Sale!

Shiksha Aarathi ශික්ෂා ආරතී

රු440

Author – Shiksha Arathi

Publisher – Gaya creations

Publishing year – 2020

Availability: 2 in stock

Add to Wishlist
Add to Wishlist
SKU: SSG004 Categories: , Tag:

“නැන්දි රතුපාට සාරියක් ඇඳලා පොත් ගොඩක් අරන් දොරක් ඇරගෙන එළියට එන ෆොටෝ එකක්.. ඒකේ හිටියේ නැන්දිමයි.. අර නැන්දි දාන දිග කරාබුත් දාලා. මම ලින්ක් එක එවන්නම්.. බොරු නම් නැන්දි බලන්නකෝ..”
මම මොහොතක් වික්ෂිප්ත වුණෙමි. මෙලෙස විස්තර කරන්නට තරම් බොරුවක් පුතුට ගොතා ගන්නට දන්නේ නැත. පොත් සාරි කරාබු මේ සියල්ල මොහොතකින් මාව අතීතයට රැගෙන යන්නට විය. ඔහු කියන කතාව ඇත්තක් නම්. මම එය නැවත පරීක්ෂා කර බැලිය යුතුය.
**************************************
ඇලෙක්ස්ගේ හැසිරීමේ යම් විශේෂත්වයක් මා කෙරේ ඇතැයි මට ලංකාවේදී නිශ්චිත නිගමනය කිරීමට නොහැකි විය. ඒ ඔහුගේ හෘදයාංගම බව විය හැකි යැයි මම මුළු හදවතින්ම සිතා උන්නෙමි. එහේත ඊමේල් පණිවිඩ මගනි් ද ඔහු මට පළකර සිටින්නේ ඒ සාමාන්‍ය හෘදයාංගම බව ද? එසේ නොමැති නම් ඊට එහා ගිය හැඟීමක පෙරනිමිත ද? මම නැවත පරිගණක තිරය මතට ඇස් යොමු කළෙමි.
**************************************
“ඔයාගේ විවාහය වෙන්නේ විදේශිකයෙක් එක්ක.?”
මම පුදුම වී ශ්‍රී වාස්තව් දෙස බලා උන්නෙමි.
“බොරු නම් බලන්නකො..”
“ඔයා ඇයි එහෙම කිය්නනේ ශ්‍රී වාස්තව් ජී..”
“එහෙම කිය්නනේ මේ රේඛාවල එහෙම ලියවිලා තියෙන නිසා..”
“හ්ම්ම්.. මම කවදාවත් එහෙම හිතලා නෑ..”
“ඔයා හිතලා නැති වුණාට ඒක එහෙම වෙයි..”
මට ඇලෙක්ස් මතක් විය.

**************************************

අති සුන්දර කාශ්මීරයේ අපූර්ව වූත් චමත්කාර වූත් පරිසරයේදී තවත් ජීවිත දෙකක් සදානුස්මරනීය සිහිවටනයක් තමන් සතු කර ගන්නට ශ්‍රී නගර් සමත් විය. ඇලෙක්ස් ආදරයේ උනුසුම එක්තැන් වී මගේ ජීවිතය මගේ ආත්මය ඔහු සතු කර ගත්තේ ඒ මොහොතේය. ආසියාතික මානවිකාවකගේ වටිනාකම තීරණය කිරීමේ සංස්කෘතිමය මිනුම් දණ්ඩ කිසිදු වාරණයකින් තොරව ඇලෙක්ස් ස්මිත් විසින් තහවුරු කර ගත්තේ ද ඒ රාත්‍රියේය.
ජීවිතයේ සොඳුරුතම රාත්‍රිය නිමා කරමින් සීථල කාශ්මීරයට හිරු එබෙමින් උනේන අපේ දෑස් මත නිදා උන් නිදිමතට පලා යන්නට අණ කරමිනි.
ශිකී..”
ඔහුගේ හඬ වෙනස් ය.
“ඇයි ඇලේක්ස් මොකද වුනේ..?”
“අපේ ප්ලෑන්ස් ඔක්කොම අවුල් වෙනවා.. මට හදිසියෙන්ම ඉන්දියාවෙන් යන්න වෙනවා..”

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart