පොත් කවරේ ගමන් මඟ

සාමානයයෙන් කතාවට කියන්නේ පොත් කවරේ දිහා බලලා පොතේ අන්තර්ගතය ගැන තීරණය කරන්න එපා කියලා. ඒ වුණත් ඉබේම වගේ අපේ ඇහැ ඇදිලා යන්නේ ලස්සන කවරවලට.
අද වෙද්දී ‘හාඩ් බයින්ඩින්, යූ වී, ෆොයිල්, එම්බෝස්’ වගේ මුද්‍රණ ක්‍රමවේද ගොඩක් යොදා ගන්නවා පොත් කවරයක් වෙනුවෙන්.
හැබැයි මීට අවුරුදු සීයක කලින් පොත් කවරයක් කියන්නේ අතින් ලියපු පිටු කිහිපයක් එකිනෙක සම්බන්ධ කරන්න යොදා ගත්ත මෙවලමක්.
මධ්‍යතන යුගයේදී ඒ කියන්නේ 5 වෙනි ශතවර්ෂයේ ඉඳලා 15 වෙනි ශතවර්ෂය දක්වා කාලයේදී පොත් පිටු වගේම පොත් කවර නිර්මාණය කළේ පාච්මන්ට් හරි සත්ත්ව සමක් හරි යොදාගෙන. බොහෝ විට නිර්මාණය කළේ එක පොතක් හින්දා පොත් කවරේ ගොඩක් විසිතුරු විදියට සකස් කළා. ඔවුන් මුතු, මැණික්, රත්තරන් වගේ වටිනාකමින් ඉහළ ද්‍රව්‍ය පොත් කවරේට එකතු කළා.

මධ්‍යතන යුගයේදී


19 ශත වර්ෂයේදී පොත් කර්මාන්තය දියුණු වෙන්න ගත්තා. අතින් එකතු කරපු පිටු මැෂින්වලින් එකතු කරන්න පුළුවන් වුණා. ඒ වගේම තොග නිෂ්පාදනය ඇරඹුණා. ඒකත් එක්ක පොතක ඇතුල් පිටු වගේම කවරත් ඉක්මණට හා ලේසියෙන් නිර්මාණය කරන්න හැකියාව ලැබුණා. පොත් කවර නිර්මාණය කෙරුණේ රෙදි හෝ ලෙදර්වලින්. මේ සියවසේ පොත් කවරල රත්තරන් පාටින් හැඩවුණු මුද්‍රණයක් දකින්න පුළුවන්. හරියට 3 ඩී ප්‍රින්ට් එකක් වගේ.

19 ශත වර්ෂයේදී

19 වෙනි ශත වර්ෂයේ අන්තිම වෙද්දී පොත් කවර වෙනුවට ‘ඩස්ට් ජැකට්’ එක භාවිතා කරන්න පටන් ගත්තා. ‘ඩස්ට් ජැකට්’ කියලා හැඳින්වුණේ පොත රෙදි කවරෙකින් ආවරණය කරන එක.
20 වෙනි ශත වර්ෂයේදී කලාව තව දියුණු වෙද්දී යුරෝපයේ, ලන්ඩනයේ හා නිව්යෝර්ක්වල පොත් කර්මාන්තය වඩාත් දියුණු වෙන්න පටන් ගත්තා.

‘ඩස්ට් ජැකට්


හැබැයි පොත් කවරවල විශේෂිතම වෙනස කළේ සෝවියට් යූනියන් එකේ කලාකරුවන්. ඔවුන් රැඩිකල් නව කවර නිර්මාණය කළා. අබ්‍රේ බීඩ්ස්ලේ හා ඇලෙක්සැන්ඩර් රොඩ්චෙන්කෝ 1920 දී මෙතෙක් කලක් නොතිබුණු විදියේ සම්පූර්ණයෙන්ම වෙනස් කවර නිර්මාණය කළා.
යුද්ධයෙන් පස්සේ පොත් කර්මාන්තය වාණිජමය විදියට දියුණු වෙන්න ගත්තා. ඒකත් එක්ක පොත් කවර නිර්මාණයත් විවිධාකාර විදියට වෙනස් වෙවී අලුත් අලුත් ක්‍රමවේදවලට මුද්‍රණය වෙන්න පටන් ගත්තා.
ලංකාවේ පොත් කර්මාන්තය ඇතුළත් මේ වෙනස්කම් සිද්ද වුණා. පුස්කොල පොත් භාවිතයට ගත්ත කාලේදී ඒ කවරය නිර්මාණය කරලා තිබ්බේ කැටයම් කරපු ගණකම් පත්‍රවලින් එහෙම නැත්නම් තඹ පත්‍රවලින්.

කර්මාන්තයේ දියුණුවත් එක්ක කාඩ්බෝඩ්වල කවර මුද්‍රණය වෙන්න පටන් ගත්තා. කාලෙන් කාලෙට මේ කවරවල මෝස්තර වෙනස් වුණා.. චිත්‍රවලින් කවර හැඩ වුණා. කාලෙකදී ලංකාවේ ලස්සන තරුණියන්ගේ ඡායාරූප කවරවලට ආවා. වෙනත් රටවල නළු

නිළියන්ගේ ඡායාරූප යොදාගෙන කවර නිර්මාණය වුණා. මෙන්න මේ විදියට කවරවල වෙනස්කම් ගොඩක් සිද්ද වුණා. අද වෙද්දී පොතේ අන්තර්ගතයටත් වැඩිය කවරේ වැදගත් වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා.
ඒ හින්දා අපිට දැන් කියන්න බෑ ඩෝන්ට් ජජ් ද බුක් බයි ඉට්ස් කවර් කියලා. පිටකවරයෙන් පොත තීරණය වේ කියලා තමයි කියන්න වෙන්නේ.

අන්තර්ජාලය ඇසුරිනි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart