වසර විසි ගණනාවක්ම ජීවිතය ගෙවූ නිවසින් ඈත්ව වෙනස්ම පරිසරයක අලුත්ම නිවසකට ආ පසු සියල්ල දැනෙන්නේ නුහුරුවටය. එම නුහුරුව නිසාමදෝ මා අවදි වූයේ වෙනදාටත් වඩා වේලාසනිනි. ඒ වන විට ඔරලෝසුව මත වේලාව සටහන්ව තිබුණේ අලුයම 5 වශයෙනි. මගේ බඳ වටා එතුණු නෙලුකගේ දෑත් වළල්ලෙන් මිදීම ද පහසු නොවුණු තැන මම යළිත් දෑස් වසා ගතිමි. වෙනදා නිවසේදී නොඇසෙන කුරුලු කූජනයන්ට මම මොහොතක් සවන් දුනිමි. පිරිත් ස්වරයක් එක්වරම කන් වැකුණේත් නිවසේ fදාරක් විවර වෙන හඬක් ඇසුණේත් අම්මා අවදි වූ බවට සන් කරමිනි.
“තාත්ති. අත ගන්නකෝ මට නැඟිටින්න..”
“ම්හ්ම්..”
ඔහු තවත් මඳකින් මා සිරුරට ළං කර ගත්තේය.
“තව ටිකක් fදායියන්න..”
“අනේ.. ඔයාලගේ අම්මත් ඇහැරලා..”
“එයා කොහොමත් මේ වෙලාවට ඇහැරෙනවා.. වැඩකට නෙමෙයි.. මම අද ලේට් වෙලා යන්නේ ඔෆිස්..”
දෙනෙත් විවර නොකරම කියවාගෙන ගිය නෙලුක මගේ නළලත තදින් සිප ගත්තේය. තවත් ඔහු සමඟ වාද කර පළක් නොමැති වග වටහා ගත් මම ද දෙනෙත් වසා ගත්තෙමි.
මා යළිත් දෙනෙත් විවර කළේ නොනවත්වා කාමරයේ fදාරට තට්ටු කරන හඬටය.
“දුවේ.. දුවේ.. පුතේ..”
පිටතින් ඇසෙන්නේ නෙලුකගේ අම්මාගේ හඬ බව මට වැටහෙන්නට තවත් මොහොතක් ගතවිය.
“අම්මා…”
මා නෙලුකගේ අත ඉවත් කරමින් දෑස් පිස දමමින් ඇඳ මත ඉඳ ගත්තේ තරමක හඬින් පවසමිනි.
“ඔයාලාගෙන් සද්දයක් නැති නිසා බැලුවේ.. තේ හැදුවා.. එන්න බොන්න..”
“ආ හරි අම්මේ..”
මම ඔරලෝසුව වෙතට නෙත් හෙලුවෙමි. එහි උදෑසන 8.40 ලෙස සටහන්ව තිබෙනු දකිද්දී මා වහා නෙලුකගේ උරහිසින් අල්ලා සෙලවූයේ ඔහු අවදි කරන්නට ය.
“ම්ම්ම්..”
“නැඟිටින්න නමයටත් ළඟයි..”
අහිංසක තාලයට නිදා සිටින ඔහුගේ නළලත සිප ගනිමින් පවසද්දී ඔහු කෙඳිරියක් නඟමින් කොට්ටය මත මුහුණ සඟවා ගත්තේය.
මම කුස්සිය යද්දී ද අම්මා ඉවීම ආරම්භ කර තිබුණාය.
“ගුඩ් මෝර්නින්ග් අම්මා.. සොරි නින්ද ගියා..”
මම සිනාමුසුව පැවසුවෙමි.
“ඒකට කමක් නෑ දුව.. මට කොහොමත් පාන්දරම ඇහැරෙනවා.. පුතා අද වැඩට යනවා කිව්ව ද..?”
“දවල් වෙලා යනවා කිව්වා..”
“ම්ම්ම්.. පුතාටත් තේ එක ගෙනිහින් දිලා බොන්නකො එහෙනම්.. තේ එක ළඟට හම්බවෙනකම් ඇඳෙන් නැඟිටින්නේ නෑ.. වෙනදාට මම තේ එක ගෙනිහින් දීලා තව පස් පාරක් විතර යනවා ඇහැරවන්නම..”
ඇය ලහි ලහියේ එළවළු කැපුවේ කතාව අතරතුරමය.
‘මම නම් ඔච්චර නලවන්නේ නෑ.. තේ එක දීලා නැගිටිනවා නම් නැඟිටින්න කියනවා..’ මා සිතින් සිතුවත් මුවින් සිනාවක් පමණක් පෑවේ පැමිණි අලුතම නැන්දම්මා තරහ කර ගත නොහැකි නිසාය.
“තේ එක දීලා මම උයන්න උදව් කරන්නම් අම්මේ..”
“ඒකට කමක් නෑ.. උයලා ඉවරයි.. ඔයාලා ඇහැරෙනකම් බලන් ඉඳලා පරක්කු වෙලා උයන්න ගත්තේ මම.. දුව වැඩට යන්නේ..?”
“මම සඳුදා ඉඳලම යනවා අම්මා.. අද සිකුරාදා නේ..”
ඇය හිස සැලූ පසු මම තේ කෝප්ප දෙකම රැගෙන කාමරයට ගියෙමි. තවමත් කොට්ටයේ මුහුණ සඟවාගෙන සිටින නෙලුක අසළින් වාඩි වූ මම ඔහුගේ ගෙල යන්තමට සැපුවෙමි.
“ආව්..”
ඔහු වේගයෙන් උඩු අතට හැරුනේ කෑ ගසාගෙනය. තේ කෝප්ප දෙක ඉහළට ඔසවමින් යාන්තමින් බේරා ගන්නට හැකි වුවත් මගේ වැලමිට ඔහුගේ හිසේ වැදීම නම් නවතා ගැනීමට නොහැකි විය.
“ආ… මොනවද කරන්නේ..?”
ඔහු විමසුවේ නොරිස්සුමිනි.
“අනේ සොරි තාත්ති.. තේ ගෙනාවා ඔයාට.. නමයත් වෙලා..”
ඔහුට සැබෑවටම එය වේදනාවක් වූ බව දැනුණු මා මිමිණුවේ පසුතැවිල්ලෙනි.
“ඒකට මට ගහන්න ඕනේ ද..?”
“ගැහුවා නෙමෙයි අනේ.. අත වැදුණේ වැරදිලා.. සොරි ඉතින්..”
මගේ මුහුණ ඇඹුල් වෙනු දුටුවෙන්දෝ ඔහු ඇඳ මත ඉඳ ගත්තේ සිනාසෙමිනි.
“හ්ම්ම් හ්ම්ම්.. මීට පස්සේ තේ ගේන්න බැරි නම් කියන්න මම එන්නම්.. ගුටි කන්න බෑ උf්ද පාන්දර..”
ඔහු තේ කෝප්පය අතට ගත්තේ මට සරදම් කරමිනි.
“හා.. මීට පස්සේ ගේන්නේ නෑ..”
“අම්මෝ මගේ මැණිකේ.. ඒක ගෙනෙන්..”
ඔහු මගේ කම්මුලක් තදින් සිප ගත්තේය.
“මැණිකේ.. මම දහය වෙද්දීවත් යන්න ඕනේ..”
මා හිස සැලුවේ තේ කෝප්පය රස විඳිමිනි.
“පාළු හිතෙයි ද මම නැතුව..”
“හිතෙයි ඉතින්..මොනවා කරන්න ද..?”
මා පැවසුවේ සැබෑවටමය. ඔහුට නොයා සිටින්න යැයි කියන්නට කිහිප වරක් සිතුණත් අද යෑම අත්‍යාවශ්‍ය බව මම දැන සිටියෙමි.
“ඉක්මණට එන්නම් මම.. අද යන්නම ඕනේ නිසා යන්නේ..”
මගේ දෙතොල් සිය ග්‍රහණයට ගෙන මඳ වේලාවකට පසු මුදා හරිමින් ඔහු මිමිණුවේය. තවත් වරක් තදින් මගේ දෙතොල සිපගෙන ඔහු නාන කාමරය දෙසට යද්දි මම තේ කෝප්ප දෙක ස්ටූලය මත තබා මගේ ඇඳුම් බෑග වෙතට ළං වුණෙමි. මුහුණ කට fදාවා ගැනීමට පසුවට කල් තබමින් සැහැල්ලු කොට කලිසමක් හා ටීෂර්ටයක් අතට ගත් මා මොහොතක් එදෙස බලා සිටියේ කල්පනාකාරීවය.
“පුරුදු ඇඳුමම අඳිනවා.. දැන් දිගට ඇඳලා ආයෙත් පස්සේ දවසක කොටට අඳින්න බෑනේ.. නෙලුක මොනවා හරි කිව්වොත් විතරක් වෙන එකක් ඇඳ ගන්නවා..”
නිවසේ සිටියදී සැරසෙන සුපුරුදු ඇඟලුමෙන් සැරසුණු මා නෙලුකගේ ඇඳුම් සහිත අල්මාරිය අසළට ගියේ ඔහුට ඇඳුමක් සූදානම් කරන්නට ය .
බොහෝ විට සුදු පැහැති කමිසයත්, කළු හෝ දුඹුරු කලිසමත් ඔහුගේ ඇඳුම විය. ලා පාටැති කමිස මිසක තද පාට කමිසයක් ඔහු ඇඳි දවසක් නම් මගේ මතකයේ නොවිණි. ඔහුගේ තලෙලු පැහැති සමට වඩාත් ගැලපෙන්නේ තද පැහැති කමිස බව මා කියා තිබුණත් ඔහුට විලාසිතා ගැන තිබුණේ අල්ප දැනුමකි.
නමා තිබූ කමිස ගොඩ යටටම යනතුරු ගමන් කිරීමෙන් පසු ිසිරස් ඉරි සහිත තද නිල් පැහැති කමිසයක් සොයා ගැනීමට මට හැකිවිණි.
එයත් කලු කලිසමකුත් මැඳ, යට ඇඳුම්, මේස් හා ලේන්සුවක් සමඟින් සියල්ල ඇඳ මතින් තැන්පත් කළේ නැතහොත් ඇඳුම් සොයමින් මුළු අල්මාරියම අනිත් පස හරවන බව ඔහුගෙන්ම දැන සිටි නිසාය.
මා යලි කුස්සියට යන විට අම්මා ආහාර ගනිමින් සිටියාය. ඇය මගේ ඉහල සිට පහළටම වුවමනාවෙන් බැලුවත් කිසිවක් නොපැවසුවේ සිතට සහනයක් ගෙන දෙමිනි.
“මම කනවා දුවේ..”
“හරි අම්මා..”
“පුතා ඕන් ඔය පෙට්ටියට කෑම ගෙනියන්නේ.. මම පුරුද්දට බෙදුවා කෑම එක.. බලන්නකෝ දුව..”
“බෙදුවා නම් හරි අම්මේ.. උදේට කන්න..?”
“අන්න පිඟාන.. උදේට නම් කාලා යන්න ඕනෙකම් කරන්නේ නෑ වෙනදට.. දුව කන්න එහෙම වුණොත්..”
මම සිනාවක් පා හිස සැලුවේ පිඟානට ආහාර ස්වල්පයක් බෙදා ගනිමිනි.
මා යළි කාමරයට යන විට නෙලුක කමිස අතේ තබාගෙන එදෙස බලා සිටියේය.
“මොකද..?”
“මේ ෂර්ට් එක.. තද පාටයි නේ..”
“ඉතින්..”
“මම අඳින්නේ නෑනේ..”
“ඒ වෙනදටනේ.. අද ඉඳලා අඳින්න.. කව්රුත් ඩාර්ක් කලර් ෂර්ට්ස් අඳින්න එපා කියලා නෑනේ..”
මා දෙස හොරැහින් බලා මුව ඇද කරමින් ඔහු කමිසය ගත ලා ගත්තේය.
මම එහි බොත්තම් පියවා කමිසය යට කර ගැනීම ඔහුටම බාර කරමින් බත් පිඟාන පෙන්නුවෙමි.
“දැන් කන්න බෑ බබා.. වේලාවකුත් නෑ.. ඉක්මණට එන්නත් ඕනේනේ..”
“එන්න කවන්න…”
ඔහු කුසගින්නේ යෑම නොරිස්සූ මම බත් කටක් අනා මුවට තබද්දී නම් ඔහුගේ මුව විවර විණි.
“කන්න බෑ කියන්න හේතු දහයක් කිව්වා.. දැන් අපූරුවට කට අරිනවා..”
මම නෝක්කාඩු කීවෙමි.
“හරි ඉතින්.. කවද්දී නොකා ඉන්න හොඳ නෑනේ.. ”
මම බොරුවට රවා බැලුවත් ඔහු මගේ දෙකම්මුල් සිප ගත්තේ මා සිනා ගන්වමිනි.
“ලව් යූ බේබි..”
“ලව් යූ ටූ..”
මා ඉඳුල් අත ඔහුf්ග මුහුණ දෙසට ගෙනියද්දී ඔහු හිස පිටුපසට ගත්තේ වේගයෙනි.
“ඒයි..”
මම ඔහුගේ දෙතොල් මත සිපුමක් තැබුවේ සිනාසෙමිනි.
නෙලුක නිවසින් පිටව ගිය පසු මට දැනුණේ පාලුවක් හා කම්මැලිකමකි. අම්මා ද අසල්වැසි නිවසකට ගියේ මා සමඟ මඳ වේලාවක් fදාඩමලු වෙමින් සිටීමෙන් පසුවය. ඇඳුම් අල්මාරිය අස් කර මගේ ඇඳුම් ද එහි තැන්පත් කිරීමට ඇරඹුවත් දැඩි කම්මැලිකම නිසාම මම මගේ මවට ඇමතුමක් ගත්තෙමි.
“හෙලෝ...”
ඇගේ හඬ ඇසුණේ බොහෝ හඬවල් මධ්‍යයෙනි.
“අම්මා.. කොහෙද ඉන්නේ..?”
“අර එහා ගෙදර අනුලා හදලා.. දුවට, දරුවෙක් ලැබෙන්නලුනේ..”
මම නිහඬවම ලැවරියා තුනකට පමණ වග කිව්වෙමි.
දහවල උදා වෙද්දී දැඩි රස්නය මට බාධා කරන්නට විය. ජලය කෙතරම් පානය කළද පිපාසය අඩු වෙනවා වෙනුවට වැඩි වෙන්නට විය. ඇඳුම් අල්මාරිය අස් කර දමා නා ගත් පසු ගතට තරමක සුවයක් දැනුණත් ජලයේ කිවුල් ගතිය සිරුරට දැනිණි.
“වතුර අවුල් වගේ ද දුවට..?”
අම්මා අසද්දී මම කිසිත් නොපවසා සිනාවක් පමණක් පෑවෙමි.
“හරි තිබහයි අම්මේ..”
“නාරං ඇති ගහේ.. ඉන්න මම හදලා දෙන්නම්..”
නාරං වීදුරුව අතට ලැබුණේ මගේ ඉවරයක් නැති පිපාසයට සහනයක් ගෙන දෙමිනි.
“තැන්ක් යූ අම්මා.. ගොඩක් තිබහේ හිටියේ..”
“මෙහෙ වතුර වෙනස්නේ.. හුරු වෙද්දී හරියයි...”
කතාවට බාධා කරමින් ජංගම දුරකථනය නාද වූයේ මල්ලීගේ නමිනි.
“මොකද කරන්නේ..?”
මා ඇමතුමට සම්බන්ධ වෙද්දීම මල්ලී විමසුවේ නිල ස්වරයකිනි.
“ඉන්නවා.. නාරං එකක් බොනවා.. මාර තිබහයි.. වතුර ලීටර් 4ක් විතර බිව්වා දැනටම..”
“පුදුමයි තමුසේ එච්චර වතුර බොනවා.. මම බොන්න කියලවත් බොන්නේ නෑනේ වෙනදට..”
“තිබහ නැති වෙන්නේ නෑ හලෝ.. වතුර කිවුල් රහයි.. නෑවට පස්සේ මට කොණ්ඩෙත් ඇලෙනවා වගේ..”
මම කියාගෙන ගියේ හිසකෙස් ද අතින් පිරිමදිමිනි.
“තමුසෙටමනේ ඉතින් ඔය ගොඩේ පැත්තට එන්න ඕනේ වුණේ.. නිදහසේ නාගන්නවත් පුළුවන් ද බලනවකෝ..”
උදෑසන අම්මා සේම මල්ලී ද මගේ සිත රිදවමින් කියාගෙන යන්නට වූයේය.
“හරි හරි.. මම කොහොම හරි නාන්නම්කෝ..”
“හා හා.. නානවකෝ.. නානවකෝ.. නාලා ඇති වුණාම අපි කිව්ව දේවල් තේරෙයි.. මමයි අනුකි, දිමුතුයි ආවා වන්ගෝල්ෆේස්..”
මල්ලී පැවසුවේ ඔහුගේ මිතුරියක හා මිතුරෙකු පිළිබඳ සඳහන් කරමිනි. වෙනදාට ඒ සමාගමයේ ඉතිරි සාමාජිකයා වූයේ මා ය.
“මිස් යූ ඕයි...”
එවර මල්ලීගේ ස්වරයට එකතු වී තිබුණේ දුක්බර බවකි.
“මී ටූ..” ඔහු සේම මිතුරු සමාගම ද සිහිපත් වී දෑසට කඳුලු පිරුණේ ඉබේටමය. ළඟ පාතකට විවාහ වී සිටියේ නම් ඔවුන් හමුවීම ගැටලුවක් නොවිණි. එහෙත් කුරුණෑගල සිටින මට කොළඹ බොහෝ දුර ය. මම සුසුමක් හෙලුවෙමි.
අනුකි සේම දිමුතු ද දුරකථන ඇමතුම හා සම්බන්ධ වූයේ ගෙවී ගිය දිනයන්ගේ මතකයන් සිහිපත් කරමිනි. ඇමතුම විසන්ධි වූ පසු කඳුළු කම්මුල් තෙමාගෙන වැක්කෙරෙන්නට වූයේ නවතා ගත නොහැකිවය.
“මැණිකේ..”
එක්වරම පිටුපසින් නෙලුකගේ හඬ ඇසුණෙන් මම කලබලයෙන් දෙනෙත් පිසදා ගත්තෙමි.
යළි හමුවෙමු.
When I originally commented I appear to have clicked the -Notify me when new comments are added- checkbox and from now on every time a comment is added I receive four emails with the same comment. There has to be a way you can remove me from that service? Many thanks!