Sale!

Duuvili Sihina දූවිලි සිහින

රු880

Author – Dilrukshi Gamage
Publisher – Sithuwili publication

Year – 2023

Availability: 5 in stock

Add to Wishlist
Add to Wishlist
SKU: DDS 001 Categories: , Tag:

අද පෙර පෝය දවස. ඒ දේවනී වෙද ගෙදර වැඩ කරපු දවසක් නෙමෙයි. පෝයට කලින් දවසේ දේවනී හවස අනුරාධපුරේ යනවා. ඒ කරුණාපාල මාමාත් එක්ක. දේවනීගේ සිල් සමාදන් වීමේ පිළිවෙල වෙනස් කොහොමටත් ඈ මසක් මාළුවක් තියා උම්බලකඩ කැබැල්ලක්වත් ආහාරයට ග්නනා කෙනෙක් නෙමෙයි. නිරතුරුවම සුදු වතින් සැරසුණු ඇයට සිල් සමාදන් වීමට අවැසි වුනේ උතුරු සලුවයි පත්කඩයයි විතරයි. දේවනීගේ පසළොස්වක පෝය දවස ගෙවිලා යන්නේ දේ‍රා්නයක් රහතන් වහන්සේලා වැඩ සිටින ලෝකයේ එකම දාගැබ වෙන රුවන්වැලි මහ සෑ රජුන් අබියසරැ එදින ඇගේ රාත්‍රිය ගත වෙන්නෙත් රුවන්වැලි මහ සෑයෙම තමයි. රැයවල් දෙකක් නිදි නොලබා දේවනී මේ විදිහට භාවනා කරන්නේ කොහොමද කියන එක හැමදාම කරුණාපාලට ප්‍රශ්නයක් වුණා. පහුවදා ගෙදරදට ඇවිල්ලත් ඒ ඇස්වලට නින්දක් ලබා දෙන්න දේවනීට වුවමනාවක් තිබුණේ නෑ.

********************************

බරැති ගමන් මලු දෙකක් ඔසවාගෙන පැමිණි සේමිත ආලින්දයේ පඩියක් මත නතර උනේ සිනහමුසුව. තත්පර කිහිපයක් දෙදෙනා ඔවුනොවුන් දෙස බලාගෙන හිටියේ අමතක වෙලා ගිය යමක් සිහි කරන ගාණට. සේමිතට ඇගේ මේ බැල්මේ දැනුණේ වෙනදා නොදුටු අමුත්තක්. ඇත්තටම ඇය තමන්ගේ පුතා දැ්කකේ අවුරුදු තුනකට පස්සේ. නිදහසේ එහෙ මෙහේ යනවට වඩා සේමිත ආරක්ෂිතව වෛද්‍ය විද්‍යාලය ඇතුළේ නැවතිලා අධ්‍යාපන කටයුතු කරන එක දේවනීට අස්වැසිල්ලක් වුණා. වසර ගණනක් පුරා රැකි ඒ රහස දේවනී තමන්ගේ පුතාට එළි කළේ වෛද්‍ය විද්‍යාලෙට යන්න කලින් දවසේ. ඒ රුවන්වැලි සෑ භූමියේදී. එදා ඉඳලා සේමිතත් තමන් ගැන පරිස්සම් වුණා. ඒත් එක්කම ඔහුට අධිෂ්ඨානයක්, බලයක් තිබුණා. එදා රාත්‍රියේ දේවනී ඔහුව සුවිශේෂී ස්ථානයකට යැව්වා. එතනදී මේ විශ්වයත් එක්ක සිද්ධ වුණ ගනුදෙනුවකදී සේමිතට අපූරු බලයක් ලැබුණා. ඒ නිසා ඔහුට කවදාවත් තනිකමක් දැනුණේ නෑ. සේමිත මේ මුළු විශ්වයේම බලාපොරොත්තුවක් උනේ එහෙම.
**********************************
“නිතරම ධනයෙන්, බලයෙන්, කෑදරකමින් ඇවිලෙන පරිසරයක හිත නිවාගෙන ජීවත් වෙන්න ඔයාට පුළුවන් ද.,?”
“එහෙම තමයි මම ජීවත් වුණේ.. ඒ හැමදේම මගේ වටේ තිබුණත් ඒවාට යන්න දුන්නා මිසක්කා අල්ලග්නන උවමනාවක් මට තිබුණේ නෑ. මම කැමැති ඒ නිවුන ජීවිතේට මට ඔයාගෙන් දෙය්ක දැනගන්න තියෙනවා. මං හිතනවා මට මටත් නොතේරෙන මොකක්දෝ හැඟීමකට ආස වෙලා කියලා.. ලෝබ වෙලා කියලා.,”
“මං දන්නවා..”
තත්පර කිහිපයකට පසු ඔහු පැවසුවේ දෙදෙනා අතර තියෙන නිහඬ බව බිඳලමින්.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart