ලෝකේ ජනප්‍රිය ලේඛක ලේඛිකාවන්ට තිබිලා තියෙනවා බොහොම අපූරු පුරුදු. එයාලාගේ ජනප්‍රිය පොත් ලියන්න මේ පුරුදු උදව් වුණා කියලා කියනවා.
![](https://pawanacreations.com/wp-content/uploads/2022/05/20-frases-de-agatha-christie--1024x576.jpg)
මර්ඩර් ඔන් ද ඔරියන්ට් එක්ස්ප්‍රස් පොත වගේ අද්භූත ශානරයේ පොත් ලියන අගතා ක්‍රිස්ටි බාත්ටබ් එකේ ඉන්න ගමන් ඇපල් ගෙඩියක් කනවා. ඇය කියන විදියට ඇගේ නාන වේලාව තමයි සාර්ථකත්වයේ ගෙනැවිත් තියෙන්නේ. ඇය මේ වෙද්දී රහස් පරීක්ෂක කතා 60කට වඩා ලියලා තියෙනවා. ඒ වගේම ඒ පොත් පිටපත් බිලියන දෙකක් විතර අලෙවි වෙලාත් තියෙනවා.
![](https://pawanacreations.com/wp-content/uploads/2022/05/00AGATHABOOKS-COMBO-superJumbo-1024x683.jpg)
චාර්ල්ස් ඩිකන්ස්ගේ සාර්ථකත්වයේ රහස වෙලා තියෙන්නේ උතුරු පැත්තට මුහුණ ලා නිදා ගන්න එක කියලයි ඔහු කියන්නේ. ඕනෑම වේලාවක ඕනෑම තැනක නින්දට යද්දී උතුරු පැත්ත හොයාගන්න ඩිකන්ස් අමතක කරන්නේ නෑ. ‘ඔලිවර් ට්විස්ට්, ක්‍රිස්මස් කැරොල් හා ගේට් එක්ස්පෙක්ටේෂන්’ වගේ ජනප්‍රිය පොත් ඔහු අතින් ලියවුණා.
![](https://pawanacreations.com/wp-content/uploads/2022/05/dickens_1858_1050x700-1024x683.png)
![](https://pawanacreations.com/wp-content/uploads/2022/05/charles-dickens-books-antique-leather-bound-50952312.jpg)
ළමා පොත් රචකයෙක් විදියට ජනප්‍රිය තියෝඩෝර් සීයුස් ගිසෙල් එහෙමත් නැත්නම් ඩොක්ටර් සීයුස් ළඟ තොප්පි 300කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. මේ තොප්පි තියෙන්නෙත් රහස් ලාච්චුවක. කතාවක් ලියාගන්න බැරුව අසීරු තත්වෙකට පත් වුණාම ඩොක්ටර් සීයුස් කරන්නේ මේ ලාච්චුව විවර කරලා එයින් එක තොප්පියක් තෝරගෙන පැළඳ ගන්න එක. කතාවේ අසීරු තැනට විසඳුමක් හම්බවෙනකම්ම ඔහු මේ තොප්පිය පැළඳගෙන ඉන්නවා. ‘ද කැට් ඉන් ද හැට්’ ඔහු ලියපු පොතක්.
![](https://pawanacreations.com/wp-content/uploads/2022/05/dr-seuss.jpg)
චිලී ඇමරිකානු ලේඛිකාවක් වෙන ඉසබෙල් ඇලෙන්ඩේ ඇගේ පළමු නවකතාව ලියලා තියෙන්නේ 1981 ජනවාරි 8 වැනිදා. ‘ද හවුස් ඔෆ් ද ස්පිරිට්’ නමින් ලියවුණු මේ පොත බොහොම ජනප්‍රිය වුණා. එදා ඉඳලා ඉසබෙල් අලුත් පොතක් ලියන්න පටන් ගන්නේ ජනවාරි 8 වැනිදට. ඇය කියන්නේ ඇය මෙහෙම කරන්නේ එදාට ඇයට හුදෙකලාව ඉන්න පුළුවන් නිසා කියලා. එදා කව්රුවත් ඇයට බාධා කරන්න එන්නේ නෑලු.
![](https://pawanacreations.com/wp-content/uploads/2022/05/newsmaker-allende-credit-Lori-Barra.jpg)
![](https://pawanacreations.com/wp-content/uploads/2022/05/56-3693192-1435165025ece8e32ca46949158ef3942dbbdc9121.jpg)