1999 නොවැම්බර් 6අපි බැංකොක් එයාර්පෝර්ට් එකෙන් එළියට එනකොට පාන්දර 5. 45 ට විතර ඇති. මට හරිම විඩාබර බවක් දැනෙන්නෙ ගත්තෙ ගමන් මහන්සිය හින්දා නෙමෙයි. තරනයි, දරුවො දෙන්නයි දාලා මෙච්චර දුරක් එන්න හිත හදා ගත්තා කියන එකත් මටම පුදුමයක්.

හෙට දුවගෙ ඉස්කෝලේ පෙරහැර. එයත් නැටුම් කණ්ඩායමක ඉන්නවා. ඒ නැටුම බලන්න මං එයිම කියලා එයා හිතාගෙන හිටියෙ. එයාගෙ බලාපොරොත්තු කඩ කරන්න වුණ එකටත් මට දුකයි.
මාන්කුලම් කෑම්ප් එකට කොටි ගහලා.. ආර්මි එකට හුඟක් ඩැමේජ්ලු. මහතුන් මල්ලිත් ඒකෙනෙ.. එයා ගැන කිසිම ආරංචියක් දැන ගන්න විදියක් නැති එකත් හිතට අවුල්.. අම්මා ඊයෙ ඉඳන්ම අඬඅඬා හිටියෙ. මම දන්න දන්න හැමෝටම කතා කළත් තොරතුරක් හොයා ගන්න බැරි වුණා.
ඒත් මගෙ හිත කියන්නෙම එයාට කිසිම කරදරයක් වෙලා නෑ කියලමයි. මම යාළුවෝ කීප දෙනෙකුටත් කියලා ආවේ මොනවාම හරි තොරතුරක් හොයලා දෙන්න කියලා.
අපේ තායිලන්ත සම්බන්ධීකාරක ආචාර්ය කෙම්මානි අපිව පිළි ගන්න එයාර්පෝර්ට් එකට ඇවිත් හිටියා. කොළඹදීම අපිව කණ්ඩායම් හයකට බෙදලා තිබුණෙ. ඒ පිළිවෙලට වෑන්වලට නැංගා. අපේ වෑන් එකේ ව්‍යවසායකයන් හයයි. නිලධාරි කණ්ඩායම දයානි, කපිල, සමිත, තුෂාර, මම. වෑන් එක බැංකොක් නගරය හරහා යනකොට මම දැක්ක විශේෂත්වය තමයි වීදිවල තිබුණ අසීමිත පිරිසිදුකම. වීදි ආහාර බහුලයි. විදිය දෙපැත්තේ ලිප් තියාගෙන කෑම හදනවා. තේ අරන් යන්නෙත් පොලිතීන් බෑග්වල. ඒත් මම එක පොලිතීන් මල්ලක්වත් වීදියක විසි කරලා දාලා තියෙනවා දැක්කෙ නෑ.අපිව එක්කරගෙන ගියෙ එයාර්පෝර්ට් එකෙන් වැඩි දුරක් නැති පීචි ගෙස්ට් හවුස් එකට.

උදේ කෑමට ග්‍රිල් කරපු ලොකු මාළුවෙක් එක්ක පාන් කන්න ලැබුණා. ඒ විදියට මාළු කන්න මම කැමති නැති හින්දා පාන්වල බටර් ගාලා කෙසෙල් ගෙඩියක් එක්ක කෑවා. කෑමත් එක්කමයි තේ ගෙනත් තියන්නෙ.. ඒ හින්දා කාලා ඉවර වෙලා බොනකොට ඇල් වතුර තරමටම නිවිලා.
බැංකොක් නගරයේ මම දැකපු පිරිසිදුකම ගෙස්ට් හවුස් එකේනම් තිබුණෙ නෑ.. කාමර පුස් ගඳයි. දයානියි මායි ඇඳේ තිබුණ පුූළුන් පුරවපු බෙඩ් ෂීට් ඇඳේ පහළට තල්ලු කරලා දාලා අපි ගෙනිච්ච බෙඩ් ෂීට් එලලා නිදා ගත්තෙ.

හවස අපි පහුරාන් සුපර් මාර්කට් එකට ගියා. ඕනෑම කෙනෙකුගෙ නෙතසිත පිනවන බඩුබාහිරාදිය ඕන තරම්. ඒත් මට කිසිම දෙයක් ගන්න හිතුණෙ නෑ. අපි ආවේ අධ්‍යයන චාරිකාවකනෙ. ඉස්සර වෙලා ඒක ඉවර කරලා පස්සෙ බඩු ගන්න බැරියැ කියලමයි මට හිතුණෙ. ඒත් අනිත් අය නම් ගොඩක් දේවල් ගත්තා.
චන්දි කොඩිකාර
Youre so cool! I dont suppose Ive read something like this before. So good to seek out anyone with some original thoughts on this subject. realy thank you for beginning this up. this website is one thing that is needed on the internet, somebody with a little bit originality. useful job for bringing something new to the internet!
You made some decent points there. I appeared on the web for the difficulty and found most people will go together with with your website.