Sale!

ඩෙනිස් යිලාන් Deniz Yilan

රු800

Author – Pawani Umayangana
Publisher – Pawana Creations
Year – 2023

Add to Wishlist
Add to Wishlist
SKU: DPP 0003 Categories: , Tag:

“නදීර ප්ලීස්.. ඔහොම කියන්න එපා.. මම ගිහින් ආවනේ.. ඇයි ඔහොම පළිගන්නේ..?”
අනූපමා විමසුවේ බැගෑපත් හඬිනි.
“පළිගන්න..? මම මොකටද පළිගන්නේ..? ඇයි තමුන් මගේ කව්ද..?” ඔහු අසද්දී ඇගේ දෙනෙත්වල කඳුළු පිරිණි.
“මම ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්නේ.. මම ඔයාට ආදරෙයිනේ..”
“හහ් ආදරෙයි.. ආදරේ වැඩිකමට වෙන්න ඇති මම එපා කියද්දී වෙන රටකට ගිහින් කොල්ලෝ එක්ක නටලා ආවේ..”
“මොනවද අනේ මේ කියන්නේ..?”
අනූපමා විමසුවේ ඔහු පවසන දෙය වටහා ගත නොහැකිවය.
“කියන්නේ..? කියන්නේ කරපුවා.. තමුන් තව මොනවා මොනවා කළාද කියල නම් මම දන්නේ නෑ.. සමුද්‍ර ජීවියෝ ගැන කෙසේ වෙතත් එහෙ හිටපු පිරිමි ජීවියෝ ගැන නම් හොඳට ඉගෙනගෙන ඇති..”
“නදීර..”
ඇය දැඩි හඬින් කියමින් ඔහුගේ අතින් යළි අල්ලා ගත්තත් ඔහු එසැණින් අත ගසා දැමුවේය.
“මේ මේ වෙන එවුන්ගේ ඇඟේ වෙලිලා ඉඳලා ඒ පුරුද්දට මගේ ඇඟේ වෙලෙන්න එන්න එපා…”
“මම මොකෙක්ගෙවත් ඇඟේ වෙලුණේ නෑ.. කෝර්ස් එක ඉවර කරලා ආවා විතරයි… හැමදාම උදේ ඉඳන් රෑ වෙනකම්ම අපිට කරන්න දේවල් තිබුණා..”
ඇය කියද්දී ඔහු කට කොණකින් සිනාසුණේ ඇගේ වදන් අවඥාවට ලක් කරන්නාක් බඳුවය. සිය ජංගම දුරකථනය ගත් ඔහු එහි තිබූ ඡායාරූප ඇයට දිස් වෙන සේ දුරකථනය ඇල්ලුවේය.
එහි තිබුණේ ඇය පාඨමාලාව අතරතුරදී ගත් ඡායාරූප එකතුවකි.

**************************

තමා ගෙනැවිත් තිබූ පස් සාම්පල් කොටස් පහ ප්ලාස්ටික් බඳුනකට දමා එය මිශ්‍ර කරන සහායකයා දෙස මහාචාර්ය ජේම්ස්, බලාගෙන සිටියේය.
පාවෙමින් පැවති බිම්කඩේ අඩි හතරක් පමණ යටින් ගත් පස් සාම්පලවල ඇති පත්‍ර කොටස් ඉවත් කොට පිරිසිදු කිරීමෙන් පසු ඒවා එකට මිශ්‍ර කර ඉන් කොටසක් අණ්වීක්ෂය මඟින් පරීක්ෂා කරනු ලබයි.
සිය සහායකයා ඒවා අණ්වීක්ෂයේ කදාව මත තැන්පත් කරන තුරු බලා සිටි මහාචාර්යවරයා පරිගණකය වෙත නෙත් හෙලුවේය. පරිගණකය මඟින් පරීක්ෂා කෙරුණු පස් සාම්පලයේ පීඑච් අගය ඇතුළු තොරතුරු ක්‍රමයෙන් තිරය මත දිස් වෙන්නට පටන් ගත්තේය. එම සාම්පලයේ සිදුරු නොතිබූ අතර සියල්ල ජලයෙන් සංවෘත වී තිබිණි. සවිවර ද්‍රව්‍ය දක්නට නොලැබුණු අතර ප්ලවාංග හා ඓන්ද්‍රීය ද්‍රව්‍ය දක්නට තිබුණේ ඔහුගේ පෙර උපකල්පනය නිවැරදි කරමිනි. මෙය මුහුදු පත්ලේ තිබූ බිමකින් වෙන් වී මතුපිටට පැමිණි කොටසක් වග ඔහු තහවුරු කර ගත්තේය.
කුඩා සටහන් පොතක සටහන් කිහිපයක් යෙදූ ඔහු පස් සාම්පලය තැන්පත් කර තිබූ කදාව අතට ගෙන එහි වැසුම් පෙත්ත ඉවත් කළේය.

************************************
“දැන් අපි කව්රු කව්රුද මේ ගමන යන්නේ..?”
මඳ නිහැඬියාවකට පසු හැනා විමසුවේ ජේම්ස්ගේ මුවඟ කුඩා සිනාවක් මතු කරමිනි.
“මෙහෙමයි.. හරි නම් අපි කට්ටියම යන්න ඕනේ… අපි ටික විතරක් මදි.. තව අපේ විෂයයන් සම්බන්ධයෙන් දැනුමක් තියෙන කීප දෙනෙක් ඕනේ.. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මේ ගමනේ තියෙන භයානකකම නිසා අපිට කාටවත් එන්න කියලා බල කරන්න බෑ.. එන කෙනෙක්ට කැමැත්තෙන් එන්න කියලා විතරයි මට කියන්න වෙන්නේ.. අගමැතිතුමාගේ තීරණේ නම් මම දන්නේ නෑ.. ඒත් එයා අපේ කණ්ඩායම ගැන ප්‍රශ්න කරන එකක් නෑ..”
සියලු දෙනා මුහුණෙන් මුහුණ බලාගෙන කල්පනාවට වැටුණේ සිය ජීවිතය අනතුරේ හෙලාගෙන මේ ගමන යා යුතු ද යන්නය.
“අපි පිටින් කාවද සම්බන්ධ කර ගන්නේ..?”
තමාගේ පැමිණීම නොපැමිණීම ගැන දැනුම් නොදී ෆෙරිත් විමසුවේ ය.
“නාවික හමුදාවේ කණ්ඩායමක් කොහොමත් එකතු වෙයි. ඊට අමතරව කණ්ඩායමක් හොයාගන්න ඕනේ..”
ජේම්ස් කල්පනාකාරීව මිමිණුවේය.
“ජේම්ස්ට මතකද දන්නේ නෑ ටික දවසකට කලින් රටවල් කීපෙකින් තරුණ ගෑණු පිරිමි ළමයි ටිකක් ඇවිත් මුහුදු ජීවීන් ගැන, කිමිදුම් ගැන පුහුණු වීමක් කළා.. එයාලව අපිට සම්බන්ධ කර ගන්න පුළුවන් නම්..”
හැනා හඬ අවදි කළේ මිනිත්තු කිහිපයක නිහැඬියාවකින් පසුවය.
“ආ අර ශ්‍රී ලංකාවේ ගෑණු ළමයෙක් එහෙම හිටිය පුහුණුව නේද..?”
ෆෙරිත් එක්වරම විමසුවේ සියල්ලන් සිනා ගන්වමිනි. ඔවුන්ගේ සරදම් සහගත සිනා දකිද්දී ඔහු මුහුණ හකුලාගෙන බිම බලා ගත්තේ මුවින් පිට වූ වදන් ගැන කණගාටු වෙමිනි.
“මොකද ෆෙරිත්ට ඒ ගෑණු ළමයාව විශේෂයෙන් මතක..?”
ඇලෙක්ස් ඔහුට සරදම් කළේය.
“ඒ ළමයා දක්ෂයි.. අනික ආසියානු රටවල්වල ගෑනු ළමයි වැඩිය ඒ වගේ දේවල්වලට එන්නේ නෑනේ.. ඒ නිසයි මට මතක තිබ්බේ.. වෙන දෙයක් නෑ..”

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart