Sale!

මගේ පත්තිනි දේවතාවී – චන්දි කොඩිකාර

Original price was: රු 1,500.00.Current price is: රු 1,200.00.

  • USD: 3.62$

Book – Mage paththini dewathavi

Author – Chandi kodikara

Publisher – Rathsara poth

Add to Wishlist
Add to Wishlist
Categories: , Tag:
Guaranteed Safe Checkout

“මං හුඟක් වැරදි කරපු කෙනෙක් සුදු මැණිකේ.. ආපහු හැරිලා ගිහින්ඒ වැරදි හදාගන්න දැන් මම පරක්කු වැඩියි..”
“කවදාවත් කිසිම දේකට පරක්කු වැඩියි කියලා හිතන්න හොඳ නෑ මිගාර… අපි හෙමිහිට ඒවා හදාගන්න බලමු..” මම ආදරයෙක් කීවෙමි.
“මම දැක්ක ගෑනුන්ගෙන් හොඳම ගෑනි ඔයා සුදු මැණිකේ.. කොටින්ම පත්තිනි දේවතාවී කියන්නේ ඔයා වගේ ගෑනුන්නට වෙන්න ඇති.. ඒත් පව්කාර අපිට දේවතාවියෝ ළඟ ඉන්න වරම් නෑ.. ඔයා දරුවත් හදාගෙන මේ ගෙදරට වෙලා ඉන්න.. කොහොමත් මේ ගේ අයිති වෙන්නේ මගේ දරුවට.. සනීප වුණ ගමන් මම යනවා සුදු මැණිකේ..” ඔහු හඬන්නට ඔන්න මෙන්න ස්වරයෙන් කියාගෙන ගියේය.
මට දැඩි බියක් දැනිණි. මම ඔහු ඉදිරියේ දණ ගසා ඔහුගේ දෑත අල්ලා ගතිමිනි. මේ සිටින්නේ මගේ සැමියා මිස මට අපමණ වද දුන් මිනිසා නොවන්නේ යැයි මට සිතිණි.
“මිගාර මොනවද ඔයා මේ කියවන්නේ..? මම මෙච්චර කල් ඔයා දුන්න දසවද ඉවසාගෙන හිටියේ මටයි දරුවටයි ඔයාව ඕන හින්දා.. අපි තු-න්දෙනාට එක ගෙදරක ලස්සනට ජීවත් වෙන්න කවදා හරි දවසක පුළුවන් වෙයි කියලා හිතුණ හින්දා.. අපි එහෙම ඉඳිමු මිගාර.. අනේ ප්ලීස් අපිව දාලා යන්න නම් හිතන්නවත් එපා.. ඔයා මොන තරම් ගෑනු ආස්සරේ කළත් මම ඔයාට කිසිම දෙයක් කියන්නේ නෑ.. ඔයා දරුවගේ අප්පච්චි විදියට විතරක් අපිත් එක්ක ඉන්න..” මා පැවසුවේ හඬමිනි.
කිසිම දෙයක් නොකී මිගාර හෙමිහිට මගේ හිස පිරිමැද්දේය. ඔහුගේ ඇසකින් ගිලිහුණු කඳුළක් මගේ අතට වැටිණි.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart