Sale!

Senorita සෙනොරීටා

රු720

Author – Pawani Umayangana
Publisher – Pawana creations
Publishing Year – 2021

Out of stock

Add to Wishlist
Add to Wishlist
SKU: SPP000 Categories: , Tag:

“උඹට කිව්වා මම මාව නොබැන්දත් දාලා යන්න එපා පේන මානෙක හිටපං කියලා.. උඹ කළේ මොකක්ද..? අතුරුදහන් වෙලා මාව නොමරා මැරුවා.. තමුන් නිසා කෙනෙක් මරන්න වුණත් මම ලෑස්ති වෙලා ඉද්දී තමුසෙ හැංගිලා ආතල් එකේ හිටියා..”
ඇගෙන් පිළිතුරක් බලාපොරොත්තු නොවීම ඔහු යළි ඇය සිප ගන්නට වූයේ ඇයට රිදවාලමිනි. ඔහු ඇගේ ළමැද මතට රිදුම් දෙද්දී ඇය කෙදිරිල්ලක්වත් නොනඟා එම වේදනාව දරා ගත්තාය. මොහොතකින් ඇගේ ළමැදෙන් දෙතොල් මුදා ගත් රනුල , ඇය දෙස බැලුවේ ඇගේ නිහඬ බව නිසාය. දෙනෙත් පියා ගත්වනම ඇය කඳුළක්වත් නොසලා සිටියදී රනුලට දරා ගන්නට නොහැකි විය.
“පිණිපා.. තමුසෙට රිදෙන්නේ නැද්ද..? ඇයි රිදෙනවා කියන්නේ නැත්තේ..?”
ඔහු ඇගේ දෙඋරහිස්වලින් අල්ලා වේගයෙන් සොලවමින් අසද්දී සෙමෙන් දෙනෙත් විවර කළ ඇය සිනාවක් පෑවාය.

*************************

ශානිකා ඇඳ මත වැතිරී සිටිනු දකිද්දී ඔහු තුවාය ගත දවටා ගනිමිනි ඇයට ළං විය.
“ශානි.. ශානි..”
ඇය කිහිප වරක් වේගයෙන් ඇසිපිය සලමින් දෙනෙත් විවර කළාය.
“මොකද කලින්ම නිදි..? අසනීපයක් ද.,?”
“නෑ.. නින්ද ගියා.. මහන්සියි.. දැන් ද ආවේ..?”
“හ්ම්ම්..”
“කව්ද යාලුවා..”
ඇය අසද්දී ඔහු මොහොතක් කල්පනා කළේය. බොරු කියා ඇය රවටන්නට ඔහුට වුවමනා නොවුණත් පිණිපා පිළිබඳ පැවසීම සුදුසු දැයි ඔහුට සිතා ගත නොහැකි විය.
“පිණි..” ඔහු ඇගේ මුළු නමම නොපවසා බත් පිඟාන දෙස බලාගෙන කියද්දි ශානිකා ඔහු දෙස බැලුවේ වුවමනාවෙනි.
“පිණි..? ඒ කව්ද ඒ..? මම දන්නේ නෑනේ එහෙම කෙනෙක්.. ගෑනු නමක්නේ අනික ඒක..”
“හ්ම්ම් ඔව්.. ගෑනියෙකුට ගෑනු නමක් නැතුව පිරිමි නමක් තියෙන්නයැ..”
“එතකොට ඔයා බෙහෙත් ගන්න ගියේ රෑ හිටියේ ගෑනියෙක් එක්ක ද..?”

********************

“යමුද දැන්වත්..?”
“කොහෙද..?”
ඇයට ඉබේම ඇසිණී.
“කොහෙද අහන්නේ.. ගෙදර යන්නේ නැද්ද..?”
“මට ගෙයක් නෑනේ දැන්..?”
“තමුන්ට මාව විශ්වාස නෑ නේද..?”
“එහෙම නෙමේ සෙනොර්.. මම ඇත්තනේ කිව්වේ… මට ගෙයක් නෑ.. ඔයාට බබෙකුත් ඉද්දී මම කොහොමද ඔයා ඉන්න තැනකට ඇවිත් ඉන්නේ..?”
“ඒක මම බලා ගන්නම්..”
“ඒ වුණාට..”
“කට වහගන්නවා..”

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart