ලෝකයේ පළවෙනි කර්තෘ කවුද?

ලෝකයේ පළවෙනි කර්තෘ කව්ද? විශ්වාස කරන්න පුළුවන් ද පළවෙනි කර්තෘ බිහිවෙලා තියෙන්නේ මෙසපොතේමියානු යුගයේදී කියලා. ඒ වගේම ඒ කාන්තාවක් කියලා. ඇය මෙසපොතේමියානු කුමරියක් වන ‘එන්හෙඩුවානා’.


එන්හෙඩුවානා ගැන මුලින්ම කරලියට එන්නේ 1927 දී. පුරාවිද්‍යාඥයෙක් වෙන සර් ලියොනොඩ් වූලි සිදු කරන ලද කැණීම්වලදී තමයි ඇය ගැන හෙලිදරව් වෙන්නේ.
ලෝකයේ පළවෙනි ලේඛිකාව විතරක් නෙමෙයි මුල්ම වතාවට දේවතාවියන්, පූජකවරියන්,මව්වරුන්, පාලකයන්, වන්දනාකරුවන් ගැන ඇය ලියලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ලිංගික අපයෝජනයන් ගැනත්.
එන්හෙඩුවානා කියන්නේ අක්කාඩියානු රජු සාර්ගොන් (ක්‍රි.පූ 2334 – 2279) ගේ දියණිය. ඇය සුමේරියානු භාෂාවෙන් මැටි පුවරු මත, ලිංගික ආදරයේ හා යුද්ධයේ දේවතාවියට තමන්ගේ භක්තිය පෙන්වමින් කවි සමඟ සාහිත්‍ය කෘති රචනා කරලා තියෙනවා. ඒ වගේම ඇගේ කවි කිහිපයකම ඇගේ නම හා ස්වයං චරිතාපදාන තොරතුරු ඇතුළත් කරලා. මෙසපොතේමියාවේ ලියන්නන්ට, ලිවීම උගන්නලා තියෙන පෙර පරම්පරාවන් මැටි පුවරු මත ලියා ඇති ගීතිකා හා මිථ්‍යාවන් පිටපත් කිරීම මඟින්. ඒ නිසා එන්හෙඩුවානාගේ ලිවීම් වසර සිය ගණනක් තිස්සේ ලියන්නන්ගේ පාසැල්වලදී පිටපත් වුණා.


එන්හෙඩුවානා ඇගේ එක ගීතිකාවක කොල්ලකාරයෙක් ගැන ලියලා තියෙනවා. මේ කොල්ලකාරයා ඇවිත් ඇයව අපයෝජනය කරලා, ඇයව ඇගේ නිවසින් පන්නා දමලා අවසානයේ ඇයට සියදිවි නසාගන්න කිණිස්සක් ලබා දෙනවා. ඒත් වාසනාවකට වගේ ඉනානා දේවතාවිය ඇවිත් ඇයව බේර ගන්නවා.
තවත් ගීතිකාවක දරු ප්‍රසූතිය ගැන කියනවා. විවාහ කුටියේ දැල්වූ ගින්නකින් ආරම්භ වෙලා දරු ප්‍රසූතියේ ක්‍රියාවලියම ඇය විස්තර කරනවා.
මේ යුගයේදී එන්හෙඩුවානාට සමානාත්මතාවය හිමිවුණේ ඇය රජෙකුගේ දියණියක් නිසා නෙමෙයි. 19 වැනි සියවසේ එංගලන්තf්ය ජීවත් වුණු කාන්තාවන්ට වඩා වැඩි බලයක් මෙසපොතේමියානු යුගයේ කාන්තාවන්ට තිබුණු නිසා.
ලෝකයේ කතුවරුන්ට වැඩිය කතුවරියන් ඉන්නේ ඇයි කියන ප්‍රශ්නෙට ලේසි උත්තරයක් දැන් තියෙනවා. මොකද ලෝකේ පළවෙනි කර්තෘ කාන්තාවක්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart