Sale!

කොක්මොටේ Kokmote

රු880

Author – Chethana Nanayakkara
Year – 2023
Publisher – Sadee Publication

Add to Wishlist
Add to Wishlist
Categories: , Tag:

2006 මැයි මාසයේදී විල්පත්තුවේ කට්ටාරම්බු විල ප්රදේශයේදී සිදු වූ බෝම්බ ප්රහාරයකින් දේශීය සංචාරකයන් පිරිසක් සම්පූර්ණයෙන් ඝාතනයට ලක්වෙනවා.ඒ සාම සාකච්ඡා නිසා උද්යානය විවෘත කර තිබූ කාලය.මේ ප්රහාරයෙන් මිය ගියේ කොක්මොටේ බංගලාවේ නැවතී සිටි සංචාරකයින් පිරිසක්.ඒ ප්රහාරයෙන් කීර්තිමත් ලේඛකයෙක් වූ The road from the elephant pass නවකතාව ලියූ නිහාල් ද සිල්වා මහතාත් මිය යනවා.පසුකාලීනව සිනමාවට නැගුණු අලිමංකඩ චිත්රපටය මේ නවකතාව පදනම් කරගෙන නිර්මාණය වූවක්.මේ ප්රහාරය නිසා දිවි අහිමි වූ එක්තරා ගැහැණියක් මේ බංගලාව අවට හොල්මන් කරනවා යන කටකතාව කාලයක් තිස්සේ පවතින කටකතාවක්.

කොක්මොටේ යනු බුරුත සහ කළුවර ලී භාවතාවෙන් නිර්මාණය කරන ලද ආරුක්කු හැඩයේ බංගලාවක්.එය 1979 වසරේදී ඉදිකිරීම් අවසන් කරන ලද අතර කණ්ඩලම heritance,වාද්දුව blue waters,ශ්රී ලංකා පාර්ලිමේන්තුව වැනි විශිෂ්ට නිර්මාණයන් කරන ලද ජෙෆ්රි බාවාගේ අද්විතීය නිර්මාණයක්.මේ බංගලාව විල්පත්තුවේ සිට 48 km දුරින් පිහිටා ඇති අතර මෝදර ගං ආරුව අසල මනරම් ඉසව්වක ඉදි කර තිබෙනවා.

 

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart