මා නිදිමතේම ඇඳෙන් නැඟී සිටියත් එසැණින් යළිත් ඇඳ මතටම වැටුණේ කම්මුල හරහා එල්ල වූ තද පහරක් සමඟය. මා කම්මුල ද අල්ලා ගත්වනම නෙලුක දෙස බලා සිටියේ කිසිත් සිතා ගත නොහැකිවය.
“නෙ.. නෙලුක…”
මට ගොත ගැසිණි.
“උඹ කා එක්ක ද අද ලව් කළේ..?”
ඔහු එක්වරම විමසද්දී මගේ දෙනෙත් කුඩා වූයේ එවදන් වටහා ගත නොහැකිවය.
“මොනවද මේ අහන්නේ..?”
“එක එකා එක්ක වාහනවල එන්න ලැජ්ජා නැද්ද ශෙනායා..? මට දැන් වාහනයක් නෑ. හරි හමන් ජොබ් එකක් නෑනේ.. ඒ නිසා වෙන එකේක හොයාගත්ත ද?”
අඩ නින්ද ද, කම්මුල් පහර නිසා රිදුම් දෙන මුහුණ හා හිස ද මගේ පියවි සිහිය තුරන් කර තිබිණි. මම ආයාසයෙන් සිරුර වාරු කරගෙන දෙපාවලට පණ දුන්නෙමි. ඔහු අසළට ළංව ඔහු දෙසම බලා සිටියදී ඔහුගේ අතේ ග්‍රහණයට මගේ උරහිස මැදිවිණි.
“උඹට මට උත්තර දෙන එකවත් කරන්න බැරි ද යකෝ..?”
ඔහු දත්මිටි කමින් විමසද්දී, ඇය වේගයෙන් ඇසිපිය සැලුවාය.
“මට ඔයා කියන දෙයක් තේරෙන්නේ නෑ..”
“තේරෙන්නේ නැති වෙන්න බබානේ.. fදාස්තරයෙක් ගේ වාහනේක නැඟලා සිරික්කය දාගෙන ඇවිත්, මඟදී බැහැලා හොඳ නෝනා මහත්තයා වගේ ආවා..”
එක්වරම කාමරයේ fදාරකඩින් නැන්දම්මාගේ කටහඬ ඇසෙනා විට, මම තිගැස්සී ඇය දෙස බැලුවෙමි.
“අම්මා..”
නෙලුක කවදාකවත් නොඇසූ තරම් උස් හඬකින් කෑ ගැසුවේ මා තිගැස්සී යන අන්දමිනි.
“ඔයා යනවද මෙතනින්, මට කතා කර ගන්න දීලා..”
“උඹට ඕනේ ඕනේ විදියට නටලා තමයි හැමදේම කර ගත්තේ..”
නොරිස්සුම් සහගත ලෙස මුමුණමින්, හිස ගැස්සූ ඇය පිටව යද්දී මා නෙලුක දෙස බැලුවේ, ඇගේ වදන් පැහැදිලි කර ගන්නට උත්සාහ කරමිනි.
‘මෙත්සිඳු, ජනත්..’
මගේ සිත මිමිණීය. මා, ජනත්ගේ වාහනයට ගොඩවෙනු දුටු කේලම්කාරයෙකු, එය නැන්දම්මාට කියන්නට ඇති වගත්, ඇය ඒ බව නෙලුකට පවසා ඔහු අවුස්සා ඇති බවත් මට කෙමෙන් වැටහිණි.
“ශෙනායා.. කතා කරපං යකෝ.. මොකා එක්කද උඹ ආවේ..? මොකාද ඒ fදාස්තරයා..? මොකටද ඌගේ වාහනේට නැග්ගේ..?”
මෙතෙක් අන්දමන්දව සිටි මගේ මනස ඒ වන විට අවදිව තිබිණි. කම්මුල් පහරේ වේදනාවත්, ග්‍රහණය වූ උරහිසේ වේදනාවත් කෝපයක් ව මගේ සිත වෙලා ගත්තේය. දිගු හුස්මක් ඇද ගනිමින් මම ඔහු දෙස සෘජු බැල්මක් හෙලුවෙමි.
“ඒ වාහනේට නැග්ගේ මම ඒ වාහනේට කැමැති නිසා. ඔයාලා ඔය කියන fදාස්තර එක්ක තමයි ආවේ.. ඔයාට හොරෙන් රහසෙන් ගෙනියන සම්බන්ධයක් නිසා, මොන්ටිසෝරියේ ඉඳලා ඇවිත් මඟින් බැස්සා.. ඔයා වගේ මනුස්සයෙකුට වැඩිය fදාස්තර කෙනෙක් හොඳයිනේ..”
වෙඩි උණ්ඩ ලෙස පිට වූ වදන් හමුවේ, ඔහුගේ මගේ උරහිස් ඉබේටම අතහැරිණි. අඩියක් ද පිටිපස්සට ගැනිණි. මොහොතක් වේගයෙන් හුස්ම ඉහළ පහළ දැමූ ඔහුගේ දකුණත එසවෙද්දීම මා දබරැඟිල්ල ලෙලවන්නට විය.
“ආයේ එක පාරක් හරි මට ගැහුවොත්, මගේ අතත් ඉස්සෙයි නෙලුක.. ඔයාට මා ගැන තියෙන විශ්වාසේ කොච්චර ද කියලා අද මම දැන ගත්තා.. දෙයක් දැනගත්ත නම් අතපය උස්සන්නේ නැතුව වයිෆ් එක්ක කතා කරලා ඉන්න කියලා ඔයාගේ ආදරණීය අම්මා කියන්න නැතුව ඇතිනේ..”
“වැරැද්ද කියලා කියවන්න එන්න එපා ශෙනායා..”
සුරත පහත දමා ගනිමින් ඔහු කෑ ගැසුවේය.
“වැරැද්දක් වුණා ද නැද්ද කියලා හොයන්නේ නැතුව, හරියට දන්නේ නැතුව මට කියවන්න එන්නත් එපා නෙලුක..”
මා පැවසුවේ දත්මිටි කමිනි.
“ඔයා විශ්වාස කරන මිනිස්සු එක්ක සතුටින් ඉන්න නෙලුක.. මම යන්නම්..”
වේගයෙන් හුස්ම ගෙන ආයාසයෙන් වදන් ගලපා ගත් මා අල්මාරිය මත තිබූ බෑගයක් බිමට ඇද ගත්තේ වේගයෙනි. අතට හසුවුණු ඇඳුම් පැළඳුම් බෑගයට ඔබා ගන්නා අතරම, කුලී රථයක් ඇණවුම් කළේ, බස් නැවතුමට යෑමටත් සෑහෙන දුරක් ගමන් කිරීමට ඇති නිසාය.
නෙලුක මට සිටින්න යැයි පවසන්නටවත්, උත්සාහ නොකළේ ඔහුට සැබැවින්ම මා අනවැසි නිසා විය යුතුය. රෑ බෝවීගෙන එන මෙවන් හෝරාවක නිවසින් පිටව යාම බුද්ධිමත් ක්‍රියාවක් නොවුණත්, තවත් මොහොතක්වත මෙහි රැඳෙමින්මගේ ආත්ම ගෞරවය විනාශ කර ග්නනට මට අවැසි නොවිණි.
“නාඩගම් නටන්නේ නැතුව ඉන්නවා ශෙනායා..”
අවසානයේ නෙලුක හඬ අවදි කළේ මා වෙනත් ඇඟලුමකට මාරු වන විටය.
“නාඩම් නටන්නේ මම ද නෙලුක..? මම ද?.. නිදාගෙන හිටිය මගේ කම්මුලට ගහලා, මඟුලක් අහලා දැන් මට නාඩගම් නටන්න එපා කියනව ද..?”
මම හැපින්නක සේ ඔහු වෙතට කඩා පැන්නෙමි.
කුලී රථය පැමිණි හඬ ඇසෙනා විට, බෑගය රැගෙන මා පිටතට ඇවිද ආවේ නෙලුක නොතකමිනි.
“කොහෙද මේ රෑ ජාමේ කුමාරිහාමි යන්නේ..?”
ඉස්තෝප්පුවට වි කාමරය දෙසට නෙත් තබාගෙන සිටි නැන්දම්මා විමසුවේ මගේ යක් දෙයියා හිස් මුදුනමට ආරූඪ කරවමිනි.
“අර fදාස්තරයා එනවා කියන්න ඇති එක්ක යන්න..?”
මගේ පිළිතුරක් නොවෙද්දී ඇයම පිළිතුරක් ගොනු කර ගත්තාය.
“ඔව්.. මිනිහෙක්ගේ ගුටි කකා ඉන්න අපේ අම්මලා මාව හදාල නෑනේ.. ඒ නිසා fදාස්තරයා එක්කම යනවා.. සල්ලිත් තියෙනවා.. තත්ත්වෙත් හොඳයිනේ..”
සරදම් සහගතව පැවසූ මම වේගයෙන් පිටතට අඩිය තැබුවෙමි.
යළි හමුවෙමු.