Sale!

Nirupa Rupa නිරූප රූප

රු400

Author – Pawani Umayangana

Publsiher – Pawana creations

Add to Wishlist
Add to Wishlist
SKU: NPP0002 Categories: , Tag:

සුදු පැහැති බොඩිෆිට් ටීෂර්ටයකින් හා තැනින් තැන ඉරුණු ඩෙනිම් කලිසමකින් සැරසී ඩෙනිම් සපත්තු යුවලක් ද පැළඳ සිටි සචින් ධනුද්දර ‘රෆල්’ විලාසිතා නිර්මාණකරණ විද්‍යාස්ථානයට ඇතුල් වූයේ අව් කණ්ණාඩි යුවළ අතට ගනිමිනි.
අඩි හයක් උසැති, උසට සරිලන මහතකින් යුතු ඔහුගේ මුහුණ පුරා රැවුල වවා තිබිණි. උරහිසට පමණ දිගැති හිසකෙස් පීරා තිබුනේ අමුතුම ලතාවකටය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු කඩවසම් විය. අපූරු ගමනකින් ඔහු ආයතනයට ඇතුල් වන විට පිළිගැනීමේ නිළධාරිනියට ඉබේටම අසුනින් නැඟිට්ටවිණි.
“ගුඩ් මෝර්නින්ග් සර්…”
“ගුඩ් මොර්නින්ග්…” ඇයගේ සුබ පැතුමට සචින් පිළිතුරු දුන්නේ ගාම්භීර හඬකිනි. ඔහුගේ මුවඟට සිනාවක්වත් නැඟුනේ නැත.
“ෆැෂන් ෂෝ එකක මෙෂර්මන්ට්වලට එන්න කිව්වා..”
“තර්ඩ් ෆ්ලෝර් එකට යන්න සර්…”
“ඕකේ.. තැන්ක් යූ…”
ඔහු විදුලි සෝපානය වෙතට ඇවිද ගියේ සැහැල්ලු අඩි තබමිනි.

******************************************************

‘මචං…”
ධනේෂ් කතා කළත් ඔහු එදෙසට නොහැරී සිටියේය.
“මොකෝ අවුල…?”
ධනේෂ් ඇඳ මතට බර වෙමින් ඇසුවේය.
දිගු සුසුමක් හෙලූ සචින් එදෙසට හැරුණේය.
“මේ කෙල්ලව මෙහෙ නවත්ත ගන්න එක අවුලක් වගේ බං…”
ඔහු කියද්දී ධනේෂ් එදෙස බැලුවේ පුදුමයෙනි.
“දැන් උඹ ඒ කෙල්ලව එක්කගෙන ඇවිල්ලත් එහෙම කියන්නේ ඇයි..?”
“අනේ මන්දා බං.. මම කවදාවත් වෙන කාවවත් මෙහෙ තියාගෙන නෑ.. එහෙව් එකේ කෙල්ලෙක්..? අනික උඹ දන්නවනේ.. අර කම්පැනි එකත් එක්ක තියෙන ඇග්‍රිමන්ට් එක නිසා මට තව ෆයිව් ඉයර්ස් යනකම් මැරි කරන්න බෑ..”
“නේත්‍රාව මෙහෙ එක්ක ආවේ මැරි කරන්න ද.,?”
“උඹට පිස්සුද යකෝ..?” සචින් කෑ ගැසුවේ සැබෑම කෝපයකිනි. එහෙත් ඔහුගේ කෝපයට ධනේෂ් නොසැලුණේ සචින්ගේ සිතේ සැඟවුනු යමක් ඇති බව වැටහුනු නිසාය.
“මම කියන්නේ මචං එහෙම සිටුවේෂන් එකක මේ ගෙදර කෙල්ලෙක් ඉඳලා ඕවා මීඩියාස් දැනගෙන රටේ නැති කතා අහන්න වුණොත් මම ආස නෑ.. උඹ දන්නවනේ.. අපේ අම්මලා ඕනේ කාලේ මාව දාලා ගියාට දැන් මම ගැන හොයනවනේ.. අනික මේ කෙල්ලගේ තාත්තලා හොයාගෙන ආවොත් තව අවුලක්..”

********************************************

ඇය කුස්සියට යද්දී සචින් ඇඳුම් මාරු කරගෙන වතුර එකක් උණුවෙන්නට තබා පිටත පැද්දෙන ඔංචිල්ලාවේ වාඩි වී සිටියේය.
ඇය ඔහුට ළංව එහිම අසුන් ගත්තාය. මඳක් එහාට වූ ඔහු ඇගේ උකුල මත හිස හොවා ගත්තේය. පිටතින් කෙතරම් සැඩ පරුෂ ලෙස හැසිරුණත් ඔහුගේ අභ්‍යන්තරයේ අහිංසක කුඩා දරුවෙකු සිටින බව නේත්‍රා දැන සිටියාය. ඔහුගේ මවගෙන් නොලැබුණු සෙනෙහස ඔහු විටෙක නේත්‍රාගෙන් සෙව්වේය. ඇය, ඔහුගේ නළලත සිපගෙන හිස සෙමෙන් පිරිමදින්නට වූවාය.
“ඔයා කලු වෙලා..”
ඇය කීවේ ඔහුගේ මුහුණ දෙස බලාගෙනය.
“හ්ම්ම්.. හවස බීච් එකේනේ බබා හිටියේ…”
“නෑවා ද..?”
“නෑවුනා.. මුහුදේ ෆොටොස් ගත්තේ… මගේ ෆෝන් එකේ ෆොටෝස් ඇති… බලන්න..”
ඔහු ස්ටූලය මත ඇති සිය ජංගම දුරකථනය පෙන්නුවේය.
“අනේ මට එපා.. හෙලුවෙන් කෙල්ලෝ බදාගෙන ඉන්න ෆොටෝස් ඇති..”
ඇය දෙතොල් උල් කරමින් කීවාය.
“ඉරිසියාකාරි..”
ඔහු ඇගේ කුස සැපුවේය. “කෙල්ලෙක් නම් බදාගෙන හිටියා… හැබැයි හෙලුවෙන් නෙමෙයි.. ස්විමින්ග් ට්‍රන්ක් අඳින්න තිබ්බ එකත් මම ඇන්දේ නෑ… උන් තරහත් වුනා ද මන්දා..”

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart