Sale!

Sath lahiru සත් ළහිරු

රු440

Author – Chandi kodikara

Publisher – Rathsara poth

Publishing year – 2020

Add to Wishlist
Add to Wishlist
SKU: SCR001 Categories: , Tag:

එවකට හත්වෙනි ශ්‍රේනියේ සිටි තරින්ද, මල්ලීගේ අතින් අල්ලාගෙන ඔහු එළියට කැඳවාගෙන ගියේය. මේ පඩියේ මෙහෙමම ඉඳගෙන අයියාත්, මල්ලීත් වවුලන් ගණන් කළහ. ළහිරුට විවිධ තරු රටා පෙන්වා දෙන ලද්දේත් තරින්ද විසිනි. එපමණකින් නොනැවතී ඔහු රචනාව ලියන්නටත් මල්ලීට උදව් කළේය. තමාට ලැබී ඇත්තේ මොන තරම් හොඳ අයියා කෙනෙක්දැයි ඒ දිනවල ඔහු කල්පනා කළේය. එහෙත් අත්තම්මා කියන්නාක් මෙන් ලෝකයේ වෙනස් නොවෙන යමක් ඇත්නම් ඒ වෙනස්වීම පමණකි.
අද ළහිරු කළුවරට තබා කිසිම දේකට බියක් දක්වන්නේ නැත. තරින්ද එහි අනෙක් පැත්තය. ඔහු සුළු දෙයටත් බිය වන්නේය. කලබල වන්නේය.

****************************************

“මම කලබල වුණා වැඩියි.. මම ළහිරුට බැන්නා.. නුවනිට කම්මුලට ගැහැව්වා.. ඒත් මට තිබුණේ හෙමින් සීරුවේ කතා බහ කරලා මේ ප්‍රශ්නේ විසඳගන්න.
ස්වේතාට කිහිප වරක්ම එසේ සිතිණි. එහෙත් දැන් ගිය නුවණ ඇතුල් ලවාවත් අද්දවන්නට පුළුවන්කමක් නැත. ඇය කිහිප වරක්ම දුරකථනය අතට ගත්තේ ළහිරුට කතා කර ඔහුගෙන් සමාව ඉල්ලන්නටය. එහෙත් ඔහු නුවනිට ලංව සිටි ඡායාරූපවල මතකය මෙන්ම තමන්ගේම පුරාජේරු කතා නිසා උපන් ලැජ්ජාව ද ඇය පසුබස්වනු ලැබිණි.
“නුවනිත් එක්ක ඕන කුදයක් ගහ ගන්න.. මම ආයෙ ඔයා යන පාරකවත් යන්නේ නෑ..”
ඇය අවසානයට ළහිරුට කීවේ එලෙසිනි.

****************************************

“අකිලගේ සීයට දවසක් දෙවියෙක් හම්බ වුණාලු.. එයා දෙවියන්ගෙන් සතයක් ඉල්ලලා තියෙන්නේ ඒකනේ.. දෙවියෝ කිව්වලු විනාඩියක් ඉන්න දෙන්නම් කියලා.. දැන් සීයගේ වයස අවුරුදු අසූවක් තවම විනාඩිය ගෙවිලා නැතිලු..”
නිරෝෂ් කියද්දී නැවතත් පන්තිය පුරා සිනා හඩ පැතිර ගියේය.
“හෙට අනිද්දා සීයට දිව්‍ය ලෝකෙට ගිහිල්ලම සතේ ඉල්ල ගන්න පුළුවන් වෙයි..”
ළහිරු පැවසුවේ සෑහෙන කාලයක් එක්තැන් වී සිටින අකිලගේ සීයා ගැන දැන සිටි නිසාය.

****************************************

“මම මේ කල්පනා කළේ මට පේන්නේ නැති අලියෙක් අන්කල්ට කොහොමද පේන්නේ කියලා..” ළහිරු කීවේය.
ත්‍රීවීලරයේ ඉදිරිපස ලාම්පුවේ ආලෝකය සෘජුවම එල්ල වී තිබුණේ අත් ට්‍රැක්ටරය වෙතටය. එය යාන්තමින් පැත්තකට හැරෙන ආකාරය එම එළියෙන් දැකිය හැකි වූයේය. තැඹිලිපාල වෙව්ලන තරමටම බිය වී ඇති බැව් ළහිරුට වැටහිණි.
“ඇත්තටම මහත්තයට කිසිම දෙයක් පේන්නේ නැද්ද?”
“සමහර විට මාත් ඩෝප් වෙලා හිටියා නම් මට ඕවා පෙනෙයි.. මේ විකාර නැතුව යමු.. නැත්නම් අපි බැහැලා වෙන ත්‍රීවීලර එකක එන්නම්..”
“වඳින්නම්.. බහින්න නම් එපා මහත්තයෝ.. මට බයයි.. අර අර බලන්නකො පාර මැද්දේ රතු පාට ඇහැක්.. එහෙ මෙහෙ යනවා..”

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart