ලෝකයේ නවකතා වර්ග රැසක් තියෙනවා. ඒ අතරින් රෝමාන්තික නවකතා වැඩි ඉඩකඩක් නවකතා ලෝකයේ අයිති කරගෙන තියෙනවා. සාමාන්‍යයෙන් රෝමාන්තික නවකතාවක තියෙන්නේ යුවළක් අතරේ ඇතිවන ආදරය, සෙනෙහස එක්ක ඔවුන්ගේ හැඟීම් ගැන කතා කිරීමක් කියලා අර්ථ දැක්වෙනවා.
රෝමාන්තික නවකතාවල ඉතිහාසය ගත්තම ග්‍රීක නවකතා අමතක කරන්න බෑ. රෝමාන්තික නවකතා ගොඩක් ග්‍රීක ලේඛක ලේඛිකාවන් අතින් රචනා වෙලා තියෙනවා. වර්තමානේ ඓතිහාසික ග්‍රීක රෝමාන්තික නවකතාවලින් ඉතුරු වෙලා තියෙන්නේ පොත් පහක් විතරයි.
“චාරිස් ඇන්ඩ් කැලිරෝ, ලුසිපි ඇන්ඩ් ක්ලිටෝපෝන්, ඩැෆින්ස් ඇන්ඩ් ක්ලෝයි, ද එපිසියන් ටේල් හා ද ඉතියෝපියන් ටේල්.’ කියන්නේ ඉතුරු වෙලා තියෙන පොත් පහ.

වර්තමාන ජනප්‍රිය රෝමාන්තික නවකතාවේ පුරෝගාමියෙක් විදියට සැමුවෙල් රිචඩ්සන් හඳුන්වන්න පුළුවන්. ඔහු අතින් 1740 දී ලියවුණු පැමෙලා නවකතාව වර්තමාන රෝමාන්තික නවකතාවලට මඟ සැලසුවා. ඒ කාලේ ලියවුනු බොහොමයක් නවකතා අවසන් වුණේ කණගාටුදායක විදියට. ඒත් පැමෙලා සතුටුදායක අවසානයක් තිබුනු කතාවක්.
මිස්ටර් බී කියන පුද්ගලයා පැමෙලා කියන තරුණියව දූෂණය කරන්නත් ඇය නොමඟ යවන්නත් බොහොම වාර ගණනක් උත්සාහ කරනවා. ඒ හැම වාරෙම අසාර්ථකත්වයට පත්වෙන බී ඇය ගුණවත් තරුණියක් කියලා වටහාගෙන ඇයට සැබෑම ආදරණීය විවාහ යෝජනාවක් ගෙන එනවා.

මේ විදයට සතුටුදායක විදියට අවසන් වුණු පැමෙලා පොත මාස එකොළහක කාලේදී මුද්‍රණ පහක් නිකුත් කෙරුණා.
ක්‍රමයෙන් රෝමාන්තික නවකතාව තව තව ජනප්‍රිය වෙද්දී 1813 දී ප්රකාශනය කෙැණු ප්‍රයිඩ් ඇන්ඩ් ප්රෙජුඩයිස් පොත රෝමාන්තික නවකතාවට වඩාත් හොඳ අඩිතාලමක් දැම්මා.
ජේන් ඔස්ටින් විසින් රචිත මේ නවකතාව හැඳින්වෙන්නේ ‘මෙතෙක් කලකට ලියවුණු හොඳම රෝමාන්තික නවකතාව’ කියලයි.
වික්ටෝරියානු යුගයේදී චාර්ලට් බ්‍රොන්ටේ ලියූ ජේන් අයර් කෘතිය අදටත් ජනප්‍රිය රෝමාන්තික නවකතාවක්. 1847දී මුද්‍රණය කෙරුණු මෙහි ප්‍රධාන චරිතය අනාථ වීරවරියක් විදියට අඳුන්වන්න පුළුවන්.
බ්‍රොන්ටේගේ රෝමාන්තික නවකතාවල ගොතික් නවකතා හා එලිසබෙත් නාට්‍ය අංග ඇතුළත් වෙලා තියෙනවා කියලා විශේෂඥයින් දක්වනවා.
මේ විදියට ක්‍රම ක්‍රමයෙන් රෝමාන්තික නවකතාව වර්ධනය වුණා. පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ රෝමාන්තික නවකතා චිත්‍රපටවලටත් නැඟුණා. ඒ වගේම තමයි ඒ කාලෙන් පස්සේ නවකතාවලට දූෂන සිදුවීම්, ලිංගික ක්‍රියාවලින් වැඩි වශයෙන් ඇතුළත් වුණා. ප්‍රකාශකයින් විශ්වාස කළා කියවන්නෝ ඒ වගේ සිදුවීම් ගැන වැඩි අවධානයක් යොමු කරනවා කියලා.
1930 දී බි්රතාන්ය සමාගමක් වන මිල්ස් ඇන් බූන්ස් ප්‍රකාශන ආයතනය රෝමාන්තික නවකතාවේ වෙනසක් ඇති කළා. ඔවුන් දුඹුරු පැහැති පිට කවරවලින් යුක්ත රෝමාන්තික පොත් පෙනී දෙකකට පුස්තකාලවලට හැම සතියකදීම වික්කා. මේ පොත් හැඳින්වුණේ ‘බුක්ස් ඉන් බ්‍රවුන්’ කියලයි. 1950 දී මිල්ස් ඇන්ඩ් බූන්ස් ආයතනය එක්සත් රාජධානිය පුරාවට පොත් අලෙවි කරන්න පටන් ගත්තා. අඩු පිටු හා වචන සංඛ්‍යාවකින් යුක්ත මේ පොත් අධි වේගයෙන් අලෙවි වුණා.
අතීතයේ ඉඳලා වර්තමානය දක්වාම රෝමාන්තික නවකතාවලට වැඩිම ඉල්ලුම තියෙන්නේ කාන්තාවන්ගෙන් කියලා පරීක්ෂණවලින් හෙලිදරව් වෙලා තියෙනවා. ඇමරිකානු පොත් කියවන පිරිමින්ගෙන් රෝමාන්තික නවකතා කියවන්නේ සීයට 16ක වගේ සංඛ්යාවක්ලු.
ඔන්න ඔය විදියටයි රෝමාන්තික නවකතාව වර්ධනය වෙලා තියෙන්නේ.

You should take part in a contest for one of the greatest blogs on the web. I most certainly will recommend this web site!} {visit the following internet page|visit our website|Visit Homepage|visit my homepage|Visit Homepage|visit site|Visit %domain_as_name%|visit my homepage|visit my homepage|visit my homepage