ඔබේ දෙතොල් වියළි ද?

සාමාන්‍යයෙන් ඔබ දෙතොල් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර යුත්තේ එය ඕනෑම කෙනෙකුගේ අවධානය එක්වරම යොමුවන ශරීර අංගයක් වීම නිසාය.
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මුඛ ආවරණ පළඳින නිසා දෙතොල් කෙරෙහි අවධානය අවම කර ඇත්නම් එය සුදුසු නැත.
ඔබේ දෙතොල් අතිශය වියළි තත්ත්වයට පත් වුවහොත් දෙතොල් තුවාල වී අධික වේදනාවක් ගෙන දී, වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු තත්ත්වයට පත් වෙනු ඇත. ඒ නිසා යළිත් ඔබේ දෙතොල්වලට අවධානයට ලබා දෙන්න.

වියළි දෙතොල්වලට හේතු

  • කාලගුණික තත්ත්වය (අධික ශීතල, අධික උණුසුම)
  • නිතරම දෙතොල් ලෙවකෑම
  • සමහර බෙහෙත් වර්ග භාවිතය.
  • දුම්පානය

නිවසේදීම කළ හැකි දේවල්

  • ගුණාත්මක බවින් ඉහළ ලිප් බාම් එකක් වරින් වර දිනය පුරා භාවිතා කරන්න. විශේෂයෙන්ම නින්දට පෙර දෙතොල් මත ලිප් බාම් ගල්වා මෘදුව සම්බාහනය කරන්න.
  • හොඳින් ජලය පානය කරන්න.
  • නිතරම දෙතොල් ලෙවකෑම පාලනය කර ගන්න.
  • අධික ශීතලට හෝ උෂ්ණත්වයට නිරාවරණය නොවන්න.

1 thought on “ඔබේ දෙතොල් වියළි ද?”

  1. I抦 impressed, I have to say. Actually rarely do I encounter a weblog that抯 each educative and entertaining, and let me let you know, you might have hit the nail on the head. Your thought is outstanding; the problem is something that not enough individuals are talking intelligently about. I am very joyful that I stumbled throughout this in my search for one thing regarding this.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart