Sale!

Sansarini සංසාරිණී

රු640

Author – Achala Dilrukshi Marasinghe

Publisher – Nimansa publishers

Out of stock

Add to Wishlist
Add to Wishlist
SKU: SAN 0001 Categories: , Tag:

සද්දබද්ද මුනු මුනු නාද මැද්දේ සසෙත්මි බලන් හිටියේ ලෝකේ පෙරලුණත් මට මොකෝ ගානට තමන්ගේ ෆෝන් එක ඔබ ඔබ වගේ වගක් නැතුව කණ්ණාඩි මේසය ළග වාඩි වෙලා ඉන්න දිල්මි දිහා. අද දිල්මිව බලන්න මනමාලයෙක් එන බවවත් ඇයට ගානක් නැති වගට හොඳම උදාහරණය වුණේ අම්මා අදින්න කියලා දුන්න සාරිය එහෙමම ඇද උඩ තියෙද්දී ඇය ෆෝන් එකෙන් මැසේජ් එකක් ටයිප් කරන අපූරුව දුටුවමයි.
“දිල් දැන් තරු අක්කි එනවා ඇති උඹව අන්දන්න.. අනේ හොද කෙල්ල වගේ ගිහින් වොෂ් දාගෙන වරෙන්කෝ..”
“මොන වොෂ් ද බං.. ඒකි ආවම උඹට අන්දන්න කියපන් ඉස්සෙල්ලා.. උඹ වොෂ් දාලානේ ඉන්නේ..”
“මගේන මැරුම් නොකා ඉදින් දිල් හොඳේ.. යකූ තෝව බලන්න ද මාව බලන්නද මනමාලයා එන්නේ..?”
********************************************
මේ අතර විහේල් සිතුවේ ඔහුගේ අයියව මුණ ගැසී මේ කතාබහේ සුලමුල දැන ගන්න ක්‍රමයක් ගැනයි. එනිසාම සියලු වැඩ පසෙකලා ඔහු අත්තමාගේ නිවසට පැමිණියා. ඒ වන විටත් සෙතුමිගේ පංතිය අසළට ගොස් බලාපොරොත්තු කඩ කරගෙන නෙත් ආපසු පැමිණ තිබුණා.
“හායි ලොකු සහෝදරයා කොහොමද..?”
“මගේ අම්මේ පොඩි උඹ කොහෙද අම මෙහෙ ආවේ..?”
“ඇයි මට මෙහෙ එන්න නැකතක් තියෙනවද? මේ හොඳට මතක තියාගන්නවා මේක මගෙත් අත්තම්ගේ ගෙදර හරි..”
***************************************************
අහස්යා ඒ සොඳුරු යුවතිය, මුවැත්තියකගේ බඳු ඒ බෝල ඇස් කඳුලින් පිරී බිමට යොමු වී තිබුණේ සිදු වූ කම්පනයෙන් තවමත් පහව නොගිය බිය හා වේදනාව දරාගත නොහැකිවයි. සියල්ලන්ගේම නෙත් විස්මයේන හැරී ගියේ ඇයව හරි ලෙස දැකගත් පසුවයි. අදහන්න මෙය කිසිම මවකුට හෝ පියකුට දරාගත හැකි දර්ශනයක් නම් නොවේ.
“දෙවියනේ මේ මොන විනාශයක්ද මගේ කෙල්ලට කරලා තියෙන්නේ.. මගේ කෙල්ල මොන වරදක් කළාට ද මෙහෙම අපරාධයක් කළේ..?”
කුඩා කල පටන් ඇය ඉතා ආශාවෙන් වැවු දණහිසින් මඳක් පහළට වන්නට තිබූ ඇගේ නිල කේශ කල්්‍යානය ගෙල දක්වා කොටට කිසිදු පිළිවෙලක් නොමැතිව කපා දමා තිබුණා. සුන්දර ආදරවන්තයෙකුගේ ආදරේ පැතූ ඒ සමනලියට අහස පොළොව නුහුළන එම දඬුවම ඔහුගේ මව විසින් ලබා දී තිබුණා.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart