නිශාද් සිටියේය…සුදු මල් ගස යට කාලවර්න උස් සිරුර බැබලුනේය… ඔහු මගේ බ්ලවුසයේ පාටම පොලෝ ටී ශර්ටයකින් සැරසි සිටියේය.. අලු පැහැ නයිකි කොට කලිසමක් හැද සිටියේය… ටොමි හිල්ෆිගර් වර්ගයේ ස්ලයිඩර් සෙරෙප්පු දෙක අතරින් පෙනෙන පා ඇගිලි වල කුනු බිදුවකුදු නැතිය… අත පයට වඩා ඔහුගේ වත කාලවර්න විය.. හිස කේ නලල මතට වැටි තිබුනි…
“පෙරහැරවල් බැලුවා ඇති යං”
එපමනකි…. ඒ හඩ ලගන්නා සුලුය…වශීවන සුලුය… මගේ හදවත නෙක නෙක මල් පිරුනු උයනකට සමවිය…. පියවි ලෝකයේදි කිසිදා සැබෑ නොවන මුරන්ඩු සිහින මම දකිමින් සිටියේ… වයස විසි අටක ගැහැනියකට තරම් නොවන පරිදිය…
ඉතින් වාහනය තුල බොහෝ සුවදටය.ඒ ඔහුගේ සුවදය… මම ඉදිරිපස අසුනට නැගුනෙමි.. කලුපැහැ අව් කන්නාඩි මේ හවස් යාමයේත් ඒ දිලිසෙන ඇස් වසාගෙන තිබුනි..
ඒ දිගු දුඹුරු ඇස් තුල ගිලෙන්නට උවමනාව ඕනවටත් වඩා තිබුනි… මගේ වත මගේ දුරකතනයේ කලුපහැ පසුබිමෙන් පෙනෙද්දි අශ්විනි තරම්ම මා සුන්දර නැති වග දැනුනි..මුහුන එල්ලා ගන්නට එය ඕනවටත් තරම් වැඩිය…
*************************************
“නිශාද්ව ඇරෙන්න මට මොනවත් ඕන නැ මට බයයි දෙයියනේ මොනවා වෙයිද කියලා.. නිශාද් මේ දේවල් වලට ඔරොත්තු දෙයිද එයා ලොකු උස මහත වුනාට තාම පොඩි ලමයෙක්… මං ආදරේ කියන දේ ඉගෙන ගත්තේ නිශාද්ගෙන් මට ආදරේ කලේ ඔයාලා ඉතින් මං මොකටද ආයේ යන්නේ…ආයේ ගියොත් මට එන්න බැරිවෙයි කියලා මට නිශාද් කිව්වා…ඉතින් මට යන්න ඕන නෑ..මට කවදාවත් යන්න ඕන නැ…”
“අපි සතුටින් ඉමු පුතේ…”
මම කදුලු පිසදා ගත්තෙමි…නීලමනි නැන්දා මගේ හිස අතගා සයනය මත ඉන්දවුවාය…ඇය මගේ කොපුලක් සිපගෙන කාමරයෙන් එලියට ගියාය…
Reviews
There are no reviews yet.