Sale!

Prana ප්‍රාණ

Original price was: රු750.Current price is: රු600.

Author – Gayana S lakmali
Publisher – Gaya Creations
Publishing year – 2020

Out of stock

SKU: GPG004 Categories: , Tag:
Guaranteed Safe Checkout
Add to Wishlist
Add to Wishlist

“සාරානාත් නුගවෙල කියන්නේ පොලීසියට තවත් එක පුද්ගලයෙක් විතරක් වෙන්න ඇති.. ඒත් මගේ මුළු ජීවිතේම එයයි මචං.. පොලීසිය අතෑරියත් මං ඌව ලේසියෙන් අතාරින්නේ නෑ.. සමහරවිට ඒකිව..”
ඔහු වරද නිවැරදි කළේ කතාව අගට යළි ස්ත්‍රී ලිංග පදයක් එක් කරමිනි.
“උඹ හිතන්නේ රසී ආන්ටි මේක කළා කියල ද..?”
මෙතුක ඇසුවේ ඉදිරිය බලාගෙනය.
“මන්දා මං කල් ඇතුව නිගමනවලට එළඹෙන්නේ නෑ.. ඒත් ඒ ගෑණිවත් මට සැකයි..”
තරුණයා සැක යැයි කීවේ තම පියාගේ බිරිඳය. නමුත් ඇය ආදිත්‍යගේ මව නොවේ. පියාගේ දෙවැනි බිරිඳයි.

******************************

“සියපත්ට මේ කේස් එකනං ලොකු චැලේන්ජ් එකක් වෙයි වගේ..අපි නොහිතුව තරම් ගැඹුරට ආදිත්‍ය කේස් එකට බැහැලා ඉන්නේ..”
“සර් කියන්නේ ආදිත්‍ය කේස් එක යට ගහයි කියලද. නැත්නං අපිට කලින් කේස් එක හොයා ගනියි කියලද.?”
ආදිත්‍ය වැරදිකරු වීමට මෙන්ම නිවැරදිකරු වීමටත් ඉඩ ඇති බව ඇගේ කතාවෙන් නොකියා කියැවිණි.
“මොකකට නමුත් මිනිහගේ ගමන් බිමන් නම් බොහොම වැඩියි..”
“සර් හිතනවද අපි ආදිත්‍යට පැරදෙයි කියලා..”

******************************

“මයෙ අප්පෝ කෙවින් මහත්තයා සෝලි තියාවි.. උන්දෑ දැන් කෑම කාමරේ අධි ආරක්ෂිත කලාපයක් කරලා.. ඇතුළට යන ඒවා. එතන කන ඒවා ආයෙ එන ඒවා සේරම රෙකොර්ඩ් වෙනවා..”
“කෑම කන ඒවා රෙකොර්ඩ් කරලා මොනවා කරන්නද?”
“ඔව් ඉතිං.. අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩක් තියෙනවයි.. දැන් ඉතිං වේනන ඕනේ දේ වෙලා ඉවරනේ..”
වියපත් මිනිසා සුසුම් හෙලුවේ නිහතමානී ප්‍රධානියා සාරානාත් නුගවෙල නාමයෙනි.
“අන්කල් කියන්නේ නැතිවුණ ලොකු සර් ගැන වෙන්න ඇති.. මටත් ආරංචි කවුද සර්ගේ බත් එකට වහ දාලා දුන්නයි කියලා..”
සියපත් කීවේ ඇඟට පතට නොදැනීය.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart