මටත් කවියක් ලියන්න 17

නොනවත්වා නාද වෙන ජංගම දුරකථන තිරය දෙස මා ඔහේ බලා සිටියේ එයට පිළිතුරු දෙන්නට සිතක් නොවුණු නිසාය.
උදෑසනම, නිවැසියන් හා ඇති වූ ගැටුමෙන් පසුව මා කාමරයටම වී සිටියේ කිසිවෙකු හා කතා නොකරමය. යලිත් කුරුණෑගල යෑමට සිතුණත් ඊට සවියක් නොවිණි. අම්මා මල්ලී කොහේ හෝ ගිය බව ඇසුණු පසුව, ක්‍රියා විරහිත කර තිබූ දුරකථනය ද ක්‍රියාත්මක කර තබා, හිස්ව විලාප තියනා කුස සනසා ගැනීමට කුස්සියට ගියෙමි. මාගේ ආහාර පංගුව මේසය මත තිබෙනු දකිද්දී මට ඉබේටම සුසුමක් හෙලිණි.
එය ආහාර ගැනීම අරඹද්දීම උගුරෙහි ආහාර සිරවූයෙන්, නෙලුක කුසගිනේනදැයි සිත නොසන්සුන් විය.
“අම්මා ඉන්නවනේ.. පුතාව කවලා පොවලා, නාවලා බලා ගන්නේ නැතැයි..”
කෝපයෙන් මුමුණා ගත් මම රසක් ගුණක් නොබලා ආහාර වේල අවසන් කළෙමි. යලි සෙමෙන් කාමරයට පිවිසෙද්දී සයනය මත තිබූ ජංගම දුරකථනය එළිය විහිදුවමින් තිබිණි.
‘තාත්තී..’
නෙලුකගේ ඡායාරූපය සමඟින් තිරය මත සටහන්ව තිබෙනු දකිද්දී මම තදින් දෑත් මිට මොලවා ගතිමි. ඇමතුම විසන්ධිව යද්දී මම දුරකථනය අතට ගතිමි. නෙලුක නමින් මඟහැරුණු ඇමතුම් හතරක් ද, කෙටි පණිවිඩ පහක් ද, පෙර පාසලෙන් ඇමතුම් දෙකක් ද එහි සටහන්ව තිබිණි.
නෙලුකගේ ඇමතුම් සේම කෙටි පණිවිඩ ද නොසලකා හැරි මා පෙර පාසල ඇමතුවේ, නොදන්නවා නිවාඩු ගැනීම නොහොබිනාකමක් නිසාය.
“දැන් කොහොමද ශෙනායා.. ඇහැරුණා..?”
මා යමක් පැවසීමට පෙරම, ප්‍රධාන ගුරුවරිය ඇසුවේ මා පුදුමයට පත් කරමිනි.
“මැඩම්…”
“ඔයාගේ ෆෝන් එක වැඩ කළේ නැති නිසා හස්බන්ඩ්ට අරගෙන තිබුණා ඉශිකා.. එයා තමයි කිව්වේ ඔයා හොඳටම අසනීප වෙලා නිදි කියලා..”
“ආ.. ඔ.. ඔව් මැඩම්.. ම.. මම මේ ඇහැරුණු ගමන් කෝල් කළේ..”
හඬෙහි වූ බර ගතිය මා අසනීපයෙන් පසුවන බව ඔවුන්ට තහවුරු කරන්නට ඇත. ඇය ඉක්මණින් සුව වෙන්න යැයි පවසමින් ඇමතුම විසන්ධි කරද්දී මම මුවින් හුස්මක් පිට කළෙමි.
මගේ දුරකථනය ක්‍රියාත්මක නොවුවහොත්, පෙර පාසලෙන් නෙලුක අමතනා වග මට සිහිපත් වූයේ එමොහොතෙහි ය. දුරකථනය යළිත් නෙලුක නමින් නාද වෙන්නට විය.
දුරකථනයට නිවනක් නොදී, තෙවැනි වතාවටත් නාද වෙද්දී මම ඇමතුම හා සම්බන්ධ වෙමින් දුරකථනය සවනට තෙරපා ගත්තෙමි.
“සුදු මැණික..”
සුපුරුදු, ආදරබර ආමන්ත්‍රණය ඇසෙද්දී මා දෙනෙත් තදින් වසා ගත්තේ ශෝකය, කෝපය ඇතුළු හැඟුම් ගණනාවක් සඟවා ගන්නටය.
“මාත් එක්ක තරහ ද ඔයා..? මම දන්නවා තරහා වෙලා කියලා… ප්ලීස් කතා කරන්නකෝ..”
කියන්නට බොහෝ දේ මුවට ආවත් මම තවදුරටත් නිහඬතාවයම රැක්කෙමි.
“හරි කමක් නෑ.. කතා කරන්න එපා.. මම කියන දේ අහගෙන ඉන්නකෝ.. මට සමාවෙන්න මැණික.. සමාව දෙන්න බැරි වැරැද්දක් තමයි කළේ.. මම කලබල වුණා.. ඔයා වෙන පිරිමියෙක්ගේ වාහනේ ආවා කිව්වම මට මොනවා වුණා ද මන්දා.. මගෙන් ඔයාට ගොඩක් අඩුපාඩු වෙනවා.. ඔයා එහෙම අඩු පාඩුවක් විඳින්න ඕනේ ගෑනියෙක් නෙමෙයිනේ වස්තුවේ.. ඉතින්.. ඉතින් මට හිතුණා.. ඔයා වෙන කෙනෙක් හොයාගෙන කියලා.. මාව දාලා ගියා කියලමයි හිතුණේ…”
“දැන් එකපාරටම ඒ අදහස වෙනස් වුණේ කොහොම ද..?”
මම කඩා පැන්නෙමි.
“ම්ම්.. මේ..” ඔහුට ගොත ගැසිණි. “පස්සේ මම දැන ගත්තා, ඒ අර ඔයාට ගොඩක් ආදරේ මෙත්සිඳුගේ මාමා කියලා..”
ඔහු මිමිණුවේ ලැජ්ජාශිලීවය.
“මට ගහන්න බනින්න කලින් හොයලා බලන්න තිබ්බේ නැද්ද..?”
මා සිටියේ කෙමෙන් උත්සන්න වෙන කෝපය අසීරුවෙන් දරා ගනිමිනි.
“සොරි සුදු මැණික..”
ඔහුගේ හඬෙහි සැබෑම පසුතැවිල්ලක් තිබ්බත් මා දරා ගත් කෝපය පුපුරා ගියේය.
“හැම මඟුලටම සොරි කිව්වම වෙච්ච දේවල් වෙනස් වෙනවද නෙලුක… පළවෙනි දවස නෙමෙයිනේ ඔයා මට ඇහිල්ලක් බැලිල්ලක් නැතුව ගැහුව..? මම හැමදාම ඔයාගෙන් ගුටි කාගෙන බැනුම් අහගෙන ඉන්නේ මොන එහෙකට ද..? ඔයාට මාව ඔය තරමට අවිශ්වාස නම්, ඔයාගේ අම්මාගේ වචන විතර නම් විශ්වාස ඔයා තීරණයක් ගන්න.”
“ශෙනායා..”
ඔහු කෑ ගසද්දී මම වේගයෙන් හුස්ම ඉහළ පහළ හෙලුවෙමි.
“බොරුවට බෙරිහන් දුන්නට වැඩක් නෑ නෙලුක.. ඔයා අම්මාවම විශ්වාස කරගෙන මාව අවිශ්වාස කරලා මට රිද්දනවා නම් ඒක සාධාරණ නෑ.. මට නැන්දම්මා එක්ක වලි දාගෙන, දුක් විඳගෙන ඔයත් එක්ක ඉන්න ඕනේ නෑ.. මට මහන්සියි.. දුකයි.. තරහයි.. ඔයා හිතන්නේ ඔයා හරි කියලා විතරයි.. වැරැද්ද කරලා මෙතන සොරි සොරි ගෑවට තේරුමක් නෑ.. හැම පැත්තෙන්ම තැලෙන්නේ මම නෙලුක.. බැඳලා ගිය තැනින් සහනෙකුත් නෑ.. මගේම ගෙදරිනුත් සහනයක් නෑ.. ඔයා කෝල් කරලා අම්මලට කතාවක් කියලා, මම නිකම් බැනුම් ඇහුවා ඒකටත්.. මට පිස්සු හැදෙයි මේ යන විදියට.. ඔයාටත් ඕනේ මම පිස්සියක් වෙනවා දකින්න ද..?”
මා මොනවා කියනවාදැයි මටම අදහසක් නොවුවත්, සිතේ වූ සියලු පීඩාවන් ඔහු මතින්ම පිට කර දැම්මෙමි.
“සොරි මැණික.. සොරි.. ආයෙත් එන්න මෙහෙ.. මම එන්න ද ඔයාව එක්ක යන්න.. මම ගොඩක් බය වුණා ඔයාගේ ෆෝන්ස් වැඩ නැති වෙද්දී.. ඒකයි අම්මට කතා කළේ.. සොරි.. ඉන්න මම දැන්ම මෙහෙන් පිටත් වෙන්නම්..”
ඔහුගේ කලබලකාරී ස්වරය හමුවේ මම තදින් නළලත තෙරපා ගත්තෙමි.
“එපා..”
මට ඉබේටම තදින්ම කියැවිණි.
“සුදු මැණික..”
ඔහුගේ මුවින් නිකුත් වූයේ කෙඳිරියකි.
“එන්න එපා නෙලුක… ඔයාට මගේ මූණ බලන්න ලැජ්ජාවක් නැති වුණාට, මට ඔයාගේ මූණ බලන්න, ඔයාත් එක්ක ඉන්න තරම් හිත හදා ගන්න බෑ.. මේ දවස් දෙක මම ගෙදර ඉන්නම්..”
ඔහු යළිත් කිසිවක් පැවසීමට මත්තෙන් මම ඇමතුම විසන්ධි කර දැමුවෙමි.

රූපවාහිනී තිරය දෙස බලාගෙන සිටියත්, ශබ්ද වශයෙන් හා රූප වශයෙන් මිස අර්ථ වශයෙන් කිසිවක් මගේ හිසට නොවැටිණි. 
“මට අද විහඟව හම්බ වුණා..” 
එක්වරම සවන අද්දරින් අම්මාගේ හඬ ඇසෙද්දී, මම තිගැස්සීමි. 
“මොකක්ද..?” 
“කොයි ලෝකේද බං ඉන්නේ.,? කියන ඒවා ඇහෙන් නැත්තේ.,?” 
“ටීවි එක බල බලනේ අනේ හිටියේ..” 
   මා නොරිස්සුම් සහගතව මුමුණද්දී, ඇය කෙටි ආහාර සහිත බෑගයක් මා වෙත පෑවාය. මා හට කෙතරම් බැණ වැදුණ ද, නිවසට පැමිණි විගස, කැමැති ආහාර සකසා දී, මා කැමැතිම ආහාර නිවසට ගෙන එන්නට අම්මා උනන්දු වූවාය. කෑමේ පිරියක් නොවුවත්, ඇගේ සිත නොරිදවිය යුතු නිසා රෝල් එකක් අතට ගත්තෙමි. 
“විහඟ හම්බවුණා සුපර් මාර්කට් එකේදී.. කොල්ලා දැන් ලස්සන වෙලා.. කාර් සේල් එකක් දැම්මලු... උඹව මතක් කරන්නත් කිව්වා.. දැක්කම ලෝභ හිතුණා.. අපරාදේ මේ යකාව බැන්ද වෙලාවේ විහඟව බඳින්න තිබ්බා තව ටිකක් ඉවසලා..” 
“මොනවද අම්මා මේ කියවන්නේ..?” 
මම නොරිස්සුම් සහගතව මිමිණුවෙමි. 
“කියන්නේ.. පේන දේවල් ගැන..” 
ඇය කඩා පැන්නාය. විහඟ. එක් කලෙක මගේ ජීවිත පරිච්ඡේදයේ සුවිශේෂී ස්ථානයක් දැරූ තරුණයාය. පාසලට සමු දී කෙටි කාලයකට පසු මගේ ජීවිතයට එකතු වූ ඔහු සැබැවින්ම මා හට බොහෝ සේ ආදරේ කළේය. විටෙක පියෙකු සේ මා පිළිබඳ සොයා බැලූ ඔහු තවත් විටෙක මට සොහොයුරෙකු හෝ මිතුරෙකු විය. පෙම්වතා ලෙසින්, මට ආදරය ලබා දුන්නේ ද අඩුවක් නැති තරමටය. අම්මාගේ හිත ද ඔහු ගැන පැහැදී තිබුණත් අපට අප නැති වී ගියේ නොසිතූ අයුරිනි. සමුගෙන ගියත් ඉඳ හිට කතා කර දුක සැප විමසන්නට අපි දෙදෙනාම අමතක නොකළෙමු. ඔහුගේ විවාහය ද, මගේ විවාහය ද, අප දෙපසකටම කර සම්පූර්ණයෙන් අමුත්තන් කර දැමීය. අම්මා යළිත් ඔහු ගැන පවසමින්, පැරී තිබූ සිත තවත් පාරවන්නට විය. 
මා නිහඬවම රෝල්ස් එක අනුභව කළේ ඇය හා වාද කරන්නට සිතක් නැති නිසාය. මා නොරිස්සුම් සහගතව මුමුණද්දී, ඇය කෙටි ආහාර සහිත බෑගයක් මා වෙත පෑවාය. මා හට කෙතරම් බැණ වැදුණ ද, නිවසට පැමිණි විගස, කැමැති ආහාර සකසා දී, මා කැමැතිම ආහාර නිවසට ගෙන එන්නට අම්මා උනන්දු වූවාය. කෑමේ පිරියක් නොවුවත්, ඇගේ සිත නොරිදවිය යුතු නිසා රෝල් එකක් අතට ගත්තෙමි. 
“විහඟ හම්බවුණා සුපර් මාර්කට් එකේදී.. කොල්ලා දැන් ලස්සන වෙලා.. කාර් සේල් එකක් දැම්මලු... උඹව මතක් කරන්නත් කිව්වා.. දැක්කම ලෝභ හිතුණා.. අපරාදේ මේ යකාව බැන්ද වෙලාවේ විහඟව බඳින්න තිබ්බා තව ටිකක් ඉවසලා..” 
“මොනවද අම්මා මේ කියවන්නේ..?” 
මම නොරිස්සුම් සහගතව මිමිණුවෙමි. 
“කියන්නේ.. පේන දේවල් ගැන..” 
ඇය කඩා පැන්නාය. විහඟ. එක් කලෙක මගේ ජීවිත පරිච්ඡේදයේ සුවිශේෂී ස්ථානයක් දැරූ තරුණයාය. පාසලට සමු දී කෙටි කාලයකට පසු මගේ ජීවිතයට එකතු වූ ඔහු සැබැවින්ම මා හට බොහෝ සේ ආදරේ කළේය. විටෙක පියෙකු සේ මා පිළිබඳ සොයා බැලූ ඔහු තවත් විටෙක මට සොහොයුරෙකු හෝ මිතුරෙකු විය. පෙම්වතා ලෙසින්, මට ආදරය ලබා දුන්නේ ද අඩුවක් නැති තරමටය. අම්මාගේ හිත ද ඔහු ගැන පැහැදී තිබුණත් අපට අප නැති වී ගියේ නොසිතූ අයුරිනි. සමුගෙන ගියත් ඉඳ හිට කතා කර දුක සැප විමසන්නට අපි දෙදෙනාම අමතක නොකළෙමු. ඔහුගේ විවාහය ද, මගේ විවාහය ද, අප දෙපසකටම කර සම්පූර්ණයෙන් අමුත්තන් කර දැමීය. අම්මා යළිත් ඔහු ගැන පවසමින්, පැරී තිබූ සිත තවත් පාරවන්නට විය. 
මා නිහඬවම රෝල්ස් එක අනුභව කළේ ඇය හා වාද කරන්නට සිතක් නැති නිසාය. 
අම්මා පවසනා අන්දමට නෙලුක නොමැතිව විහඟ හා විවාහ වූයේ නම් මා සතුටින් සිටීවි ද..? එය මට කිසිදු විටෙක පිළිතුරක් සොයා ගත නොහැකි පැනයකි. නෙලුක හා හා මා සිටියේ ද සතුටිනි. සැහැලලුවෙනි. එහෙත් සියල්ල වෙනස් වෙන්නට ගියේ කෙතරම් කෙටි කාලයක් ද..? 
මා හා නෙලුක ආදරය කරන්නට ගත්තේ ද රැකියා කරන සමයේ, පරිණතව ලෝකය දෙස බලන කලකය. මගේ මුවින් සුසුම් පිට විණි. 
“දැන් හූල්ලන්නේ නැතුව ඉඳපං බොරුවට.. නෙලුකයා එනවා කිව්වද එක්ක යන්න.,?” 
“මම එන්නම් කිව්වා...” 
“එහෙම ගිහින් හරියන්නේ නෑනේ.. එන්න කියනවා මෙහෙට. අපි කතා කරලා බලන්නම්..” 

යළි හමුවෙමු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart