නවකතාවේ කතාව

නවකතාවේ ඉතිහාසය

අද තරම් නවකතා ලියැවෙන යුගයක් පෙර නොවූ තරම්ය. සම්භාව්‍ය නවකතා, ආගමික නවකතා, දේවකතා, ආදර නවකතා, විද්‍යා ප්‍රබන්ධ, සුරංගනා කතා, ඓතිහාසික කතා, යොවුන්, නවකතා ආදී වශයෙන් වර්තමාන නවකතාව ශානර මහ ගොඩකට බෙදා වෙන්කර ඇත්තේ ද ප්‍රමාණාත්මකව නවකතා කෘති රාශියක්ම බිහිවන නිසයා.

එහෙත් ඈත අතීතයේදී මුලින්ම නවකතාවක් ලියැවෙන්නට ඇත්තේ කෙසේදැයි යන්න විමසිය යුත්තකි. ලොව පළමු නවකතාව යන්න ද පුදුමයක් වැනි නිසාය.

කෙසේ වෙතත් වත්මන් විද්වතුන් ලොව පළමුවැනි නවකතාව ලෙස හඳුන්ව්නනේ ජපන් ජාතික ලේඛක මුරසකි ශිකිබුගේ ගෙන්ජි කතාවය. හේතුව එය ඒකීය ධාරණාවකින් යුක්තවීම, සාර්ථක ලෙස චරිත ගොඩනංවා තිබීම සහ සිදුවීම් අපූරු ලෙස පෙළගස්වා තිබීමයි. මේ සියල්ල සැලකෙන්නේ නවකතාවක ආවේණික ලක්ෂණ ලෙසයි.
ඊට කලින් ද යම් යම් ප්‍රබන්ධ බිහිවී තිබුණත් ඒවායේ ඉහත කී කරුණු සියල්ල පරිපූර්ණ වූයේ නැත. එනිසා එම කෘති සැලකෙන්නේ නවකතාවට පදනම දැමූ කෘති ලෙසයි.

එවැනි කෘති කිහිපයක් මෙසේය.
1 පෙට්‍රොනියස්ගේ ‘සැට්යිරිකෝන් ලතින් කෘතිය
2 අපියුලෙයුස්ගේ ‘ද ගෝල්ඩන් ඈස්’
3 දණ්ඩීන්ගේ දශකුමාර චරිතය (සංස්කෘත)
4 බානභට්ටගේ කාදම්බරිය (සංස්කෘත)

ගෙන්ජි කතා බිහිවන්නේ මින්පසු 11 වැනි සියවසේදීය.

කෙසේ වෙතත් ඉන්පසුව ද ලොව තවත් රටවලින් නවකතා ලෙස සැලකෙන කෘතීන් බිහි විය.
12 සියවසේදී අරාබි ලේඛක ඉබින් තුතේල් ලියූ භායි ඉබින් යක්දාන්,
13 සියවසේදී අරාබි ලේඛක ඉබින් අල් නෆිස් ලියූ ‘තියෝලොගුස් ඔටොඩ්ඩැක්ටස්,
14 සියවසේදී චීන ජාතික ඉඕ ගුඇන්ගොංග් ලියූ ‘රොමැන්ස් ඔෆ් ද ත්‍රී කින්ඩම්ස්’
මේ අතරින් හබයි ඉබින් යක්දාන් සහ තියෝලොගස් ඔටොඩිඩැක්ටස් යනු දේවධාර්මික උපදේශනයන් අඩංගු කෘති විය. ඒවා දාර්ශනික නවකතාවේ මූලාරම්භක කෘති ලෙස සැලකේ.

නමුත් හයි ඉබින් යක්දන් කෘතිය පාදක වන්නේ ජනශූන්‍ය දූපතකට පිටමං කරනු ලැබූ ජන කොට්ඨාශයක් දිවි රැක ගැනීමට ගන්නා වෙහෙස මහන්සියයි.


කඩදාසිය නිෂ්පාදනය කිරීම නවකතාවේ ප්‍රගමනයට හේතූ විය. සොංග් රජ සමයේදී චීනයේදී මුද්‍රිත කෘති නිෂ්පාදනය කෙරිණි. අනතුරුව මිංග රජ සමයේදී මුඛ පරම්පරාගතව පැමිණි කතාන්දර ප්‍රබන්ධ කතා ලස පරිණාමය වූ බව ද කියැවේ.

කඩදාසිය නිෂ්පාදනය වීමත් සමඟ ලෝකයේ නවකතාව දිනෙන් දින වර්ධනය විය.
යුරෝපයේ නවකතාව ආරම්භවන්නේ 1605 දී ප්‍රකාශයට පත් වූ දොන් ක්විසෝට් නැමැති කෘතියෙනැයි කියති.

ශාන්ත කුමාර විතාන.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart