Sale!

Thuraga Mayam තුරඟ මායම්

රු320

Author – Pawani Umayangana

Publisher – Pawana creations

Add to Wishlist
Add to Wishlist
SKU: TPP0002 Categories: , Tag:

ඔහුට මසකට ලැබුණේ රු. 25 000ක මුදලකි. එම මුදලින් ඔහු සිය පවුලම නඩත්තු කළ යුතු විය. සිය පෞද්ගලික වියදම් සඳහාත් නිවසේ වියදම් සඳහාත් ඔහු සිය සම්පූර්ණ වැටුපම වැය කළේය. මාස්පතා පඩිය ඔහු කොටස් වශයෙන් බෙදා වැය කරන නිසා අමතර වියදමක් දැරීම අපහසු විය. ඔහුගේ වැටුපට අමතරව නිවසට ඇති එකම ආදායම අක්කාට ලැබෙන නඩත්තු මුදල පමණක් විය. එහෙත් පිළිවෙලකට නොලැබෙන එම මුදලින් ද ඉතුරුවක් නොවිණි.
සිථිල කල්පනා කළේ නැඟණියට අවශ්‍ය මුදල් ලබාදෙන ආකාරය පිළිබඳවයි. ඔහු සිය ඔරලෝසුවට දෙනෙත් යොමු කළේය.
“ටේ්‍රන් එක හතහමාරනේ.. තව විනාඩි 20ක් තියෙනවා..”
ඔහු තමාටම මුමුණා ගත්තේය.
දුම්රිය ස්ථානයට ගොඩ නොවැදුණු ඔහුගේ දෙපා හැරුණේ ඒ අසළ තිබූ විශාල බිල්ඩිම වෙතටයි. එහි ඉදිරිපස ‘ස්පෝර්ටින් ටයිම්ස්’ යනුවෙන් විශාල බෝර්ඩ් එකක් ගසා තිබිණි. ඔහු එයට ඇතුල් විය. ඔහු එහි ගියේ අශ්ව රේස් වෙනුවෙන් ඔට්ටුවක් ඇල්ලීම සඳහායි.
එහි එක් කෙළවරක ඉහළින් රූපවාහිනී පෙළක් සවි කර තිබිණි. අනෙක් පස තිබූ පත්තර ලෑල්ල මත පත්තර ගොඩ ගසා තිබිණි. ඒවා සාමාන්‍ය එදිනෙදා තොරතුරු ඇතුළත් පුවත්පත් නොවිණි. ඒවායේ ඇතුළත්ව තිබුණේ අශ්ව රේස්වලට අදාළ පැරණි තරඟ පිළිබඳ තොරතුරුය. අනෙක් කෙළවරේ තිබූ කවුන්ටරය පිටුපස සිටියේ යුවතියකි. සිථිල ඇය අසළට ගියේය.
“ගුඩ් මෝර්නින් නිම්නා..”

******************************************

දුම්රිය සෙනඟින් පිරෙද්දී ඔවුන් දෙදෙනා තවත් තෙරපිණි. ටේ්‍රසි පසෙකට තල්ලු වී වැටෙන්නට ගියාය. සිථිල ඇය අල්ලා ගත්තේය.
“මෙහෙම වෙද්දී මට හරි අමාරුයි.. හුස්ම ගන්නත් බෑ වගේ..”
ටේ්‍රසි අපහසුවෙන් මිමිණුවාය. ජනේලයක් අයිනට ඇයව තල්ලු කළ සිථිල ඇගේ උරහිස මතින් අත තබා ගත්තේය. දුම්රිය ගැස්සෙමින් ගමන් අරඹද්දී දොරෙහි එල්ලීගෙන සිටි පිරිස ඇතුලත සිටි අය තවත් ඇතුළටම තල්ලු කරන්නට වූහ.
“ඇතුළට යන්නකෝ ඔතන හිටගෙන ඉන්නේ නැතුව.. තව සෙනඟ දොරේ ඉන්නවා..”
දොරේ සිටි අය කෑ ගැසූහ. සෙනඟ තවත් පිරෙද්දී ටේ්‍රසි වඩාත් නොසන්සුන් වූවාය.
“ඔයාට අමාරු නම් සීට් එකක් ඉල්ලලා දෙන්න ද..?”
ඇය අපහසුවෙන් සිටින බව වැටහුණු සිථිල විමසුවේ කරුණාවෙනි.
“නෝ නෝ ෆයින්..” ඇය අතේ තිබූ ටිෂූ කඩදාසියෙන් මුහුණෙහි දහඩිය තෙත මාත්තු කර ගත්තාය. දුම්රිය ගමන් කරන විට හුළං දුම්රිය තුළට පැමිණෙන්නට වූ නිසා ඇය මඳක් සන්සුන් වූවාය. එහෙත් මඳ දුරක් ගමන් කරන විට ඇය සිථිලගේ සිරුරට බර විය.

******************************************

එක් තරඟයක් නැරඹූ සිථිල ඊළඟ තරඟය වෙනුවෙන් අංක හතර ලෙසින් නම් කර තිබූ සුනඛයාට වින් ඔට්ටුවක් ඇල්ලුවේය. රුපියල් 100ක ඔට්ටුවක් ඒ වෙනුවෙන් ඇල්ලූ ඔහු ප්ලේස් ඔට්ටුවක්ද ඇල්ලුවේය. එම ඔට්ටුව වෙනුවෙනුත් ඔහු රුපියල් 100ක් යෙදවීය.
ඔහු ඔට්ටු අල්ලන විටම තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු ද මෙම තරඟය ස දහා ඔට්ටු ඇල්ලීය.
විනාඩි පහකට පසුව සුනඛ දිවීමේ තරඟය පරිගණක තිරය මත පෙන්නුම් කළේය.
“රුපියල් සීය අපරාදේ වෙයි ද මන්දා..”
තමන් වින් ඔට්ටුව ඇල්ලූ සුනඛයා පසුගාමි අන්දමින් දුවනු දකින විට සිථිලට සිතිණි.
එහෙත් ඔහු වාසනාවන්ත විය. අන්තිම තත්පර කිහිපයේදි අංක හතර සුනඛයා අනෙක් සුනඛයින් පරාජය කරමින් ජයග්‍රාහී සීමාව පසු කළේය.
“යර්ස්..” සිථිලට කියැවිණි.
ත්‍රිමාණ සුනඛයින් එක දෙක තුන ස්ථානවලට පැමිණ තිබුණෙත් ඔහු නම් කර තිබූ අන්දමින්ය.
වින් ඔට්ටුව සඳහා රුපියල් 500කුත් ප්ලේස් ඔට්ටුව සඳහා රුපියල් 300කුත් ලෙසින් රුපියල් 800ක් දිනා ගැනීමට සිථිලට හැකි විය.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart