක්සැන්ඩර් ය.
කෲසෝ සිය මුහුදු ගමන පටන් ගන්නේ 1651 අගෝස්තු මාසයේදීය. එහෙත් ඔහුගේ යාත්‍රාව මුහුදු කුණාටුවකට අසුවන අතර එය කැඩී විනාශ වී යන්නේය. ඔය අතර ඔහු මුහුදු කොල්ලකරුවන්ට අසුවන අතර ඔහු ඔවුන්ගෙන් පලා යන්නේ වසරක ඇවෑමෙනි. ඔහු තවත් හුදෙකලා තනිවන්නේ ඉක්බිතිවය. එම දූපතේදී පෙන්ගුවින් මෙන්ම සීල් මසුන් ද ඔහුට දකින්නට ලැබේ. කෙසේ වෙත්ත ඔහු ගොවිතැනට යොමු වන්නේ මෙහිදීය. ඔය අතර වාරයේ ඔහුට මිනී කන ගෝත්‍රික පිරිසක් ද මුණ ගැහේ. මොවුහු ඔවුන්ගේ සිරකරුවන් මරා කෑහ. එහෙත් ඔවුන්ගෙන් ගැලවීමට වාසනාව තිබූ කෲසෝ 1687 ජූනි 11 දා එනම් මාස කිහිපයකට පසු එම දූපතෙන් පිටව යයි.
මේ කතාව බැලූ බැල්මට විචිත්‍ර එකකි. ඩැනියෙල් ඩෙෆෝ ඉතා විශිෂ්ට ලෙසත් සුන්දර ලෙසත් රචනා කළ මේ නවකතාව සියවස් හතරකට පසුත් පාඨකයා ආදරයෙන් කියවන නවකතාවක් බවට පත් වි තිබීම පුදුම සහගතය.

Movie scene

ශාන්ත කුමාර

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart