“ඇයි දෝණි මේ එළියට වෙලා…. පුතා ආයෙමත් කොහෙද ගියේ…”
ගේට්ටුව අසලම මද වේලාවක් රැඳී සිටි මා තිගැස්සුණේ ශෙනුල්ගේ පියා පැමිණ විමසද්දීය.
“ක්ලයන්ට් කෙනෙක් හම්බවෙන්න තියෙනවා කිව්වා තාත්තා….” මුහුණට ආයාසයෙන් සිනහවක් නංවා ගනිමින් කී මම නිවස දෙසට ඇවිද ආවෙමි.
ඇඟ සෝදාගෙන සැහැල්ලු ඇඳුමකට මාරු වුවද සිතට සැහැල්ලුවක් වූයේ නැත.
“දෝනි ඇයි මේ කාමරේටම වෙලා…. මම තේ එකත් හදාගෙන පහළට එනකම් බලන් ඉඳල ඉඳල නැති නිසා මේ බලන්න ආවේ….”
“මහන්සියි අම්මා…. දවස් ගාණකට පස්සෙනෙ වැඩට ගියේ…. ඒ නිසා වැඩ ගොඩක් තිබුණා….”
“එහෙනම් ඔයා මේක බීල ටිකක් නිදාගන්නකො…. මම කෑම හදන්නම්…. පුතා ආවම නැගිටල කන්න බැරියැ….” කී ඇය කාමරයෙන් පිටව ගියේ මගේ හිස ද අතගාගෙනය.
ඇය කීවත් නිදාගන්නට තරම් සැනසීමක් සිතෙහි නොවෙද්දී මා කළේ ශෙනුල් එන තුරු මග බැලීමය. ඔහු හා මනුල අතර කුමක් වූයේ දැයි සිතද්දීත් දැනුණේ බියකි. ශෙනුල් තරමටම නැතත් මනුලද කේන්තිකාරයෙකි.
මා කිහිපවරක්ම ශෙනුල්ගේ දුරකතනයට ඇමතුම් ගත්තේ පැයක් ගතවීත් ඔහු නොපැමිණි තැනය. මනුලට ඇමතුමක් දෙන්නට සිතුවත් ඔවුන් දෙදෙනා තවමත් සිටින්නේ එකටනම් එයින් අනවශ්‍ය ගැටලුවක් මතු විය හැකි නිසා එසේ කළ නොහැකි විය.
ශෙනුල්ගේ මෝටර් රථය පැමිණෙනු ඇසුණේ මා නිවසට පැමිණ දෙවන හෝරාව ද ගෙවී යද්දීය.
“ශෙනුල්….” මා කීවේ ඔහු කාමරයට එද්දීම ඒ අසලට දිවයමිනි.
“ඇයි මොකද….?” ඔහු ඇසුවේ තරමක කේන්තියකින් මෙනි.
“නෑ මේ මනුලයි ඔයයි….”
“ඔව් ඉතින් මනුලයි මමයි යන ගමන් ටිකක් කතා කළා…. මට තේ එකක් ගේනවද….?” කී ඔහු කළේ අත වූ ජංගම දුරකතනය හා මුදල් පසුම්බිය කණ්ණාඩි මේසය මත තබා ඇඳ සිටි කමිසයේ බොත්තම් ගැලවීමය.
මා සුසුමක් ද හෙළා කාමරයෙන් පිටතට පැමිණියේ සිදුවූයේ කුමක්දැයි ඔහුගෙන් දැනගැනීමට නොහැකි බව දන්නා නිසාමය. ඒ ගැන දැනගත හැකිවන්නේ මනුලගෙන්ම පමණි. එයට ද හෙට වන තුරු බලා සිටිය යුතුය.
“තේ එක….” මා තේ කෝප්පය ද රැගෙන කාමරයට යන විට ඔහු දිය නා කාමරයට පැමිණ සිටියේය.
“මොකද බයවෙලා වගේ….” ඔහු විමසුවේ මා වෙත විමසිලිමත් බැල්මක් හෙළමිනි.
“නෑ එහෙම නෑ….”
කී මා ආපසු හැරෙද්දී ඔහු කළේ මගේ අතින් අල්ලා ඔහු දෙසට ඇද ගැනීමය. සිරුරේ සමබරතාව ගිලිහුණු මා නතරවූයේ ඇඳ මත වාඩි වී සිටි ඔහුගේ උකුලේය.
“මොකක්ද ශෙනුල්….” මා ඔහුගෙන් ඉවත්වීමට සූදානම් වුවත් ඔහු කළේ තව තවත් මා තද කර අල්ලා ගැනීමය.
“නලියන්නෙ නැතුව ඉන්නවා…. තමුසෙ මගෙ උකුලෙ ඉන්න පළවෙනි දවස නෙවෙයිනෙ මේ….”
“මොකක් මේ මම….” මා කල්පනා කළේ මීට පෙර මෙලෙස ඔහුගේ උකුලේ වාඩි වූ දිනයක් ගැනය.
“ඔව් ඒ කාලෙ මගෙ ඔඩොක්කුවෙන් වාඩිවුණාම නැගිටින්නෙම නෑ….” ඔහු කීවේ මගේ ගෙල මත දෙතොල් තබමිනි.
“පිස්සුද….?” මා විමසුවේ ඔහු ඉවතට තල්ලු කර ඔහුගේ උකුල මතින් නැගිටිමිනි.
“මොකද මේ නලියන්නේ…. අමතක වුණාද මම තමුන්ගෙ කසාද මනුස්සයා….”
“කසාද බැන්දෙ ඉතින් බලෙන් මිසක් කැමැත්තෙන් නෙවෙයිනෙ….”
“ඇයි මං බලෙන් බැන්ද කියල මගෙන් ඩිවෝර්ස්වෙලා මනුල ළඟට යන්න ද හිතාගෙන ඉන්නෙ….”
“මොනවද මේ අහන්නේ….”
“අහන්නෙ මොනවද කියල මට වඩා හොඳට ඔයා දන්නව ඇතිනෙ…. අද මොනවද දෙන්න අත් අල්ලන් කතා කළේ….”
“මොනවත් නෑ….”
“අත්අල්ලන් මූණ බලන් හිටිය විතරද එතකොට….”
“නෑ…. එයා එක්ක කතා කරන්න දේවල් තිබුණා…. ඒකයි…. ඔෆිස් එකේ මාව දැනෙන කෙනෙක්ට ඉන්නෙ මනුල විතරයි…. ඒ නිසා මම එයත් එක්ක තමයි හැමදේම කියන්නේ….”
“ආ හා…. දැන් එතකොට තමුන්ව දැනෙන්නෙ මනුලට විතරයි…. දැන් එතකොට තමුන්ට දැනෙන්නෙත් මනුලව විතරද…. ආ සිතූ….”
ශෙනුල් ඇසුවේ මා අසලට පැමිණ මගේ උරහිස් තදින් මිරිකමිනි.
“ඔව් මට දැනෙන්නෙත් මනුලව තමයි…. මාව අතාරින්න ශෙනුල්…. රිදෙනවා මට….”
“ඒත් දැන් තමුන්ට මනුලව දැනුණට වැඩක් නෑ…. මනුලට තමුන්ව දැනිල නෑනෙ….” මගේ උරහිස මත වූ දෑත් මදක් ලිහිල් කළ ඔහු මගේ මුහුණට එබුණේ සිනහවක් ද සමඟිනි.
“හහ්…. ඔයා කොහොමද එහෙම කියන්නෙ….”
“මං හිතන්නෙ ඔයත් අශිනි ගැන දන්නව…. එහෙම නේද….?”
ඔහු කියද්දී මා ඔහු දෙස බැලුවේ පුදුමයෙනි. අශිනි යනු මනුලගේ පෙම්වතියයි. එසේ නම් ශෙනුල් සියල්ල දැනගෙන ඇත.
“ඔයා ඕක හොයාගන්න ද මනුලත් එක්ක ගියේ….? මං මුලදිත් කිව්ව මනුල මගෙ යාළුවා කියලා…. ඔයාලනෙ ඒක විශ්වාස නොකළේ….”
“මගෙ කෙල්ලගෙ බෝයි ෆ්‍රෙන්ඩ් ගැන විස්තර ටිකක් හොයල බලද්දි තමයි මාත් ඕව හොයාගත්තෙ ඉතින්….”
“ඔයා කවදද ඕව දැනගත්තෙ….”
“අපි බඳින්නත් කලින්…. ඔයාගෙ අප්පච්චි ඔයාට ගහපු දවසට පස්සෙ හැබැයි…. මම ඊට කලින් මේ දේවල් හෙව්ව නම් එදා ඒ දේ වෙන්නෙ නෑ…. අපරාදෙ බොරුවට ගුටි කෑවේ….” ඔහු කීවේ සිය දෙතොලින් මගේ කම්මුලක් ස්පරශ කරමිනි.
“එපා….” මා කීවේ ඔහුගේ මුහුණ ඉවතට තල්ලු කරමිනි.
“දැන් නම් එපා කියන්න බෑ බෝනික්කි…. මම කලින් ඈත්වෙලා හිටියෙ ඔයා මට ළවෙන්න අකමැති නිසා….”
“ඉතින් මං දැනුත් ඔයාට කැමති නෑ….”
“ඒ බොරු….” ඔහු මගේ සවනෙහි දෙතොල් තවරමින් මුමුණද්දී මගේ සියොළඟ හිරි වැටී යනු දැනිණි.
“මේ…. මම යනවා…. අම්මට උයන්න උදව් කරන්න ඕනෙ….” මා ඔහුගෙන් මිදුණේ එසේ කියමිනි.
“දැන් දුවනවකො…. අල්ලගන්නම් මම රෑට….” ඔහු කියනු ඇසිණි.
25 වන කොටසින් හමුවෙමු.
👍🏻❤️