Sale!

Amritha අම්රිතා

රු800

Author  – Nishani Illangakoon

Publishing year –  2021

Availability: 4 in stock

Add to Wishlist
Add to Wishlist
SKU: ANN0007 Categories: , Tag:

ජීවිතෙත් කේක් එකක් වගෙයි . හැමදාම හොඳම කේක් බේක් වෙන්නේ නෑ . පළපුරුදු චෙෆ් කෙනෙක් අතින් වුණත් කේක් එකක් පිච්චෙන්න පුළුවන් . ඒ වගේම පිච්චුනු හැම කේක් එකක්ම විසිකරලා දාන්නෙත් නෑ . කේක් කෑලි එකට අලවලා ,ප්ලාස්ටර් දාලා වැඩේ ගොඩ දාගන්න බලනවා . ඒ වගේම කේක් එකේ තියන වැරදි ,කැත තැන් ඔක්කොම වහලා ලස්සනට සරසන්න අයිසිං එකට පුළුවන් . කසාද ජීවිතයත් ඒ වගේ . පලු දෙකක් එකතු වෙනවා ,කැඩීම් බිඳීම් ,ඉඳහිට රොස්වෙන ඒවා වෙනවා . නමුත් ඒ හැම එකකටම අපිට පුළුවන් ඉවසීමෙන් ආදරේ කියන අයිසිං එක පාවිච්චි කරන්න .

*****************************************

ඔහු සෙමින් ඒ තොල්පෙතිවලට ළං වී ඔහුගේ දෙතොල එහි ස්පර්ශ කරනවාත් සමඟම, අම්රිතා දෑස් හැර ඇගේ අතැඟිලිවලින් ඔහුගේ මුව ආවරණය කර පසුපසට ඇදී ඔහුගෙන් මිදුනි.
“මොනවද මේ කරන්නේ..? පිස්සු හැදිල ද.?”
“මොකක්ද ඒකේ ඇති වැරැද්ද අම්රිතා.. වී ආර් එබවුට් ටූ ගෙට් මැරීඩ්.. ඔයා මේ මැරේජ් එකට කැමැති නම් ඇයි එහෙම?”
“මම කිව්වේ කසාදෙට කැමැති කියලා මිසක් ඔයාට කැමැතියි කියලා නෙමෙයි..”
“මොකක්ද ඒ කතාවේ තේරුම..? ඒ දෙකම එකයිනේ..”
“නැහැ ඒක සම්පූර්ණයෙන්ම වෙනස්.. ඒක ඔයාට තේරෙන්නේ නෑ.. කැමැති උනේ නෑ.. කැමැති වෙන්න වෙන තැනට වැඩ සිද්ධ වුනා..”

ඔහු කමිස අතේ බොත්තම් දමමින් සිටියදී අම්රිතා ඇඳුම් කාමරයේ දොරට තට්ටු කර ඇතුළට ගියාය.
“මම ටයි එක දාලා දෙන්න ද?”
“ගර්ල්ස් ස්කූල් එකේ ටයි දාන විදියට නෙමෙයි පෝනියෝ…”
“ඔයා හිතුව ද මම ටයි දාන්න දන්නේ නෑ කියලා.. අප්පච්චි මට ඔක්කොම උගන්නලා තියෙන්නේ හරි ද..?”
“‘හරි හරි ඇවිත් දාන්න.. මගෙත් එක්ක තරහට බෙල්ල මිරිකන්න නම් එපා..”
අම්රිතා ඔහුට කට ඇද කර විරිත්තමින් පැමිණ කර පටිය ගැට ගැසුවාය. ඇය සීරුවෙන් එය සකසන තෙක්ම රන්ධීර් එක එල්ලේ ඈ දෙස බලා සිටියේය. ඇය අසළ ගැවසෙන විට අවට ඇති අජීවි වස්තූන් පවා සජීවි බවකින් යුතුවන බව රන්ධීර්ට සිතුණි. අම්රිතා කරපටිය දමා ඔහුව කැඩපත දෙසට හරවා ඇස්බැමි උඩට ඔසවමින් එය කෙසේදැයි ඇසුවාය.

*****************************************

“අම්රිතා, මම ඔයාට ආදරේ නොකලා නම් මං බලහත්කාරයෙන් ඔයාව මගේ ළඟ තියා ගන්නවා. ඒ උනාට ආදරේදී මට එහෙම කරන්න බෑ.. මගේ ආසාවට ඔයාව බලෙන් තියා ගන්නවා නම් ඒක ආදරේ නෙමෙයි. මගේ ළඟ ඔයාට දෙන්න සතුටක් නැත්නම් ඔයාව මම නිදහස් කරනවා. ඒත් අන්තිම මොහොත වෙනක්ම ඔයාගේ හිත වෙනස් කරන්න මම උත්සාහ කරනවා.. මම ඒ තරමටම ඔයාට ආදරේ කරන්න පටන් අරන්..”
“රන්ධීර්..”
ඇය ඔහුගේ දෑත් සිපගත්තේ රූරා වැටෙන කඳුලක් ද සමඟිනි.
“අමී.. මම ඔයාට ගොඩක් ආදරෙයි..”
ඔහුගේ ගැඹුරු හඬින් කී වදන් හදවත පතුළටම කිදා බැස්සා සේ අම්රිතාට දැනුණි. තම හදවත ගැහෙන රිද්මය පවා වෙනස් වූ බව ඇයට දැනුණි. ඇයගේ ජීවිතයේ පළමු වතාවට ආදරය යන හැඟීම ගත සිත පුරා දැනෙන්නට විය. සැබැවින්ම ඇය ඔහුට පෙම් කරමින් සිටියාය. එහෙත් ඇයගේ සිත පිරී තිබූ අනෙක් නොවැදගත් හේතූන් නිසාවෙන් ඇයගේ ආදරය ද අමාවක සඳ සේ හදවත පතුලේම වැසී තිබුනි. අසුබවාදී සිතුවිලි ගිලිහී ගිහ පසු පෝදා සඳ බැබළෙන්නා සේ ආදරය හදතුළ මතුවිය.
“රන්ධීර්.. මම..” ඇය ඉතිරිය කියාගත නොහැකිව තොල් සොලවන්නට වූවාය.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart