“දියබරියා.. කවුද යකෝ දියබරියා..?”
ඔහු දෙනෙත් කුඩා කරමින් ඇසුවේ ඇය අසළට ළං වෙමිනි.
“ධනුෂ්ක එපා..” ඔහු, එක්වරම ඇගේ බඳවටා අත වා ඇය අල්ලා නිද්දී යොෂිකා දැඟලුවාය. “කෝපි දෙක හැලෙයි හරිද?”
“දඟලන්නේ නැතුව හිටියොත් අතාරිනවා.. නැත්නම් කෝපි නෑවත් මට කරන්න දෙයක් නෑ..”
ඔහු දෙස තරවටු බැල්මක් හෙලමින් ඇය දැඟලීම නැවැත්තුවාය. ඇගේ දෙතොල් මත කෙටි සිපුමක් තබමින් ඔහු ඇගෙන් ඈත් වූයේ කෝප්පය අතට ගනිමිනි.
“දියබරියා..”
**********************************************
“ලේ බිංදුවක්වත් හාර්ට් එකේ න.. නහර ගල් වෙලා… ඇඟේ තියෙන ලේ සේරම අදැලා දාලා.. මරණයට හේතුව වෙන්නේ සිරුරෙන් රුධිරය ඉවත් වීම නිසාවෙන් හදවත නැවතීමයි.. බෙල්ලේ තියෙන සිදුරු දෙක සිරුරෙන් රුධිරය ඉවත් කරන්න කටු ගහපු තැන්..”
මරණ පරීක්ෂණ වාර්තාවට ඇහුම්කන් දුන් යොෂිකා හා ධනුෂ්ක එකිනෙකා දෙස බලා ග්තතේ කිසිවක් සිතා ගත නොහැකිවය.
ධනුෂ්ක වහා ලියා තිබූ මරණ පරීක්ෂණ වාර්තාව ද ලිපිගොනුව තුළින් සොයා ගත්තේය. පෙන් එකේ තිබූ තොරතුරුම අඩුපාඩුවක් නොමැතිව එහි අඩංගුව තිබිණි.
**********************************************
එක්වරම පිටිපස්සෙන් පැමිණි තරුණයෙකු ඔහුගේ සිරුරේ ගැටුණේය. ඔහු විසි වී වැටෙන්නට යද්දීම එම තරුණයාගෙ විසින්ම ඔහු අල්ලා ගත්තේය. කේවට්ටයා ඔහුට බැණ වදිද්දී ඔහු සමාව ඉල්ලමින් එතැනින් ඉවත් වූයේ ඉක්මන් ගමනිනි. එම සිදුවිම දුටු ධනුෂ්කගේ කට කොණක සිනාව්ක ඇඳී මැකී ගියේය.
“අන්න කෙල්ල.. අනේ බං වඳින්නම්.. උඹ අදම ඒකිට වර්ඩ් එක දාපන්.. මළ කරුමයක් වෙනවා නැත්නම්…”
හෂේන් පැවසුවේ දෑත් බැඳ ඔහුට වදිමිනි.
“මේ සෙනඟ ගොඩේ බෑනේ බං.. ඒකි බස් හෝල්ට් එකට ගියාම ටෝක් කරමු..”
“මූ ඔය වැඩේ කරන පාටක් නෑ මචං.. ධනුෂ්ක පැවසුවේ සිනාසෙමිනි.
“හරි හරි එහෙනම් බලපංකො..මම යන්නම්.. වැඩ වගයක් තියෙනවා..”
ඔරලෝසුව දෙසට නෙත් හෙලූ ධනුෂ්ක ඔවුන්ගෙන සමුගෙන ඉවතට ගියේ ජංගම දුරකථනය අතට ගනිමිනි.
“කොහෙද ඉන්නේ..”
“කඩ පේළිය පිටිපස්සේ..”
අනෙක් පසින් ලැබුණු පිළිතුරට අනුව ධනුෂ්ක ඉදිරියේ තිබූ කඩ පේළියේ හිදැස අතරින් රිංගා පටු පාරකට පැමිණියේය. එක්වරම ඔහු ඉදිරිපිටට පැමිණියේ ටික වේලාවකට පෙර කේවට්ටයාගේ සිරුරේ හැ්පපුණු තරුණයායි.
**********************************************
“මෙයාට තවම හොඳ නැද්ද?”
“තවම නෑ.. මෙයාගේ ජීවිතේ ගැන විශ්වාසයක් තියන්න බෑ… හොස්පිට්ල් එකකට ඇඩ්මිට් කළා නම් මීට වැඩිය මේ ලෙඩා ගැන බලලා බෙහෙත් කරන්න පුළුවන්.. ඒත් මෙහෙම ගෙදරක හිර කරගෙන කොහොමද ලෙඩකට බෙහෙත් කරන්නේ? ටෙස්ට් එකක් කරන්න බෑ.. නිකම් හිතලා බෙහෙත් දේනනේ.. මේ මනුස්සයා මැරෙන්නේ ඒක නිසා කොයි වෙලාවක හරි..”
නාඳුනන හඬින් කියනු ඇසෙද්දී ධනුෂ්ක වඩාත් වුවමනාවෙන් සවන් යොමු කළේය.
“ඒවා ඉතින් අපි දන්නේ නෑ.. මෙන්න ඩොක්ටර් ඉල්ලුව බෙහෙත්..”
එය රවීන්ද්‍රගේ හඬ බව ධනුෂ්කට විශ්වාසය. ඔවුන් කතා කරන්නේ කව්රුන් සම්බන්ධයෙන්දැයි කුමක් පිළිබඳව ද යන්න ඔහුට සිතා ගත නොහැකි විය.
**********************************************
ධනුෂ්ක සිටියේ නොසන්සුන් බවේ උපරිමයේය. පන්තියෙන් පිටව යන බව දැනුම් දී තිබූ යොෂිකාගේ දුරකථනය විස්නධිව තිබිණි. ඇය ඇමෙන්ඩා සමඟින් දුම්රිය ස්ථානය යන බව දැනුම් දී කෙටි පණිවිඩයක් එවා තිබුණත් එතැනින් පසුව කිසිදු පණිවිඩයක් නොවිණි. ජංගම දුරකථනයේ බැටරි බසින්නට ඇතැයි උපකල්පනය කර ඇය දුම්රියෙන් බැස නිවසට යන වේලාව ද පසු වෙන තරුැ ඉවසා සිටියත් ඇගෙන් කිසිදු ඇමතුමක්, කෙටි පණිවිඩයක්වත් නැති විය.
යොෂිකාගේ අමතුමට හෝ කෙටි පනිවිඩයට පිළිතුරු දේනටන නොහැකි වූයේ ඔහු වෛද්‍යවරයා සිරකරගෙන සිටි නිවස මුර කරමින් සිට අත්අඩංගුවට ගත් තරුණයින්ගෙන් යළිත් ප්‍රශ්න කරමින් සිටි නිසාය.
“මොකෝ බං මේ..? යන්නේ නැද්ද..?”
“යන්න ඕනේ.. මගේ කේලලගේ ෆෝන් වැඩ නෑ..”
Reviews
There are no reviews yet.