ලක්ෂ නමයකට අලෙවි වුණු පොත

“මේ මැණික් පෙට්ටිය ඇතුළේ තියෙන්නේ මොනවා වෙන්න පුළුවන් ද..? මාලයක්, මුද්දක්, පෙන්ඩන්ට් එකක්..? ඔව් ඔය ඕනම දෙයක් වෙන්න පුළුවන්.. පොතක් වෙන්නත් පුළුවන්.. කලබල වෙන්න එපා.. ලෝකේ තියෙන කුඩාම පොත්වලින් එක පොතක් තමයි මේ පෙට්ටියේ තැන්පත් කරලා තියෙන්නේ.. පියවි ඇහෙන් නම් මේ පොත කියවන්න බෑ. ඒකට ඕනේ විශාලනය කරන කණ්ණාඩියක් හරි කාචයක් හරි.. එහෙම නැත්නම් මේක විනිවිද පේන ආභරණයකට ඇතුළත් කරලා බෙල්ලේ දා ගන්නත් පුළුවන්.. ලංසු තියන්න පටන් ගන්න..”
“යුරෝ 1000යි..”
“යුරෝ 1200”
“යුරෝ 4600යි..”
“යුරෝ 4600යි.. ඈවරයි.. තව ලංසු තියනවද..? දෑවරයි.. තුන් ඈවරයි.. මේ පොත අයිති වෙන්නේ ඔබට..”
ජර්මනියේ පැවැත්වුණු ඇවර්න්බර්ග් වෙන්දේසියේදී ලෝකයේ කුඩාම පොත්වලින් එකක් විදියට සලකන ‘ලොර්ඩ්ස් ප්‍රේ’ පොත යුරෝ 4600ක මුදලකට නොදන්නා පුද්ගලයෙකුට අලෙවි වුණා.
1952 දී මේ පොත මුද්‍රණය කෙරුණේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ගොඩනැඟිලිවල අලුත්වැඩියා කටයුතුවලට අවශ්‍ය මුදල් හොයා ගන්න ව්‍යාපෘතියක් කොටසක් විදියට.
ජර්මනියේ ගුටෙන්බර්ග් මුද්‍රණ කෞතුකාගාරය මඟින් තමයි පොත මුද්‍රණය කෙරුණේ.
මිලිමීටර් 5යි 5ක ප්‍රමාණයෙන් යුතු මෙය ලෙදර් කවරයකින් බැඳිලා තියෙනවා. ‘ලෝර්ඩ්ස් ප්‍රේ’ නමින් නම් කරලා තියෙන මෙහි අන්තර්ගත වෙන්නේ දෙවියන්ගේ යාඥාවන්. මේ යාඥාවන් ප්‍රංශ, ජර්මන්, ස්විඩිෂ්, ඇමරිකානු ඉංග්‍රීසි භාෂාවලින් ලියැවිලා තියෙනවා.
ලෝර්ඩ්ස් ප්‍රේ වෙන්දේසියට ඉදිරිපත් කළේ යුරෝ 1000ත් 1500ත් අතර ලංසු මුදලක් බලාපොරොත්තුවෙන් වුණාට ඊට වඩා වැඩි ගාණකට පොත අලෙවි වුනා. එම මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියන් නමලක්ෂ පනස් අටදහසක්.

පොත තැන්පත්ව තිබුණු ගුටෙන්බර්ග් කෞතුකාගාරය ලෝකේ පරණම මුද්‍රණ කෞතුකාරගවලින් එකක්. 15 වැනි සියවසේදී යුරෝපයේ යාන්ත්‍රික මුද්‍රණ කටයුතු සඳහා පුරෝගාමී වූ ජොහැන්නස් ගුටෙන්බර්ග්ගේ නමින් තමයි නම් කරලා තියෙන්නේ.
ලෝකයේ මිනියේචර් බුක් එහෙම නැත්නම් කුඩා පොත් මුද්‍රණය ආරම්භ වුණේ 16 වන ශතවර්ෂයේදි මුද්‍රණ තාක්ෂණයේ සිද්ද වුණු දියුණුවත් එක්ක. ඒ ශත වර්ෂයේදී කුඩා පොත් 200ක් පමණ මුද්‍රණය වුනා. කුඩා කුඩා පොත්වල රත්තරන් යුගය විදියට සළකන්නේ 19 වන ශතවර්ෂය.

Teeny Ted from Turnip town

ලෝකයේ මේ වෙද්දී තියෙන කුඩාම පොත විදියට සලකන්නේ ‘ටීනි ටෙඩ් ෆ්‍රොම් ටර්නිප්’ පොත. 2007 වසරේදී මේ පොත ප්‍රකාශනය කළේ රොබර්ට් චැප්ලීන් විසින්. මිලිමීටර් 0.07 උස මිලිමීටර් 0.10ක් පලල පොත මුද්‍රණය කරලා තියෙන්නේ කැනඩාවේ බි්‍රටිෂ් කොලොම්බියාවල පිහිටි වැන්කුවර් සයිමන් ෆ්‍රේසර් විශ්ව විද්‍යාලයේ නැනෝ තාක්ෂණික රසායනාගාරයේදී.
මැල්කම් ඩග්ලස් චැප්ලින් ලියපු මේ පොතේ ඇතුළත් වෙලා තියේනනේ ටර්නිප් ප්‍රාන්තයේ තිබුනු වාර්ෂික ප්‍රදර්ශනයේදී ටීනි ටෙඩ් ලබපු ජයග්‍රහණය ගැන කතාවක්. පළමු මුද්‍රණයේදී පිටපත් සීයක් පමණයි නිකුත් වුණේ.
අවම වශයෙන් නැනෝමීටර් 7ක විශ්කම්භයක් සහිත ගැලියම් අයන කදම්බයක් භාවිතා කරමින් ඔප දැමූ තනි සිලිකන් කැබැල්ලක් මත අකුරු මුද්‍රණය කරලා ඒවා ක්ෂුද්‍ර ටැබ්ලට් 30කට අරගෙනයි මේ පොත නිර්මාණය කරලා තියෙන්නේ. මේක නැනෝ තාක්ෂණයේ දියුණුව පෙන්වන අති විශේෂ නිර්මාණයක්.
2012 වර්ෂයේදී මේ කතාව විශාලනය කර බලන උපකරණයක් නැතුව කියවන්න පුළුවන් විදියට මුද්‍රණය කෙරුණා. ඒ මුද්‍රණය හැඳින්වුනේ ලෝකf්ය කුඩාම පොතේ විශාල මුද්‍රිත පිටපත විදියට.

2 thoughts on “ලක්ෂ නමයකට අලෙවි වුණු පොත”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart