Sale!

Mudu nathi mudu – මුදු නැති මුදු

රු480

Author – Shantha Kumara Vithana
Publisher – Pawana Creations
Publishing year – 2021

Availability: 99 in stock

Add to Wishlist
Add to Wishlist
SKU: MSP000 Categories: , Tag:

“රන්දි මිස්ගේ හස්බන්ඩ් ඇක්සිඩන්ට් වෙලාලු..”
ගුරු විවේකාගාරයේ තේ පානය කරමින් සිටියදී හසිතා එරංගට කීවාය.
“කවදද..”
“ඊයේ රෑ..”
“ලොකු සර් දන්නවා ඇතිනේ.. සර්ට කියලා ඇති නේද..”
එරංග හසිතාගෙන් ඇසුවේය.

*************************

යකඩ රාමු මත තැන්පත් කළ මිනී පෙට්ටියේ පියන ඇරුණි. එහි නිදහසේ වැතිර සිටියේ මනාලයෙකි. කළු කලිසම සහ කෝට් එක ඇඳි ඔහු සංසුන්ය.
එරංග රන්දි අසළට ගියේය.
රන්දි බින්දිගේ වාරුවෙන් මිනී පෙට්ටිය ළඟට ආවාය.
“අනූ.. ෂ..”
ඇගේ මුවින් නැඟුණේ විලාපයකි. ඒ සමඟම ඇය කපා හෙලූ ගසක් මෙන් ඇද වැටුණාය.

*************************

රන්දි ගුරු විවේකාගාරයට ගියාය. ඇය යන විටත් ජයරත්න සර් සහ හසිතා රහස් සාකච්ඡාවක යෙදී සිටියහ. රන්දි දුටු විගස කතාව නතර කළ ඔවුහු කලබල වූහ.
“රන්දි ඔයා ආවාද..?”
හසිතා රන්දිගේ මුහුණ අත ගෑවාය. “ඔයා ලස්සන වෙලා තවත්.. ජයරත්න සර් අඳිනවා නම් මෙන්න මේක තමා මූණ.. බලන්නකෝ පිරිලා තියෙන හැටි…”
රන්දි ඉවත හැරුණේ කෝපයෙනි.
“ඇත්තමයි රන්දි මිස්.. පැය දෙකකට බැරිද ඔයාට මගේ කලාගාරෙට එන්න.. ජයරත්න ඇසුවේය.
“පිස්සුද සර්.. මම දැන් කී පාරක් කිව්වද මට බෑ කියලා..” රන්දි කීවාය.

**************************************

ඉන්නකෝ ඒ කතාවත් කියන්න.. අපේ ස්ටාෆ් එකට අලුත් ටිචර් කෙනෙක් ආවා දීප්ති කියලා.. එයා රන්දිට බතල වගයක් ගෙනත් දුන්නා.. මාත් ඕකෙන් කෑලල්ක් කද්දී ඒ කතාව හංසිටත් ගිහින්.. එදා හවස මෙයා එනවා බතල මල්ලක් උස්සගෙන.. එදා රෑටත් බතල.. පහුවදා උදේටත් බතල. රෑටත් බතල.. ඊළඟ දවසෙත් උදේට බතල.. ආයේ රෑටත් බතල..”
ධනුෂිකාටත් සංජයත් හිනා නොවී සිටිය නොහැකි විය.
“මට එහෙම කළා නම් බතල පිඟාන මූණට යවනවා..” සංජය කීවේය.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart